IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සවස 3 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

(අංජුල මහික වීරරත්න )
 
එක්සත් ජාතික පක්ෂයේ  ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වේ.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත  එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය.



අදහස් (13)

සවස 3 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

nisha Thursday, 26 September 2019 07:37 AM

සා.පෙළ සමත් අයෙක් අපේක්ෂකයා වේවා!

:       61       234

sarath Thursday, 26 September 2019 07:39 AM

ඊයේ මතුගම රැස්වීම කළුතර මන්ත්‍රීවරු 4 /3ක් වර්ජනය කරලා . මේකෙන් වුනේ එජාපය අසමගි වෙලා අතරමන් වීම . නායකතුමාටත් කරන්න දෙයක් නැහැ.

:       3       91

ravi Thursday, 26 September 2019 07:42 AM

හැම දිස්ත්‍රික්කෙම මන්ත්‍රීවරුන්ගෙන් බාගයක් සජිත්ට කැමති නැහැ. මේ විදියට පක්ෂය නැවත ගොඩනගන්න පුලුවන්ද?

:       24       74

Buddika Thursday, 26 September 2019 07:47 AM

රටේ ජනතාව ඉල්ලන නායකයා අද නම් කළ යුතුයි. එසේ නොවුවොත් එය පක්ෂයේ අවසානය වනු ඇත.නම් කරන අපේක්ෂකයා කෘත්යාතධිකාරී මණ්ඩලයේ අයගේ ඡන්දයෙන් නෙවේ ජනාධිපති වෙන්නේ.මේ රටේ ජනතා ඡන්දයෙන්.ඒ නිසා සජිත්ට මෙය ලැබිය යුතුයි.

:       312       208

Ravi Thursday, 26 September 2019 08:00 AM

ලෙඩ උපාධිය අවොත් රටටම ලෙඩක් වෙයි.

:       54       75

ගල්කටස් Thursday, 26 September 2019 08:11 AM

කවුරු අාවත් එකයි.අපිට මේ පාර වරද්ද ගන්න බැහැ .සජිත් මහත්තයා අණ්ඩුවේ අැමති කෙනෙක් නෙමේ වගෙ කතාව දැන්.හාමුදුරුවන්ට ගරහනකොට, හිරේ දානකොට කොහෙද හිටියේ?

:       36       173

යාපාThursday, 26 September 2019 10:33 AM

අනිවාර්යයෙන්ම.දැන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වෙන්න හදනවා.මේරටේ මිනිස්සු ඔක්කොම හරක් නම් සජිත් හොදයි.

:       1       3

thilakasiri Thursday, 26 September 2019 08:11 AM

සජිත් තම වර්ණනාව කරමින් ඊයේ මතුගමදී කල කථාව පිළබඳව සජිත්ට පක්ෂව හිටි සාමාන්‍ය ජනතාව පවා පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කර ඇත. රටේ මහජනතාවට අවශ්‍යව ඇත්තේ සාමුහිකව වගකීම් දරන පිරිසකගෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි ව්‍යවස්ථාවක් අනුව රට පාලනය වී කාලා ඇඳලා අවශ්‍යතාවයන් සපුරාගනිමින් ජිවත් වීමට අවශ්‍ය ආර්ථික ප්‍රගතියක් පුද්ගලික මට්ටමින් සැකසීමට හැකි රජයකි. සජිත්ද අපි කව්රුත් වගේම දුර්වලකම් හා වටිනාකම් ඇති ආත්මාර්ථකාමී අයෙක් පමණි. එ් නිසා බහුජන හිත සුව පිණිස කටයුතු කළ යුත්තේ තම මතය ක්‍රියාවට නැගීමෙන් නොව සාමුහිකව පිරිසකගේ මත විමසීමෙන් මතුවන වැඩ සටහනක ක්‍රියාකාරී වගකීම් දරන්නෙකු වී ඒ වගකීම් ඉටුකිරීමෙන් පමණි. ඒ සඳහා වඩාම සුදුසු ක්‍රමය වී ඇත්තේ විවිධ මතදාරී පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ මත විමසිමකින් සම්මත කරන අණපනත් ස්වාධින කොමිෂන් වලින් යුත් රාජ්‍ය යාන්ත්‍රණයක් මගින් ක්‍රියාවට නැගීම මිස තනි පුද්ගලයෙකුගේ මතය ක්‍රියාවට නැගීමෙන් නොවන නිසා සජිත් යුගයක් අවශ්‍යම නැත.

:       38       136

athuraThursday, 26 September 2019 08:37 AM

නැවත රාජපක්ෂ යුගයකින් ඔය මහත්මයා කියන දේවල් කරයිද?

:       175       181

LalithThursday, 26 September 2019 10:30 AM

යහපාලනයට දීලා රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි මිනිහෙක් විදියට මන් හිතනවා ගෝඨා මේ රට වෙනස් කරයි කියලා. ඇත්තටම ඒ මිනිහට ගහලා තියෙන්නේ මඩ කියලා දැන් තේරෙනවා. මහින්ද ගැන නම් මට තියෙන්නේ වෙනමම දැක්මක්. මට මහින්දව නම් පෙන්න බෑ. නමුත් ගෝඨාව විශ්වාස කරනවා මේ පාර. මේ පාර වෙනස් නොවුන දේශපාලනයක් නොවුනොත් මං ආයේ කවදාවත් මගේ ඡන්දය භාවිත කරන්නේ නෑ.

:       1       6

Purawasiya Thursday, 26 September 2019 08:28 AM

රටක නායක කම දීමත් ඉතා භයානක ක්‍රියාවකි...!

:       0       0

thilakasiri Thursday, 26 September 2019 08:56 AM

ඊයේ මතුගම සජිත්ගේ කතාව ඇසු එජාපයේ අයම කියන්නේ එජාපය පැරදුණත් සජිත් වගේ ඒකාධිපති අදහස් දරන්නෙකු ජනපති වෙනවට වඩා ගෝඨාභය ජනපති කළාම මහින්ද විධායක ජනපතිකම අහෝසි කර විධායක අගමැති වෙනවා කියලයි. නමුත් මහින්ද ජනපති වෙලා හිටපු කාලේ වගේම ඒකාධිපති අගමැති කෙනෙක් වෙනවමයි කියලත් කියනවා. ප්‍රජාතන්ත්‍රවාදිව විධායක ජනපති අහෝසිකර පාර්ලිමේන්තුවට බලය පැවරිය යුත්තේ පාර්ලිමේන්තු නියෝජිතයින් අතරේ සුදුසු ලෙස බලය බෙදීයන ව්‍යවස්ථාවක් මගිනුයි. එ්ක කරන්න මහින්ද නොදන්නා නිසාත්, සජිත් කාටවත් හිස නොනමන නිසාත් දැනටමත් ජනපති සතුව තිබු ලබාගතහැකි වූ බලය අගමැති හා කතානායක අතර බෙදා ස්වාධීන කොමිෂන් ඇතිකර ඇති රනිල් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේද සාමාජිකයෙකු බැවින්ද පළපුරුද්ද හා රාජ්‍ය තන්ත්‍ර ඥානය ඇති බැවින්ද අගමැතිකම ලැබී පාර්ලිමේන්තුවෙහි නිසි බලය ලැබේ නම් මෙය කළහැක. රනිල් හා ඔහුවටා සහාය පළකරන පිරිසට පමණි. යල්පැනගිය සජිත්ගේ හෝ වෙන කෙනෙකුගේ යුග අනවශ්‍ය අතර අද සාමූහික වගකීමෙන් යුතු වැඩසටහනක් අවශ්‍ය දියුණු යුගයකි. පැරදුණත් සජිත් වැන්නවුන් ජනපති අපේක්ෂක නොකළ යුත්තේ රාජ්‍ය තන්ත්‍ර ඥානය නැති බව කතාවලින් ඔප්පුවෙන නිසාය.

:       0       0

Ajith Kaldera Thursday, 26 September 2019 08:58 AM

දෙයියෝ මිනිසුන්ට අනුකම්පා කරනවා නම් සජිත්ව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන්නේ නැත..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site