( නිමන්ති රණසිංහ )
හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද ( 01) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු පොලිස්පතිවරයා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුව අර බෝම්බ සිද්ධියට කියලා .
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසේ විතරක් නෙවේ මුළු ලෝකෙම පළමු වතාවට වෙන්න ඇති පොලිසිය විසින් පොලිස්පතිවරයෙක් මේ වගේ අත් අඩංගුවට අරන් තියෙන්නේ.
හවසට ඇප දේවි. අපි නොදන්න සී.අයි.ඩී
මේවා නම් පැහැදිලිවම පලිගැනීම්. මේ වෙන්නෙ නීතිය නම් නිලයෙ ඉද්දි වැඩ තහනම් කරලා පරික්ෂණ නොකර මෙතෙක් පොල්ගෑවද? කොයි දේශපාලකයගෙ උවමනාවද මේ ඉටුකලේ කියල රටට කිව්වා නම්. නිලධාරින් දේශපාලකයින්ගෙ පුද්ගලික උවමනා ඉටුකරනතාක් කල් මේ රට හදන්න බැහැ
දැන් එක්කෙනෙක්ට ඇප දුන්නා. ඒ වගේම ඩිෆෙන්ඩර් එකකින් කොල්ලෙක්ව පැහැරගෙන ගිය කෙනෙක්ටත් පැය දෙකෙන් ඇප දුන්නා. පොලිස් ලොක්කට මොකද කරන්නේ?
2015 දී දේශපාලන වේදිකාවලට නැගී, පහුගිය ආණ්ඩුවට බනිමින් තනතුරු ලබාගත් මේ යහපාලන පොලිස් නිලධාරියා ගැන ජනතාවගේ ඇත්තේ ප්‍රසාදයක් නෙමෙයි. එත් ප්‍රශ්නය එක නෙමෙයි. මෙච්චර ලොකු තානතුරක් දරපු මොහුව මෙවැනි ඉතාසුලු "බැන තර්ජනය" කිරීමකට අත් අඩංගුවට ගත් අපේ කඩිසර පොලිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර අහිංසක මිනිසුන් තුන්සිය ගානක් මොහොතකින් පරලොව යවපු ප්‍රස්තවාදීන්ව දවසකටවත් පොලිසියට නොගෙන්නුවේ ඇයි කියන එකයි අර වඳ සැත්කම් 8,000 කරලා නූපන් බිලිදුන් දහස්ගනක් මරපු අයට ඇප දීලා ගෙදර යැව්වේ කොහොමද කියන එකයි.
භාවනාව ගිය දුර.
මේවා මහා පොලව නුහුලන යහපාලනයේ අපරාද
පොලිස්පති ඇත්ත හෙළි කරපු එකේ ඵල විපාක.