ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට සුළු වේලාවකට පෙර නම් කළේය.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කළේය.
(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි.. ඔබයි රටේ පැතුම ඔබයි.. බදුර්දීන් බලපෑම් කළේ නැහැ කියන්න කොන්දක් තිබූ නායකයාණෙනි ඔබට ජය. තව අඩු පූජිතයි, හේමසිරියි විතරයි. සිංහල ජාතියට එකමුතුවක් අවශ්‍ය වෙලාවක්... එ්ත් ඊට වඩා ලොකුයි ඩොලර්...
හිතාගන්න බැරි ඇයි? මේ ගෝඨාට එරෙහිව මෙච්චර අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වෙන්නේ මොකද කියලා?
පාස්කු බෝම්බය දැනගත්තේ ඉන්ටර්නෙට් එකෙන් කිව්වා නේද? එක්කෙනෙක් පත්තරෙන් කියවලා ජනාධිපතිකම් කරන්න ගිය එකේ විපාකය අපි දැන් විඳවනවා. දැන් එතකොට ඉන්ටර්නෙට් බලලා රට පරිස්සම් කරන්න හදන කෙනෙක්ගෙන් අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්....
ලංකාවේ ඉහළම තනතුරුවල ඉන්න බහුතරයක් රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තන් බවයි... මෙමගින් තහවුරු වෙන්නේ. නැත්නම් මේ වගේ උගත් මහත්මයෙක් ගඟට ඉනිමං කැපුවා වගේ වැඩක් කරයිද? මොවුන්ගේ අරමුණ පැහැදිලියි.
කොහොමද ගෝඨාභයට තියෙන බය? සිංහල ඡන්ද ටිකක් කඩලා නැවතත් සජිත් දිනවලා, රනිල් විධායක අගමැති කරලා ජාතියේ මිනී පෙට්ටියට අවසන් ඇනේ ගහන මෙහෙයුමට සහභාගී වීමේ පාපයට මෙතුමත් හවුල් වෙනවා. එහෙම දෙයක් නොවී රට කෙලින් සිටුවන්නට සියලුම රටට ආදරේ ජනයා එක්විය යුතුයි. ගෝඨාභය කියන්නේ කිසිම පක්ෂයකට අයත් මිනිසෙකු නොවේ.
මහ ජාතියට ලැබෙන අවසන් අවස්ථාව මේ වගේ සිල්ලර දේවල් නිසා පාවලා දෙන්න එපා. මතක් කරලා බලන්න 2015 බැරක් ඔබාමා පැහැදිලිවම සඳහන් කළා. ඔවුන් කොහොමද ඔවුන්ට ඕනෑ පාලනය ලංකාව තුළ ඇති කලේ කියලා. මේ තවත් එක වියාපෘතියක් විතරයි .. මොවුන්ට කවදාවත් සුළු ඡන්ද ලැබෙන්නේ නැහැ ..මේ කරන්නේ සිංහල ඡන්ද කඩන කූට වැඩසටහනක්.
පුදුම වැඩක්නේ...! ඇයිමේ?
කථා කරන්න එපා. ජනාධිපති සිරිසේන එක්ක එකතුවෙලා උතුරේ ඉඩම් අක්කර ලක්ෂ 2ට එහා හමුදාවෙන් අරං දෙමලුන්ට දුන්නා.
ජාතික ජනතා ව්‍යාපාරය කියන්නේ මොකද්ද? මෙතුමාට උදව් කරන්නේ සරත් ෆොන්සේකා මහත්මයද?
ගියවර වගේම මෙවරත් අැමරිකාව ප්‍රමුඛ පෙරමුණ ක්‍රියාත්මකයි. පළමු අරමුණ ගෝඨා පරාජය කිරිම. දෙවැන්න රට තවත් අස්ථාවර කිරීම. මෙයාලා මේවට අහුවෙන එක කෙතරම් අවාසනාවන්තද?
ජයවේවා!!! තවත් රුපියල් 75000ක් රජයේ භාණ්ඩාගාරයට...
මෙතන යන්නේ වෙන ගේමක්... මේ වෙලාවේ මෙතුමාට දිනන්න බැරිබවත් දැනගෙන මේ ඉල්ලුම් කරන්නේ, ලැබෙන කුට්ටිය ගැන හිතලා..
ජීවිතේ ඇතිවීමක් නැති මිනිස්සු. උඩ ඉන්න අය දන්නවා ඔක්කොම. පරිස්සමෙන්...
සේනලා, ගෝඨලා වැනි අයට ඡන්දෙ දෙන අයට වෙන දේ බලන්නකෝ..?
මේවා සිරිසේන ජනාධිපති වීමේ විපාක. දැන් ඕනෙම කෙනෙක් හිතන්නේ ජනාධිපති කෙනෙක් වෙන එක සිම්පල් වැඩක් කියලා.
සල්ලි දෙයියන්ගේ මල්ලි කිව්වලු...
ඇමෙරිකාව මොනවටද, එයාලගේ පුරවැසියෙක්ට බයේ වැඩ කරන්නේ? පරිස්සම් වුණොත් හොඳයි.
මුණසිංහ, මොකද ඇමරිකාවට ඔච්චරම ගෝඨාව පරද්දන්න වුවමනාව? ගෝඨාගේ දරුවන්, බිරිඳ, සහෝදර බැසිල් ඔක්කොම ඇමරිකන් පුරවසියන්නේ... ගෝඨාගේ දේපල වුණත් ඇමරිකාවේනේ තියෙන්නේ. ඇමරිකාවට ලේසියෙන්ම නටවන්න පුළුවන් අපේක්ෂකයා ගෝඨාභය නේ...
කුජීත වෙච්ච එජාප පාක්ෂිකයින්ට යන්න තැනක්. ෆොන්සේකාට දුන්න සපෝර්ට් එක එයාගේ ගෝලයට දෙන්න.
බැරි වැඩක්නේ කරන්න හදන්නේ.. ඔය ඇඳගෙන හිටපු හැව ඇරියාම ඔයාව රටේ කව්රුවත් දන්නේ නැහැ. ඔබතුමා අහලා ඇතිනේ නයා පොලේ ගිය කතාව... එ්ක තමයි හොඳම නිදසුන...
අගෙයි මහත්තයෝ, හරිම අගෙයි. සිංහලයින්ගේ එකමුතුවක් ඕනෑ වෙලාවේ මේක නම් හරිම අගේ ඇති වැඩක්. ගන්න එක ඡන්දෙකට ඩොලර් කීයක් ලැබෙනවද? සහරාන්, උඹ මරාගෙන මැරුනේ අපරාදේ. උඹට ඕනෑ කළ දේ මෙච්චර අගේට සිදුවෙද්දී... ඔයා නම් මහ මෝඩයෙක්...
මේ රටේ 2020 ජනාධිපති අපේක්ෂකවරුන් අතුරින් නාගානන්ද සහ මහේෂ් සේනානායක වටා හිටියා, අන්තවාදී විනයක් සහ අධ්‍යාපනයක් නැති කම්බහොරු කිසිවෙක් නොමැත.. දැනටම විනිවිදභාවයෙන් සජිත් වටා කොපමණ දූෂිත ජනතා නායකයින් පිරිසක් එක්වෙලා ඉන්නවද කියලා, එ්කනිසා ජනතාව සත්‍ය තේරුම් ගන්න. මේ තමයි ඔබගේ අවසාන අවස්ථාව... මේ අවස්ථාවේදී, අන්තවාදී අදහස් වලින් මිදී රට ගැන හිතන්න.. එසේ නොවුණොත් සංහිඳියාව, සහජීවනය යටපත්ව මුස්ලිම් අන්තවාදීන්, ශරියා විශ්වවිද්‍යාල සහ මුස්ලිම් මූලධර්මවාදී බදියුර්දීන්ලට තෝතැන්නක් වීම නොඅනුමානයි.
ඡන්දෙ දෙන්න ඕනේ ගෝඨාටයි, සජිත්ටයි විතරද? අනිත් මිනිස්සු කල්ලතෝනිද? නියම වහල්ලු ඉන්නේ ලංකාවේ... ඔබට ජය හමුදාපතිතුමනි...
ගෝඨාභය මැතිතුමාට ජය නියතයි...!
ගෝඨාභය ආවොත් මිලිටරි පාලනයක් කියලා විවේචනය කරපු නගානන්ද දැන් එතකොට හිටපු හමුදාපති ගේන්නේ ඇයි ?? තලගොයි කබරගොයි නියාය තමයි
මමත් එකෙන්ම දෙනවා ඡන්දේ හිටපු හමුදාපතිතුමාට. බය නැතුව කියනවා මම එක. මොකද මම කාගේවත් ජරාව කන වහලෙක් නෙමෙයි. කොන්ද කෙලින් තියන් ඉන්න කෙනෙක්. ඔබට ජය..
කඩපල්ලා සිංහල ජන්ද කෑලි වලට කඩපල්ලා. මේවා අහනකොට ගෝඨාට නොදී ඉන්නම තීරණය කරපු ජන්ද ආයේ ගෝඨාට හැරෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හැංගිලා උගුරට හොරා බෙහෙත් බීපු අය සිංහල ජන්ද සුන් කරලා සුළු ජාතී අන්තවාදී කොටස්වල අපේක්ෂාවන් ඉෂ්ඨ කරන්න ඇවිත්. මිනිසුනේ මෙවර සුදුසුම අපේක්‍ෂකයාට ඔබේ ජන්දය නුදුන්නොත් ආයේ මේ රට ගැන නොහිතා ඉන්න එක වඩාත් හොදයි.
ඔබේ සේවය රටට අවැසිම මොහොතයි. සුබ ගමන් සෙන්පතිඳුනි...!
මෙපමණ කලක් හිතාගෙන හිටියේ නීතිගරුක පුද්ගලයෙක් කියලා. දැන් බලනකොට මෙච්චර කල් පොරෝගෙන ඉඳලා තියෙන්නේ සිංහ හමක්... ඉස්සර වගේ නෙවෙයි දැන්, එයාගේ මුහුණ දිහා බලනකොට මට පේන්නේ ඩොලර්. දැන්නම් අපිත් කොහොමත් ගෝඨාභයටම තමයි.
මේ කියන්නට යනදේට ගල් මුල් එල්ලවෙන්නට පුළුවනි. 1956 එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කොමියුනිස්ට් වාදීන් ඉන්දියානු ආශීර්වාදය ඇතිව පෙරට එද්දී, ලංකාවේ කොමියුනිස්ට් රජයක් ඇතිවීම වැළැක්වීමට එජාපයේ නියෝජ්‍ය නායකයා වීරයෙකු මෙන් ඒ මැදට පැන නායකත්වය පැහැර ගත්තා. එයින් ලංකාවේ කොමියුනිස්ට් රජයක් ඇතිවීම වැළකුණා. ඒ සුද්දන් ලංකාවේ විරුද්ධ මතධාරීන්ට විකල්පයක් ලෙස දෙවෙනි පක්ෂයක් බිහි නොකිරීමේ වරද නිසයි. මෙවර එකම මාවතක දෙයාකාරයකට යන පක්ෂ දෙකක් ඇතිව ඇති යුගයක, ඒ දෙපක්ෂය එකම මගක යන බව දැන, ඇතිවූ ජනතා අප්‍රසාදයෙන් බිහිවුණු නිදහස් මතධාරීන් තුන්වැනි පාර්ශවයක් ලෙස නැගිසිටිනවා. මෙයිට දින 30 කට පෙර රනිල් රජයේ හිතෛෂී විශ්වාසවන්ත මුර සෙනෙවියව සිටි මහේෂ්, දින 30කින් අදහස් වෙනස් කොට ඒ තුන්වැනි බලවේගය මැදට පැන නායකත්වය ගෙන සිටිනවා. ඔවුන් නගානන්ද වැනි අනිකුත් විකල්ප කරුවන්ද ඔවුන්ගේ යටතට ගැනීමට උත්සාහ දරනවා..
සේනානායක මහත්මයාට පුළුවන් නම් ඡන්දයෙන් ජයගෙන මේ ව්‍යාජ වීරයන් ටික එලවන්න. ඔබතුමාට ජය වේවා..!
මහේෂ් සේනානායක දින 30ක් තුළ තමන්ව අතිශයින් විශ්වාස කල රනිල්ගේ රජය කෙරේ ඇත්තටම කලකිරී මේ විකල්පයට අාවාද? නැතිනම් රනිල් වෙනුවෙන්ම දුර දිග මෙහෙයුමක් සඳහා පැමිණියාද?
වෙන රටවල නම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වා ගන්න බැරි වුණාම හමුදාපති ඉල්ලා අස්වෙනවා. ඒකට ලංකාවේ නම් ජනාධිපති අපේක්ෂක කරනවා.
99.9%ක් පරාදයි
නාගා හැරෙන්න, කවුරු ආවත් කෑම මේසයට අලුත් දෙයක් ගේන්නේ නැහැ. නාගා විතරයි අලුත් ක්‍රම වේදයක් මගින් 225යේ මහා මංකොල්ලයෙන් අපව බේරා, සැමට එක නීතියක් ගෙනෙන්නේ. ඔහු පවසන සේ ප්‍රඥාවෙන් හිතා, ඔහුගේ ක්‍රමවේදයට ඡන්දය දී, ඔබ දිනන්න. රටත් දිනවන්න. හොරු 225ම තව අවුරුදු 5කට අවශ්‍ය නම් ඔවුන්ගේ අයකුට ඔබේ වටිනා ඡන්දය දී බැන බැන ඉන්න...
ඔන්න තවත් සිංහයෙක් බලු වෙන්නයි හදන්නේ.
මේ පාර පොට වැරැද්ද ගත්තොත් ගත්තමයි... ඒ නිසා අනිවාර්යයෙන් නාගා සහ මහේෂ් සේනානායක මහත්තුරු දෙන්නව ගෙනාවොත් රටටම කිරි ඉතිරෙයි. අනෙක් සියලු දෙනා කෙරුවාව කරලම පෙන්නලානේ තියෙන්නේ ආයි ආවත් ඉතින් එච්චරම තමයි...
දූෂිත පවුල් පාලනේ බලලෝභී බඩගෝස්තරවාදී හොර හැතිකරේ.. ඔවුන්ට වැඩිය බුද්ධිමත් හරිහමන් කෙනෙක් එන එක තමයි හොඳ...
නව අපේෂකයෙකුට තරග කිරිමට ඈති හොඳම අවස්තථාව මෙයයි. මොකද 41% ඉක්මවීම ප්‍රමාණවත් ජනපති වීමට. මහේෂ්ට හොඳ අවස්ථාවක් තියෙනව. සජිත්ටත් යූ.ඇන්.පී ඡන්ද පදනමක් තියෙනවා. සුළු ජාතික ඡන්ද සියල්ලම තියනවා. ගෝඨාභය නිදහස් පක්ෂය සමග එක් නොවී ඡන්ද පදනමක් නැති පොහොට්ටුවෙන් පමණක් තරගයක් දෙන්න අමරුයි. මේකේ ලොකුම අවාසිය තියෙන්නෙ ගෝඨාට.
යුද්දේ ඉවර කරා කියලා ජීවිත කාලයක් බල තණ්හාවෙන් ඉන්නේ. බයිපාස් කරන්න සින්ගප්පූර් යන්නේ.මම කියන්නේනේ යූ.න්.පී හොඳයි කියලා.එයාලත් හොරු. මෙයාලා කම්බ හොරු. වටේ ඉන්න සෙට් එකත් පට්ට හොරු.ඉතින් මේ ක්‍රමය වෙනස් විය යුතුයි.බේබිලාගේ වෙඩින් පෝලිමක් මේ අවුරුද්දේ.ඒවට සල්ලි කොහින්ද? දැන් බලේට එන්න අයේ පොරකන්නේ අපිට සේවය කන්නද? එයාලා වෙනුවෙන්ම තමයි. පරම්පරාවේ ගෑවිච්ච කෙනෙක් හිටියොත් හොරෙක්.රනිලා අනිත්.මේක ගේමක්. කොහොමද සිරා කිව්වේ නම් .විකල්පය තමයි බලන්න වෙන්නේ. ඕකයි තත්වේ.
යහපාල පොලොන්නරුවට යන්න ඉස්සර විධායක බලතල බිංදුවටම කප්පාදු කළොත් ඔක්කොම කණපිට පෙරළෙනවා.. ඇයි කියලා තිබෙන්නේ ඉදිරියේදී ලොකු පිම්මක් පනින්න බලාගෙන කියලා...
අපේ රටේ ඉන්නේ වහල් මිනිස්සු, පක්ෂයක් බදාගෙන මැරෙන්න හදනවා. සජිත් ආවත් ගෝඨා ආවොත් ලොකු වෙනසක් නැහැ. දෙන්නම අකමැතියි අලුත් කෙනෙක් එනවට. මගේ අදහස මේක. පළවෙනි මනාපය තුන්වෙනි පාර්ෂවයකට දෙන්න. දෙවැනි මනාපය සජිත්ට හරි, ගෝඨාට හරි දෙන්න. එතකොට පවතින දේශපාලනය ටිකක් බය වේවි... නැත්නම් වෙන්නේ දෙගොල්ලන් මාරුවෙන් මාරුවට රට කන එක. මොලේ පාවිච්චි කරලා වටිනා ඡන්දය දෙන්න...
මෙතන ඉන්න ඊනියා දේශප්‍රේමීන් කීදෙනෙක් ඇමෙරිකන් වීසා ලැබුණොත් ලංකාවේ ඉඳීවිද?
අපි 225ටම කැමති නැහැ. ප්‍රධාන පක්‍ෂ දෙකම කරන්නේ චීනයට රට විකුණන එක... ඔබට විතරයි පුලුවන් මේ රට බේරාගන්න. ඔබට ජයවේවා ...!!!
මෙයට කොහොමත් 50%ක් බෑ. එ්ත් අරමුණ නැවත එජාප රජයක්...
මම නම් කියන්නෙ පහුගියාව හොයනවට වඩා අවුරුදු 71ක් ගිය විදිය හොඳද බලන්න. ආයෙත් ඒ වගේ පහක් යන එකද හොද අපේ මව්බිමට? අලුතෙන් හිතලා අලුත් ගමනක් යනවද? ගෝඨා හොඳයි. ඒත් වටේට ඉන්නෙ කවුදෙ? සජිත් හොදයි කියමුකෝ. ඒත් වටේට ඉන්නෙ කවුද? තමන්ම හිතන්න.මහේෂ් වටේට ඉන්නෙ ඔක්කොම ඉගෙන ගත්තු අයද බලන්න.හොද අයද බලන්න.
ගෝඨා මේඩ් ඉන් ශ්‍රී ලංකා, මේඩ් ෆෝ අැමරිකා...
යකෝ, සිංහල එකෙක් ඡන්දෙ ඉල්ලන්න ආව ගමන් ගෝඨාගේ ඡන්ද කඩන්න ආව එන්ජීඕ එකෙක් කියලා කෑ ගහනවනේ...
මෙයාට කඩේ යන ඔක්කොම එක්කෝ එජාපය... නැත්තම් ජවිපය. මෙයා වැඩිම වුණොත් ඡන්ද ලක්ෂයක් ගනී. ඔය කඩේ යන ඔක්කොම තමන්ගේ පක්ෂවලට තමයි දෙන්නේ...
ඇයි මේ කට්ටිය බය වෙලා? මගෙ ඡන්දයනම් මහේෂ් සේනානායකට තමයි. ගෝඨා, සජිත්, අනුර, නාගානන්ද කාටවත් දෙන්නේ නෑ. එකෙන්ම මහේෂ් සේනානායකට. තවමත් මිනිස්සු රෙදි ඇදගෙන ගෝඨාට කඩේ යනවා. අප්‍රේල් 21 සෙන්පතියෙක් සෙන්පතියෙක් කියපු මෙතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඇමරිකන් බලවේග වල කොන්ද පණ නැති වෙලා. සහරාන්ලට පඩි ගෙවලා තියාගෙන ඇමරිකන් ගෝඨා අද ජාතික වීරයෙක් වෙලා. ගෝඨා පාර්ශ්වය බෙහෙවින් භිතියට පත්ව ඇත.
මෙයා නේද අර කොමිසමට ගිහිල්ල හිස්බුල්ලද කවුද මට බලපෑම් කරේ නැහැ කිව්වේ.
රටේ සාක්ෂරතාව ඉහළ උනාට පරිගණක භාවිතය වැඩි උනාට දේශපාලන තීරණ ගැනීම සහ දැනුම බින්දුවයි කියල මේකේ කමෙන්ට් බැලුවම පේනවා. මේකෙන්ම සමීක්ෂණයකට නියැඳි ගන්න පුළුවන්. කොතරම් මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ? තමුන්ගේ ඡන්ද බලය සහ වගකීම දන්නේ නැති මිනිස්සු.
අපේ රටේ මෝඩයන්ට ගෝඨයි සජිතුයි හොඳ මොකද දන්නවද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් අවොත් තමන්ට වාසියක් ගන්න හැකි නිසා. රටට ආදරේ ඇති මිනිහෙක් කවදාවත් ගෝඨා වගේ එයාගේ අදහස් වලට විරුද්ධ අය මරණ මිනිහෙකුටවත් මෙලෝ හසරක් නොදැන කතා කරන සජිත්ටවත් ඡන්දේ දෙන්නේ නැහැ. ඒ දෙන්නට ඡන්දෙ දෙනවට වඩා හොඳයි ඡන්දේ අවලංගු කරන එක. ගෝඨට සජිත්ට කඩේ යන ගැතිවාදී මිනිසුන් ඉන්න රටක ඉපදුන එකත් සාපයක්. මේ දෙන්නගෙන් එක්කෙනෙක් නැතිව කවුරු දිනුවත් සැපයි මට නම්......
මේකේ කමෙන්ට්ස් බලපුවහම තේරෙනවා මේ පාරත් වැඩි චන්ද සංඛ්‍යාවකින් ජනතාව පරදින බව...
ඔබට සුබපැතුම්...!!! මගේ මනාපය ඔබට. මෙතුවක් කල් මේ කාපු හරිය හොඳටම ඇති. දැන් වෙනස් වෙන්න කාලයයි. රට නව මගකට යොමුකරන්න.
මිනිහෙක් සටනට එන්නේ ජය ගන්න මනසකින්... මේ මිනිස්සු මොකට එනවද මන්දා. ඡන්ද කඩන්න තමයි බලපුවාම අප අපටම වල කපා ගන්නවා නේද? මුදල් වලටද මේ නහින්නේ..? අප එරිලා ඉන්න තත්වය තේරෙන් නැද්ද? අනේ මන්දා... මට නම් දැනට ගෝඨා තමයි හරි යන කෙනෙක් විදිහට දැනෙන්නේ... මගේ සහ ගෙදර සේරම ඡන්ද... ඒ විතරද රටේම ඡන්ද ගෝඨාට... ජයවේවා! ඔය රටට ද්‍රෝහී පක්ෂග්‍රාහී අයගේ කතා වැඩක් නැහැ. විදේශ කුමන්ත්‍රණ පරාද වේවා...!!!