එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය.
එය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් එජාපයට පාවිච්චි කළ නිර්පාක්ෂික අපගේ ඡන්දය ඔහුට කිසිවිටක හිමි නොවේ.
මෙවැන්නෙකුට රටක නායකත්වය ලැබීමත් භයානකයි.
නමුත් දිනන්න අමාරුවෙනවා. ලොක්කා කරපු පිස්සු වැඩ වලට...
එජාපයේ අපට අත්දැකීම් බහුල නායකත්වයක් තිබියදී, ඒ වගේම උගත්අය රැසක් සිටියදී සාපෙළ අසමත් අයෙකුට යටවීම අපරාධයක්..
එතකොට රනිල් මහත්තයාගේ කොන්දේසි වලට යටත් ද? එහෙම කොන්දේසි වලට යටත් නැද්ද? රනිල් මහත්තයට තියෙන්නේ බලය ගන්න.. තමන්ගේ දේශපාලන ජීවිතේ කිසිම දවසක ජනාධිපති පුටුවේ ඉඳගන්න බැරිවුණා.. මෙදා සැරේ තමයි තියන එකම චාන්ස් එක... එ්කටත් හෙනහුරා පාත්වුණා වගේ සජිත් ආවා.. දැන් කරකියා ගන්න විදිහක් නැහැ. ඕක තමා සත්‍ය...
සජිත් මහතාත් අපේක්ෂකත්වය ගත්තේ එතුමාගේ සදාදරණීය පියාණන් වගේ බලෙන් . පියා පසු කාලෙක පක්ෂය ඇතුලේ සියලුම නායකයන් කපා දැමීමට කටයුතු කළා. අගමැතිකමට කව්රුවත් දන්නේ නැති අයෙක් දැම්මා.
අපේ අනාගත ජනාධිතිපතිතුමනි ඔබට අපේ සුභ පැතුම්.
ගමන සුබයි ජය නියතයි... බයියන් කපෝතියි..
රජයේ තියෙන සොච්චම් අරමුදලත් මහජනයාට නිකන් බෙදලා ගෙවල් හදලා, රටේ ආර්ථිකය වල පල්ලටම දමන්න තමයි යන්නේ. ඊට අමතරව රිෂාඩ්, TNA සහය අරගෙන ඒ අයගේ සියලු අවශ්‍යතා ඉටුකරන්නත් වෙනවා. කරු ආවා නම් මීට වැඩිය හොඳයි.
සජිත්ට එජාප පාක්ෂිකයන්ගේ ඡන්ද 100% ක් ආකර්ෂණය කරගත හැකිය. ගෝඨාට පොහොට්ටුවේ ඡන්ද 100% ආකර්ෂණය කර ගත හැකිය. එහෙත් මේ දෙදෙනාටම මධ්‍යස්ත මතධාරී උගත් හා දේශපාලන අවබෝධයකින් ඡන්දය දෙන නිර්පාක්ෂික ඡන්ද ආකර්ෂණය කරගැනීමට නොහැකිය. ඒ නිර්පාක්ෂික ඡන්ද මෙවර නිවැරදි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන විකල්ප අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක වෙනුවෙන් පාවිච්චි වෙනු ඇත.
සජිත්ට අපේක්ෂත්වය ලබාගැනීමට කියන ඕනෑම කොන්දේසියකට එකඟවීමට අමාරු නැත. එසේවන්නේ ඒ කොන්දේසි ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ ජයග්‍රහණයෙන් පසුව වෙන නිසාය. සජිත්ට කිසිදාක දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙන්නේ නැත. ගෝඨාභයට ඇති ඡන්ද පදනම සුළුකොට තැකීම මෝඩකමකි. හතර ගාතෙන් වැටී යනඑන මඟක් නැතුව සිටි එජාපය ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් පසු යලි පණ ගසා නැගිට ගත්තේය. නමුත් රනිල් ඇතුළු කණ්ඩායම එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැත. එජාපයේ කරුමය එයයි. දැන් ජවිපෙ තනිව තරඟ වදින නිසාත් ප්‍රභල විකල්ප අපේක්ෂකයින් ඉදිරිපත්වන නිසාත් කාගේ හෝ ජයග්‍රහණය තීන්දු වෙන්නේ ශ්‍රීලනිපයේ ඡන්ද සහ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද මතය. මේනිසා දෙමළ සහ පාවෙන ඡන්ද නොලැබෙන නිසා සජිත්ට දැන් ඇති එකම පිහිට ශ්‍රීලනිපය පමණි. එහෙයින් සජිත්ට අද අපේක්ෂකත්වය ලැබෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ ඔහු ජනපති සමඟ සන්ධානගත වීමටද බැරි නැත. මේ සියලු දෙනා එකතුව රනිල්ගේ දේශපාලන ගමන හමාර කර දැමීමට ගන්නා උත්සාහය තුලින් ඇත්තටම සිදු කරන්නේ එජාපය වැනි ඓතිහාසික පක්ෂයක් වලපල්ලට ඇදගෙන යාමයි.
එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව ස්ථිරයි. ඒ කියන්නේ එතුමා අපේක්ෂක බව මිසක් ජනාධිපතිකම ලබා නොගැනීමත් ස්ථිරයි කියන එක නේද?
සජිත් ජනපති අපේක්ෂකයා කළාට ඔහුගේ මතුගම කතාව හා ඔහුගේ බිරිඳගේ ආර්යා කතාව නිසා රණසිංහ ප්‍රේමදාස යුගයක් නැවත අනවශ්‍යයි කියමින් සජිත්ට ඡන්දය නොදීමට පාක්ෂිකයින්ම සැරසෙමින් සිටයි. හරින්ලා සජිත්ලා රටේ මහජනතාවට එතරම් වටිනා මිනිසුන් නොවන බව දැනගන්න ලැබෙයි බලාගෙන ඉන්න.
අපරාදේ වියදම දුප්පත් අයට දුන්නා නම්, මොකද ඉතින් දැන් බොරු කියලා දිනපු කාලය අවසන්...
සිංහල ජාතියෙන් වැඳලා ඉල්ලන්නේ මේ පාරනම් බෙදන්න එපා.. බදුර්දීන්, හකීම් දෙමළ සන්ධානය ඉන්නේ මොන පැත්තේද, ඒ පැත්තට ඡන්දෙ දෙන්න එපා.. යුඑන්පී එක මේ කරන්නේ තනිකරම රඟපෑමක්. අද මිනිස්සුන්ට බෝම්බ අමතක වෙලා. සජිත්ද, රනිල්ද කියන එක උඩට දාලා පහුගිය අවුරුදු 4 තිස්සේ කරපුවා අමතක කරවලා. තව දෙයක් ගෝඨාභය ආවොත් මිලිටරි පාලනයක් කියලා තමන් තරම් කවුරුවත් නැහැ කියපු පල්ලේවත්ත, නාගානන්දලා අද ගේන්න යන්නේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක.. ඒ කරන්නෙත් සිංහල ඡන්ද කඩන එක විතරයි.. කවුරුවත් 100% නිවැරදි නැහැ.. ඒත් මේ වෙලාවෙ සුළු ජාතීන් හුරතල් කරන කෙනෙක්ට ඡන්දෙ දෙන්න එපා
පියාගේ අඩිපාරේ යන පුතු...
දැන් වෙලාව පස්වරු 2.45 යි. මේ අපි කියවන්නේ පස්වරු 3 ට රැස්වෙනවා යයි කියන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණද? මේ දවස්වල මෙම ප්‍රකාශකගේ පියාණන් ඉස්පිරිතාලෙද? මතකනේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කියූ කතාව...
අවසන් මොහොතේ පොහොට්ටුවේ අපේක්ෂකයා වෙනස් කරන බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබේ.
එක්කෙනෙක් ජනාධිිපති වෙලා රටම කෑවා.දැන් වෙන කෙනෙක් ඉතුරු ටිකත් කන්න ඡන්දේ ඉල්ලනවා.වෙලාවට මෙයාට දිනන්න බෑ.ඒ නිසා කලබල වියයුතු නෑ.නැත්තන් හදිසියෙන්වත් දිනන්නවත් සම්භාවිතාවයක් තිබ්බනම් රට විනාශයි.
අපිට යු.එන්.පි.යේ ඉගෙන ගත්ත දැක්මක් තියෙන කොච්චර මිනිස්සු ඉන්නවද මෙයාට වඩා. ඇයි බැරි වෙන කෙනෙක් දාන්න? පෙට්ටි පෙට්ටි ගෙවල් ගැහුවට මේ මනුස්සයා රටක් ගොඩනගන්න හරි යන්නේ නෑ. විකාර කන්සෙප්ට් තියෙන මිනිහෙක්. දැක්මක් නෑ. තාත්තව විකුණන් කරන දේශපලනෙන්ම තේරෙනවා. නා ගත්ත ඇති බුදු අම්මෝ. රෙද්දක් ඇඳන් පාරේ යන්න බෑ පිස්සෙක් ජනාධිපති කරලා.
දැන් ඉතින් අපිට පියාගේ කාලේ වගේ වැඩ කරගෙන යන්ට පුළුවන්.
තමන් විසින් තමන් ගස් බැඳ ගන්න මිනිසුන් ඉන්න රටක තමන් විසින් තමන්ම ජනාධිපතිකමට තරඟ කරන්න තෝරා ගන්න එක පුදුමයක්ද?
මෙයත් යන්නේ තාත්තාගේ අඩි පාරේ... වැඩ ඔක්කොම එහෙමයි. බලමු කොච්චර දුර යයිද කියලා
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තමයි... අායෙත් එන්නේ එකම මුහුණු ටික, ගියවර කීයක්වත් රැස් කර ගන්න බැරි වූ අය තමා සජිත් මහතා වටේ ඉන්නේ..., මේ පාරනම් ජනතාව රවටන්න බෑ.. ජනතාව මෙවර සිතිය යුත්තේ රට ගැනයි... දෙවනුව බඩ.
මොහු පොරොන්දු වෙච්ච දේවල් කරන්න පුලුවන්ද? ඊයේ කිව්වා පාසල් ළමුන්ට දිවා ආහාර නොමිලේ දෙනවා කියලා. තව කිව්වා පඩිය 50000 කරනවා කියලා. රණවිරු හැම ගෙදරකටම යනවා කියලා. කිසිම දැක්මක් නැති සිල්ලර බොරු කිය කිය මේ වැඩ කරන්න පුලුවන්ද? මේ දුප්පත් රටට.., මේ නායකයෝද? මෙරට අගාධයටම යනවා. මොනවා වුණත් වැදගත් දෙයක් කියන්නේ අනුර කුමාර විතරයි. මේ තුන්දෙනාගේම කතා අහනකොට මෙය තේරෙනවා. අපි අවුරුදු 70ක් මේ දෙපැත්තට දුන්නා ඇති...
මෙයා සහන දෙනවලු. කොහොමද දන්නේ නෑ දෙන්නේ. අාදායමක් උපයන විදිහක් ගෙන දැක්මක්නේ. රටේ කෘෂි කර්මාන්ත කඩන් වැටිලා .ඒවා නගා සිටුවන්න දැක්මක් නෑ.
මෙයා ජනාධිපති වුනොත් 2020 ආඩී හත්දෙනාගේ කැද හැළිය වගේ තියෙයි.
මෙයාලා මොන ගැට ගැහැව්වත් දිනන්නේ නැහැ. සමහර සුලු ජාතිීන් බලන් ඉන්නවා රට ඉදිරියට නොගෙන යාම සදහා තමුන්ගේ පටු අරමුණ ඉටු කරගන්න හිතාගෙන මෙයාලව දිනවන්න. මේ ගමන හොද පාඩමක් ඉගෙන ගනිී. රටේ දේශද්‍රෝහී 70% උඩින් ගෝඨාභය දිනනවා.
හපෝ ඕකත් දෙයක්ද? පොල්පිත්තක් එ.ජා.පෙ. ජනපති අපේක්ෂක හැටියට එවන්නකෝ එ්ත් උඩ පැනලා කරණම් ගහලා එජාපයෝ අනුමත කරාවි...