( රංජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා) 

රාජ්‍ය සේවකයින්ගේ  වැටුප් 2020  වසරේ  ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
  
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා  විසින් පත් කරන ලද  එස්.රනුග්ගේ මහතා  ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ මත  එම වැටුප් වැඩි වීම ලබා දීම කැබිනට් අනුමැතිය ද හිමි වී ඇත.
 
ඒ අනුව 2020 වසරේ සිට විධායක ශ්‍රේණියේ නිලධාරීයකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587 කින්ද  අමාත්‍යංශ ලේකම් යටතේ ආරම්භක වැටුප 23,975 කින්ද පහළම රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 3,000 කින්ද වැඩිවෙයි.