ඉංජිනේරු සිසුවිය අභිරහස් ලෙස මියයයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි . 01 March 2023
වත්තට පැන ලක්ෂ හතක අඹ කඩලා සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 February 2023
බෙන්තර ගඟට පැන්න මවගේ දිවි බේරු බොට්ටුකරු කතා කරයි මම පාළම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් හිටියා. අම්මේ අම්මේ කියල පොඩි දරුවෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුනා. ගඟ දිහා බලනකොට කාන්තාවක් ගඟට වැටිලා ගසාගෙන යනවා. මම කැම එක පැත්තකට විසිකරල ගඟට පැන්නා යැයි බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් මහතා පැවසීය . 27 February 2023
දරු දෙදෙනා පාලම මත තබා මව බෙන්තර ගඟට පනී ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය සදහන් කරයි. 26 February 2023
අනුර කුමාර ඇතුළු 26කට අධිකරණයෙන් දුන් නියෝගය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට කොළඹ කොටුව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම සහ විරෝධතා පාගමන් වල නියැලීම අද(26) පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය 26 February 2023
අතට අහුවුණු අපරාධකරු අල්ලා ගන්න බැරිවේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය . 25 February 2023
වසන්ත ඇතුළු පිරිස 27 තෙක් රිමාන්ඩ් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 24 February 2023
කල් දාන්න ඡන්දයක් කොහේද කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 February 2023
සෞඛ්‍ය වියදම් තව අඩු කරයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15න් කපාහැර තිබේ. 22 February 2023
කිව්.ආර්. මාස තුනකින් අවසන් වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 21 February 2023
ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය. 20 February 2023
කර්නල්ගේ මෝසම කර්නල්ම ඉල්ලා අස්කර ගනී පළාත් පාලන මැතිවරණයට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබු මෝසම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නැතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතාගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දුන්නේය. 20 February 2023
නාවික සෙබළාගේ පා පහරින් සිව් මස් කලලය විනාශවේ ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 20 February 2023
රට යන අත ගැන ජනතාව කලකිරිලා වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල අනුව රටේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතා තෘප්තිය තව දුරටත් පහත බැස තිබේ. 19 February 2023
පළාත් පාලන බලය කොමසාරිස්වරුන්ට පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2023
බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණද පරිපාලන වියදම් සදහා රුපියල් එක්කෝටි, එකොළොස් ලක්ෂ, අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 17 February 2023
66යි කිවුවත් 251 කින් වැඩි කරලා විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ. 16 February 2023
ගෝඨා චීනයට යයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය. 16 February 2023
හොරාට වෙඩි තැබූ ඕ.අයි.සී ඇතුළු 4ක් ගස් වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය. 15 February 2023
මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 15 February 2023
තැපැල් ඡන්දය කල් යයි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. 14 February 2023
මහේස්ත්‍රාත්ගේ වාහන ඉස්සූ කොල්ලකරු අල්ලයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 14 February 2023
මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක් කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා එය නැවත බාරදීමට අතිරේක දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 13 February 2023
පියවර තුනකින් කඩිනම් සහන දෙන්න රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අද (13) තීරණය කළේය. 13 February 2023
අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක් මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 13 February 2023
බැල්කනියේ සිරකර මහේස්ත්‍රාත්ගේ වාහනය පැහැර ගනී නිවෙසක් මිලට ගැනීමට එන බව හඟවා මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 12 February 2023
’’මට ගහපු එකෙක් බේරෙන්නේ නැහැ’’ නිවෙස ගිනි තබා දේපළ කොල්ලකෑමෙන් තමාට ඇතිවූ දුක ඒක කරපු අයටත් කවදාහෝ ආපස්සට කැරකෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසීය. 11 February 2023
‘මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑ‘ පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය. 10 February 2023
කරන්නාගොඩ ඝාතන සැලැස්මක් හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 09 February 2023
බැංකු පොතෙන් සල්ලි ගනිද්දි 50 ක බද්දක් ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය කරයි. 09 February 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026