(නිමන්ති රණසිංහ)
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනවිරත්න යන අය ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර ඇත.
පොලිසිය බාරයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාව රෝහලේදී නිරීක්ෂණය කළ නුගේගොඩ වැඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස ජයවර්ධන මහතා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එසේම, බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සහකාර රේගු අධ්‍යක්ෂකවරයාව බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුරේෂ් කුමාර් මහතා රෝහල වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසු එම සැකකරු රක්ෂිත භාරයට පත් කර ඇත.
අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රත්තරන් කිලෝ කිලෝ ග්‍රෑම් අටක් බරැති සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සතු රත්රන් ලබාදී සාවද්‍ය පරිහරණය කළැයි සැකකරුවන්ට ඒ දෙදෙනා ඊයේ (27) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි මේ සල්ලිකාර හොරු අල්ලනකොටම අසනීප වෙන්නේ? දුප්පත් අයට එම සේවය ලැබෙන්නේ නැහැනේ...
විනයක් නැති අයව විනාශ කරනකම්, මැක්කන්ට බෙහෙත් කෙරුවට වැඩක් නැහැ.. පිස්සු බලලත් එකෙක් හැපුවම ගණන් ගන්නේ නැහැ. ටිකදෙනෙක් හපනකොට තමයි මූට පිස්සු කියලා දන්නේ.. ඒ. නිසානේ පිස්සු බල්ලන්ව මරන්නේ... මේ සිද්ධියේත් මේ පිස්සු බල්ලන්ට නිදැල්ලේ ඉන්න දීලා මැක්කෝ මැරුවට වැඩක් වෙන්නේ නැහැ. එක පිස්සු බල්ලෙක් නිසා සේරම මැක්කන්ට මැරෙන්න වෙලා තියෙන්නේ...
සුද්දා රට පාලනය කරන කාලෙකවත් මෙහෙම දේවල් වෙලා නැතුව ඇති. දාගැබක් හදන්න ආණ්ඩුවේ රත්තරන් රටේ ජනාධිපති අතින් පූජා කරා කියලා නිලධාරින් දෙන්නෙක් හිරේ...
එදා යුද්ධේ වෙලාවේ යාපන ද්‍රවිඩ වැසියන්ගේ රත්රන් භාණ්ඩ තොගයක් අත් අඩංගුවට ගෙන මහබැංකුවේ තැන්පත් කරා ඒ බඩුත් කොටසක් බැංකුවෙන් අතුරුදන් වෙලා විභාගයක් සිදුකලා කෝ රත්රන් වලට මොකද වුනේ ? රන් අම්මණ්ඩි කියලා එදා නමක් පට බැඳුණේ කාටද ඒ ඇයි?
කොහෙන් හෝ හොරකම් කර හරි සාටකයන්ට දොලපිදේනි පුදලා බලයට පත්කරගත්තට පසු ඔවුන්ටත් හිතේ හැටියට හොරකම් වංචා දුෂණ කර හම්බ කරගන්න අවස්ථාව ලබාගන්නයි මේ වෑයම. මේ වගේ කට්ටියක් ඇමරිකාවෙත් සැදී පැහැදී ඉන්නවා සාටකයන් බලයට ආ පසුව රටේ ලොකු ලොකු තනතුරු භාරගන්න ඒවා කතා කරගෙනත් අහවරයිලු. අපිට කියන්න තිබෙන්නේ ඒවා දවල් හීනම තමයි ඉතින් .
මේ විදියට වැරදි හොයන්න ගියොත් වැරදි නොකරපු කෙනෙක් හොයාගන්න බැරිවේවි... රත්‍රන් වෙහෙරේ තැන්පත් කළානම් ඒවා එතන ඇති. ඕනෑ නම් ආපසු ලබාගන්න පුළුවන්නේ.
මෙහෙම යනකොට රටේ කිසිම සංවර්ධනයක්, නව ඉදිකිරීමක් කරන්න බැරිවේවි, පන්සලක් දාගැබක් හදන්න රටේ නායකයා තීරනය කලොත් නිලධාරීන් ඒවට ප්‍රතිපාදන සපයන්න ඕනා, ගාමිනී දිසානායක මහතාත් ඒ කාලයේ මහවැලි මහ සෑය හැදුවා, සජිත් මහත්තයත් පන්සල්, පල්ලි, දහම්පාසල් ගොඩනැගිලි හදනවා. ඒවට රජයේ මුදල් ,හා සම්පත් යොදවගන්නවා මිසක එයාලා ගෙදරින් අරන් එන සල්ලි නෙමෙයි, යොදවන්නේ..
දෙමාපිය සොහොන රටේ ජනතාවගේ බදු මුදලින් නිමකර ඒ ගැන පරීක්ෂණ එනවිට වෙනකකු මගින් එම මුදල් ගෙවා දැරීම නීත්‍යානුකූල යයි ඔබ සිතන්නේ නම්... හෙට දිනයේ මහබැංකු මංකොල්ලයෙන් සිදුවුණා යයි පවසන මුදල කවරෙකු හෝ පියවා දැම්මොත් කුමක් කියන්නේද? රටේ සිදුවන හොරකම් මංකොල්ලකෑම් සඳහා නීතිය ක්‍රියාත්මක වී සොරකම එළිවන විට එම සොරකම් කළ මුදල් දේපල නැවත ආපසු ගෙනැවිත් දුන්නොත් සුද්ද වන්තයෙක් වන්නේද? එවිට එම හොරාටම නීතිය ක්‍රියාත්මක කිරීමට බාර දෙන්නේද? එක හොරෙක් ඉවත් කිරීමට වෙන හොරෙක් හෝ පරණ හොරෙක් ගෙන එන්නේද ? එසේ කර හොරකම නැතිකර හැකිද? ඔබත් තමන්ට වැසි වෙන්නේ නම් හොරෙක් වූවත් කමක් නැත යයි සිතන හොරෙක්ම නම් මෙයටි විරුද්ධ වනු ඇත... එකෙක් එළවීමට තවකෙක් නොව රටේ අනාගතය වෙනුවෙන් අපේක්ෂාවක් ඇත්නම් වැඩ සුදුස්සෙක් පත්කර ගැනීමට ඡන්දය භාවිතා කරමු.
ඉතිහාසගත වෙන කතාවක්..
හොරකම් කරපු ගමන් ලෙඩවෙනවා... මේ අයට හොර මෙඩිකල් දෙන හොර දොස්තරලාට උසාවියෙන් දඬුවම් නොකරන්නේ ඇයි?
අපේ රජ්ජුරුවෝ... ජනාධිපතිකම ලැබුණා විතරයි නෙලුම් මලෙන් යන්න ගත්තා. පුදුම විදියට මල්වට්ටි අතේ තියන් වන්දනාමාන කරන්න පෙලඹුනේ.. රත්තරන් පූජාකරලා හරියනවද? මේකෙ පින් ලැබෙන්නේ අයිතිකරුට මිසක්, පූජා කරපු කෙනාට නෙමෙයි. අයියලා, මල්ලිලා තොත්ත බබලා වගේ නොදන්නා විදියට ඉන්නවා. යෝෂිත බේබි, නාමල් බේබි මේ විදියට අත්අඩංගුවට පත්වුණා නම් මෙන්න පළිගන්නවෝ කියලා පිරිවරාගෙන උසාවි යන්නේ..
එපා එපා මස්කන්නට කිරි අම්මාගේ..
මේක සිංහල බෞද්ධ රට. අපට වෙන රටක් නෑ... අපේ කියන්න. මුස්ලිම් අයට අරාබිය.. දෙමළ අයට ඉන්දියාව. කතෝලික ක්‍රිස්තියානි අයට බටහිර රටවල් තියෙනවා. අපිට අපේ රණවිරුවන් වෙනුවෙන් හදන සෑයට රාජසන්තක රත්තරන් දෙන්න තහනම්...
මේ කාලයේ බෞද්ධාගම සම්බන්ධ නඩු වැඩියි.
මට නොතේරෙන ගැටළු දෙකක් මේ සිද්ධියේ තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා පහදලා දෙන්න 01. රටේ හැම බැංකුවක්ම හොරාකාලා රටම හිඟමනට පත්කරපු උදවිය නිදැල්ලේ සිටිද්දී, රජයේ මුදල් අවභාවිතා කරමින් පාක්ෂිකයන්ට විතරක් සිමෙන්ති, ගොඩනැගිලි ද්‍රව්‍ය දේශපාලනයක් නොමිලේ බෙදා දෙද්දී, මේ වගේ රටේ පොදු වන්දනාමාන කරන ස්ථානයකට රජයේ දේපලක් පූජා කිරීම කොහොමද වරදක් වෙන්නේ? 01. රටේ ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානය බුද්ධාගමට හිමිවිය යුතුනම් රජය සතු දේපලක් රටේ ජනාධිපතිවරයා අතින් මේ වගේ උත්තම කාරණාවකට පූජා කිරීම කොහොමද දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්නේ? රජයේ දේපල කියන්නේ ජනතාවගේ දේපල, ජනතාවගෙන් තාම බහුතරය බෞද්ධයන්. ඉතින් ජනතාව වෙනුවෙන් යමක් ශාසනයට පූජා කිරීම වරදක් වෙන්නේ කොහොමද?
ඔය වැඩේට අණ දුන්න එවුන්ට දඬුවම් නැතිද?