( අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (26) ඒකමතිකව තීරණය කළේය.
ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ ඒකමතික අනුමැතිය යටතේ එම යෝජනාව සම්මත කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කෙරුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකවරයා නම් කිරීම සඳහාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස යෝජනා කිරීමත් සමඟ ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුර්ණ අනුමැතිය පළවූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම සාමාජිකයන් අත්පොළසන් දෙමින් එම යෝජනාව අනුමත කළ බව ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මුලික ප්‍රතිපත්ති අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වලද සහයෝගය ඉදිරි ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කරා ගෙන යා යුතු බව පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමත් සමඟ සිරිකොත අවට රැස් වී සිටි පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් හඬ නගනු දැකගත හැකි විය.
(ඡායාරූල - ලහිරු හර්ෂණ)












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාක්ෂිකයෝ දෙකට බෙදීම ගැන ඔබතුමා කවදාහරි කණගාටු වේවි...
සුබපැතුම්..!!! වසර 25කට පස්සේ වුණ ජනාධිපතිවරයා ලෙස ඔබව පත්වීම ස්ථිරයි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයගෙන් වංචා, චෝ්දනා නැත්තේ සජිත් සහ අනුර දිසානායකට විතරයි.
ජයවේවා ..!!! අපේ දුප්පතුන්ගේ හිතවතාට...
මේ සිදුවීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුව රටට කර ඇති විනාශයයි. මෙච්චර කලක් අගමැති ගහපු කයිවාරු කතා ඔක්කොම බොරුබව තමන්ට අපේක්ෂකකමත් නැතිවීමෙන් පැහැදිලි වේ..
හා මෙයා ජනදිපතිවෙලත් ඉවරයි "සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කෙරිණි." දැන් ජනපති සජිත්ද?
සජිත්, ගෝඨා දෙන්නටම ඡන්දය දෙන්නේ එයාලගේ අන්ධ භක්තික පාක්ෂිකයන් විතරයි. හිතලා, මතලා කල්පනාකාරී විදිහට ඡන්දය දෙන බහුතරයක් උගත්, බුද්ධිමත්, මැදිහත් චන්ද දායකයින් ආකර්ෂණය කරගන්න මේ දෙන්නාටම බැහැ. ඒ අය මේ වතාවේ විකල්පයක් ගැන හිතනවා. දුෂණ, වංචා චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඇති එකම අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක දිනවීමට ඔවුන් දැනටමත් තීරණය කර අවසන්...
පැහැදිලියි නේද මේක තනිකරම නාට්‍යයක් කියලා. කට්ටියට දැන් මතකද මාස 5 කට කළින් බෝම්බ පිපුරුණු බව. පහුගිය අවුරුදු 4 තිස්සේ රටට කරපු විනාශය . ක්‍රමාණුකූලව සියල්ල අමතක කරන්න රනිල් සජිත් කරු ගැටුම ඉස්සරහට දැම්මා . ඔය මොනවා කලත් මේ පාර පරදිනවා.බහුතර සිංහල ජන්ද වලින් මේ පාර පරදිනවා මහ ජාතියට කරපු කෙනෙහිලිකම්වලට.
සුබ පැතුම් !
සුබ පැතුම්. දෙමළ ජාතික සන්ධාන, මුස්ලිම් කොන්ග්‍රසය, බතියුදීන්, චම්පික වැනි ජාතිවාදීන්ගේත්, රාජ්‍ය නොවන සංවිධාන පරපුටුවන්ගේත් සහ බටහිර තානාපති කාර්යාල න්‍යාය පත්‍ර අනුව වැඩ නොකිරීමටත්, ජයග්‍රහණ ලදොත් ඔබට ශක්තිය සහ මොළය ලැබේවා. උස නම් සිකිරුටි මිටි නම් කම්කරු වැනි සංකල්ප වලින් මිදීමටත් ඔබට ශක්තිය ලැබේවා.
ජයවේවා! අභිනව ජනාධිපතිධුර අපේක්ෂකට උණසුම් සුභ පැතුම්!
අනිවාර්යයෙන් පරදිනවා. ඒකේ දෙකක් නැහැ. පහුගිය අවුරුදු 4 ඇතුළේ සිංහල ජාතිය විනාශ වෙනකොට හාමුදුරුවෝ හිරේ දානකොට මෙයාලා කොහෙද හිටියේ? රටේ ප්‍රශ්නයක් ගැන වැදගත් අදහසක්වත් මෙයාලට තියෙනවද? ඊයේ මතුගම කරපු කතාව ඇහුවනම් යූ.එන්.පී අයත් ඡන්දේ දෙන්නේ නැහැ.තනිකරම තමන් ගැන පම්පෝරියක් ගැහුවේ.සහනාධාර දෙනවලු ඇති තරම්.එක වචනයක් කිව්වේ නැහැ ආදායම් උපයන්නේ කොහොමද කියලා.ඉන්න කෙනා හොඳයි කියලා තේරෙන්නේ මෙයා කරුමෙකට හරි ජනාධිපති වුනොත් තමයි.
ඉක්මනට ගෙදර යන්න......
සජිත් පරිණත මදි ජනාධිපතිකමට කියලයි මගේ හැඟීම. කරූ ටිකක් හරි හොඳයි කොන්ද පණ තිබ්බා නම්...
පැහැදිලියි නේද? මේක තනිකරම නාට්‍යයක් කියලා. කට්ටියට දැන් මතකද මාස 5කට කළින් බෝම්බ පිපුරුණු බව. පහුගිය අවුරුදු 4ක් තිස්සේ රටට කරපු විනාශය. ක්‍රමානුකූලව සියල්ල අමතක කරන්න රනිල්, සජිත්, කරු ගැටුම ඉස්සරහට දැම්මා. ඔය මොනවා කළත් මේ පාර පරදිනවා. බහුතර සිංහල ජන්දවලින් මේ පාර පරදිනවා. මහ ජාතියට කරපු කෙනෙහිලිකම්වලට.
''සතර වරම් දෙව් මහරජ සතර වටින් ඇවිදින්.. පිරිත් පැන් ඉසිති පුතුනේ... සජිත් සජිත් කියමින් ''
මගේ හාමිනේ.. සොරි.. සොරි... සමාවෙන්න මගේ ආර්යාව... ආර්යාව හෙට ඉඳලා මීටිම්වල කතා කරනවා හොඳේ. ඔක්කොම එන්න ඕනේ ඈ..
කවුරු මොනවා කිව්වත් මේ රටේ බහුතර දුප්පත් ජනතාව ප්‍රාර්ථනා කරන්නේ සජිත් වගේ මනුස්සයෙක්. මොකද ගෙයක් නැති කෙනා තමා ගෙයක් ලැබෙන එකේ වටිනාකම දන්නේ. ඇඟලුම් කම්හල්වල වැඩකරන්නෙත් දුප්පත් මිනිස්සු. රාජපක්ෂලා මිනිස්සුන්ට රස්සා ලැබෙන එක වැඩපිළිවෙලක් හැදුවේ නැහැ. අපේ සුබපැතුම්, ජය නියතයි.
තිළිණ කියන්නේ පිළිලයක්.. මෙයා නැතුව අරයව පත්කර ගන්න කියලද කියන්නේ...?
කවුරු මොනව කිව්වත් යුද්දේ දිනුවට පස්සේ රාජපක්ෂලා කලේ රට ලෝකෙට ණය කරන වැඩ. මෙතුමා ජනතාවට වැඩ කළා. පහළ පාන්තිකයෝ පක්ෂ භේදයකින් තොරව මෙතුමාට ඡන්දෙ දෙනවා.
කෝ රවී, ෆොන්සේකලා? මේ දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නැද්ද?
පරණ හොරු ඔලුව මාරුකරගෙන එනවා. සූදානම් වන්න.
සජිත්ට අපේක්ෂත්වය ලබාගැනීමට කියන ඕනෑම කොන්දේසියකට එකඟවීමට අමාරු නැත. එසේවන්නේ ඒ කොන්දේසි ක්‍රියාත්මක කරනවාද? නැද්ද? යන්න තීරණය කෙරෙන්නේ ජයග්‍රහණයෙන් පසුව වෙන නිසාය. සජිත්ට කිසිදාක දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබෙන්නේ නැත. ගෝඨාභයට ඇති ඡන්ද පදනම සුළුකොට තැකීම මෝඩකමකි. හතර ගාතෙන් වැටී යනඑන මඟක් නැතුව සිටි එජාපය ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් පසු යලි පණ ගසා නැගිට ගත්තේය. නමුත් රනිල් ඇතුළු කණ්ඩායම එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැත. එජාපයේ කරුමය එයයි. දැන් ජවිපෙ තනිව තරඟ වදින නිසාත් ප්‍රබල විකල්ප අපේක්ෂකයින් ඉදිරිපත්වන නිසාත් කාගේහෝ ජයග්‍රහණය තීන්දු වෙන්නේ ශ්‍රීලනිපයේ ඡන්ද සහ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද මතය. මේ නිසා දෙමළ සහ පාවෙන ඡන්ද නොලැබෙන නිසා සජිත්ට දැන් ඇති එකම පිහිට ශ්‍රීලනිපය පමණි. එහෙයින් සජිත් ඉදිරි දින කිහිපය තුළ ඔහු ජනපති සමඟ සන්ධානගත වීමටද බැරි නැත. මේ සියලු දෙනා එකතුව රනිල්ගේ දේශපාලන ගමන හමාර කර දැමීමට ගන්නා ලද මේ අලජ්ජී උත්සාහය තුලින් ඇත්තටම සිදු කරන්නේ එජාපය වැනි ඓතිහාසික පක්ෂයක් වලපල්ලට ඇදගෙන යාමයි. අහෝ ඛේදයකි.
ඕක කලින් කරන්න තිබුනනේ.නිකම් පිස්සු කෙලින්නේ නැතුව.
ජනතාවගේ අනුමැතිය ගන්න එක තමා අවුල.
ගෝඨා ආවත් සජිත් ආවත් රටට වැඩක් නෑ.මම ඔය දෙගොල්ලන්ටම වැඩ කළා.මේ පාර මම ජාතික බලවේගයට.
මෙතුමට අවස්ථාවක් නෑ. යූ.ඇන්.පී. ආණ්ඩුවක් තව අවුරුදු විස්සකින් තමයි.
අතීතය අමතක කළත් පක්ෂයේ එක අරගලයක හෝ නොසිටි සිරිකොතට ගල් ගැසූ මිනිහෙකු ජනාධිපති අපේක්ෂයා කිරීමට සිදුවීම හාස්‍යයක් වුවත් පක්ෂයේ තීරණට සියලු දෙනා හිස නැමිය යුතුයි. ඔහු තවත් සිරිසේන කෙනෙකු විය හැකිය. සියලු පොරොන්දු සහ ගං මට්ටමේ, බිං මට්ටමේ, සිට ළිං මට්ටම දක්වා අමතක කර ලිඳටම දැමිය හැකිය. එහෙත් ඒකාධිපති, ජනඝාතක, ජනපිඩක , අශිෂ්ඨ , කෘර , ජාතිවාදී මිලිටරි පාලනයකට යනවාට වඩා සජිත් වැනි අයෙකු වුවද හොඳය.එසේම අහෝසි කළ යුතු ජනාධිපති තනතුරකට කවුරු පත්ව ආවද එය නොවටින්නේය.ඒ නිසාම අපගේ සංවර්ධන ඉලක්ක කරා යා හැකි වන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ පසු පමණක්මය.
කොළපාට ජනතාවට එපාවෙලා ගොඩක් කල්....
වැඩිපුරම කමෙන්ට්ස් එන පෝස්ට් එක.
කාටද කියන්න පුළුවන් මේක අහලා වැඩියෙන්ම සන්තෝස වෙන්න ඇත්තේ කවුද කියලා? දැන් ඉතින් තව ටිකක් විශ්වාසෙන් එයාට කියන්න පුළුවන් "රැජින මමයි අපේ රාජ්ජේ" කියල.
නියත වශයෙන්ම දිනන්නේ මෙතුමාය.පවුල් පෙරමුණ ඉවරෙටම ඉවරයි.
මෙතුමාගේ දැන් කියන කතා ඇහුවම තියෙන යු.එන්.පිී ඡන්දත් නැති වේවි. එපමණටම බොළඳ නිසරු කතා හා වැඩ තමයි අහන්න දකින්න ලැබෙන්නේ. මෙයා අවොත් රටට අබසරණයි.
සජිත් දිනනවා.....
එන්න හිටපු දෙන්නා රටට කළ විනාශය බැලුවම සජිත්ගේ අපේක්ෂකත්වය පිළිගන්න පුළුවන්. එත් ඉතින් එ්දණ්ඩේ යන සජිත් ගැන කුමන කතාද?
තවත් අවුරුදු 5ක්!!! මරු තමයි...
සජිත් පරදින්නේ..., දිනුවොත් අගමැතිකම රනිල්ට දෙන්න වෙන හින්දයි..
වීව්ස් 5000යි. සජිත්ට පක්ශව ලයික් 38000. අනුවණ උස නම් සිකුරිටි.. මිටි නම් කම්කරු කියන විද්‍යානුකූල ක්‍රමවේදයට රැකියා ගන්න සුදුසු කිහිපදෙනෙක් සහා මෙයා වටේ ඉන්න අයගේ මානසිකත්වය තේරුම් ගැනීමට තවත් අටුවා ටීකා අනවශ්‍යය. ගෝලයන් ගැන කුමන කතාද?
අම්මට සිරි ගජ....
සජිත් නම් ජනපතිකම නොලැබුණොත් කියලා නූල් බැඳගන්නවා. එ්ත් රනිල්...? විධායක අගමැතිකම නොලැබෙයි කියලද?
හරියට ඇමෙරිකන් රෙස්ලින් ෆයිට් එකක් බැලුවා වගේ. යාලුවෝ දෙන්නෙක් කතාවෙලා ඇවිත් බිම පොළොවේ ගහලා ගුටි ඇනගෙන කලින් පොරොන්දු වුනු විදියට එකෙක් පැරදිලා යනවා. මිනිස්සු දහස් ගණන් සල්ලි ගෙවලා ඇවිත් හුරේ දාලා ඔට්ටු අල්ලලා ලක්ෂ ගණන් සල්ලි දිනලා පැරදිලා යනවා. සමහරු නට්ටන් වෙලාම යනවා. යාලුවන් දෙන්නා රට එකට ගිහින් ලැබුණු සල්ලි බෙදාගන්නවා. පසුවදාට ආයෙත් ෆයිට් කරනවා. බලන්න මේ ෆයිට් එකට මොනතරම් ගැලපෙනවද කියලා..
රට ගොඩනංවන්න පුළුවන් බවක් නම් පේන්නේ නැහැ.. 1980 -1990 කාලයට ගැලපෙන ප්‍රතිපත්ති තියෙන්නේ..
අවුරුදු ගණනාවක් අපේ පවුල් වල සියලුදෙනා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නේ නැහැ. ඒ කළකිරීම නිසා ඔබතුමාව අපි සාදරයෙන් පිළිගන්නවා.. නියත වශයෙන්ම ඔබ ජය ගන්නවා.
මේ මෝඩ වහල්ලු කඩේ යනවා. එහෙම නැත්නම් සල්ලි දාලා කමෙන්ට් දාගන්නවා.. මේ පාරවත් හරියට හිතලා මේ වගේ නැතුව නියම සිංහල ජාතියට ආදරේ කරන නායකයෙක් පත් කරගත්තොත් රට ගොඩ...!!! මේ අවසාන අවස්ථාව මුළු ජාතියේම... රට, ජාතිය ගැන හිතපල්ලා..!!!
දිනුවට පස්සේ සූත්තරයව ලංකර ගත්තොත්... සිරිසේනට වූදේ.. සජිත්ටද වන්නේය.
පරදින්න, කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතියත් ඕනෑද? 88/89 ආයෙත් එන්නේ නැහැ.
ඔබට එක අවවාදයක් දෙන්න කැමතියි, කරුණාකර ඔබගේ නායකයා බොරු ගිවිසුමක් පෙන්වා, පාවාදුන් තිස්සව ඔබගේ මැතිවරණ ව්‍යාපාරයට ගාව ගන්න එපා. ඔබට ලැබෙන ඡන්ද අඩුවෙයි. ඇමතිකමක් ගන්න තමයි නායකයා බොරුවට පවා දුන්නේ.. ඒ නිසා කිට්ටු කර ගන්න එපා.
ඇත්තටම මට රනිල් ගෙන දුකක් තියෙන්නේ.මේකට සුදුසුම පුද්ගලයා රනිල්.මේ රටට අවශ්‍ය රනිල් ,මහින්ද,ගෝඨා වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් පුද්ගලයෝ. හැමෝම හිතාගෙන ඉන්නේ සජිත්ට කියල ඕනෙම දෙයක් කරගන්න පුළුවන් කියල.ගෙන හිතුවෙත් නමුත් ඔය පුටුවට ආවට පස්සේ මොලේ කුරුවල් වෙනවා.රනිල්ට අගමැති කමත් පක්ෂ නායකවත් දෙකම නැති වෙනවා.සජිත් අනිවාර්යෙන් පරදිනවා.රනිල් ආවනම් ගෝඨට යන එනමං නැති වෙනවා.දැන් බුද්ධිමත් මිනිස්සු මේ අපේක්ෂකයෝ දෙන්න ගැන සංසන්දනාත්මකව බැලුවොත් මනිස්සුන්ට ඡන්දේ දෙන්න හිතෙන්නේ ගෝඨට.හේතුව ගෝඨා රටට කරලා තියෙන දේවල් වලින් දශමයක්වත් සජිත් කරලා නැහැ.රනිල් රට වෙනුවෙන් කරලා තියෙන දේවල් බැලුවොත් සජිත් බින්දුව තමා.
දෙගොල්ලන්ගේම වැරදි තියෙනවා. සජිතුයි, ගෝඨයි දෙන්නා ගැන බලද්දී මම නම් ගෝඨාභයට කැමැතියි. අඩු තරමින් මගේ ළමයිවත් බෝම්බයකට අහුනොවී සිටියි.
අපි ඉවරයි, රටත් ඉවරයි, හැංගෙන්න හරි යන්න හරි රටක් සොයා ගමු. මතකයි 88,..90
ගියපාර ලක්ස 62 , ජවිපය ලක්ෂ 6ක් අඩුකරලා, පාවෙන ඡන්ද ටිකත් අඩුකර බලන්න. දිනන්නේ මෙතුමාද? නැත්නම්, රාජපක්ෂද කියලා....
අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල 60% කින්වත් අඩුවීමක් ඕනේ මහත්තයෝ. මේක ජනතාවට පැහැදිලිව පොරොන්දු වෙන්න. ඉන්දියාවේ අපිට වඩා 60% ක් විතර බඩු මිල අඩුයි. ඉන්දියානු රුපියලේ අගය ශක්තිමත් නිසා ඔවුන් දැන් තව තවත් බඩු මිල අඩු කරනවා .
මෙයා ජනාධිපති අපේක්ෂක කරනකොට රනිල් දාපු කොන්දේසි ටිකත් බැලුවනම් හොදයි ඔය කමෙන්ට් දාන අය. රනිල්ට දිනන්න බැරි බව දන්න නිසා මෙයා මාර්ගෙන් රනිල් රජවෙන්න හදන්නේ. අනික මෙයා ජනපති වෙලා විධායක ජනපති ධූරය අහොසි කරන්න කියලා රනිල් කොන්දේසි දාන්නේ එවිට විධායකය නාමික නිසා බලවත් වන්නේ අගමැති නිසා.වෙනත් විදියකට කීවොත් එතකොට ආයෙත් රනිල් ජනපති උනා වගේ තමයි. අනික ඔක්කොම හදන්නේ අපේ අහිංසක මිනිසුන් සහනාධාර මානසිකත්වයේ තියල ජන්ද උපයන්න. එකෙක්වත් අලුත් විදියට හිතලා මේ රටට ආදායමක් උත්පාදනය කරන්න වැඩපිලිවෙලක් කියනවනම් මම ඔහුට දෙනවා මගේ ඡන්දේ. අපි දැන්වත් පිනට කන මානසිකත්වයෙන් මිදුනෙ නැත්නම් කවදාවත් ගොඩ ඒමක් නෑ. අන්තිමට අපේ ළමයිනුත් කාගෙන් හරි කන්න බලාගෙන ඉන්න කිසිවක් හිතල නිර්මාණයක් කරන්න ඔලුවක් නැති පඹයින් පිරිසක් කරනවා මේ අය.
ඔන්න ඔය ඉස්සෙල්ලා අදහස් පළ කරපු කාටවත් නොතේරුණු ඉතාම වැදගත් කාරණේ මම කියන්නම්. ඔය දීලා තියෙන්නේ අලියා ලකුණින් යූ.එන්.පී එකෙන් නෙමෙයි කියන කාරණය. හංසයා වගේ වෙන ලකුණින් සන්ධානෙකින්. එතකොට එයා කෝටි ගණන් වියදම් කරලා දිනුවත් කවදාවත් යූ.එන්.පී නායකයා වෙන්නේ නැහැ. රනිල් ඇතුළු කණ්ඩායම දිගටම රෝල් ඇදගෙන යද්දී මෙතුමාට වෙන්නේ තමන්ගේ ආර්යාවත් එක්ක මාලිගාවට වෙලා ඔහේ ඉන්න විතරයි. ඔන්න ඕක තමයි හැංගි හැංගි මෙච්චර කල් කරපු රංගනය. පුළුවන්ම නම් අලියා ලකුණින් යු.එන්.පි එකෙන් එන්න කියන්න. මම කියන දේ වැරදි නම් ඔබ කවූරු හරි එහෙම නෙමෙයි කියල පැහැදිලි කරන්න.
එ.ජා.ප ව්‍යවස්ථාව අනුව අලියාගෙන් ඉල්ලුවොත් විතරයි ජනාධිපතිට ඉබේම පක්ෂ නායකකම ලැබෙන්නේ....
මේ පාරවත් රට ගැන හිතලා ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ පාර අපි වරද්දා ගත්තොත් ඉවරෙටම ඉවරයි.පෞද්ගලික අභිප්‍රායන් අමතක කරලා රට ගැන හිතලා ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න. මේක තමා අපිට හම්බවෙන අවසාන වතාව. රට බේර ගන්න අපි හැම ජාතියක්ම එකට එකතු වෙන්න ඕනේ.යූ.එන්.පී එක හැමදාම කරේ මේ රට පාවලා දීලා එයාලගේ බඩ තරකර ගත්තු එක. මේ අවස්තාවේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් එක්කෙනෙකුට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. අපි හැමෝම එතුමාට අපගේ ඡන්දය දෙන්න වග බලා ගත යුතුයි.
පැහැදිලි දැක්මක් අනූව ක්‍රියා කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා විතරයි. අනිත් හැමෝම කරන්නේ කුණු අවුස්සන එක විතරයි. කුණු අවුස්සලා පුලුවන්ද රට හදන්න? ඔබගේ වටිනා ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්න.