IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දැරියකට කාමරයක් දුන් ලැගුම්හල් හිමියා රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

බාලවයස්කාර දැරියකට ඇයගේ පෙම්වතා සමඟ රැයක් ගත කිරීම සඳහා හෝටල් කාමරයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක කළමනාකරුවකු සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (10) නියම කළේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි අපරාධ සිදුවන බවත්, ඊට ලක්වන වින්දිතයන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්වයක් රටේ උද්ගතව ඇති බවත් පවසමින් කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ උස්වැටකෙයියාව ‘සන්සෙට්’ ලැගුම්හලේ කළමනාකරු වන මස්කෙළියේ පදිංචි සිවනාඩියන් සිවරාජ් සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා බව කියන රාගම පදිංචි රිකාෂ් නිසුල නමැති 17 හැවිරිදි තරුණයෙකි.

බාලවයස්කාර පාසල් දැරියක වන තම දියණිය ඇයගේ පෙම්වතා සමඟ පසුගිය 08 වැනිදා රාත්‍රියේ නිවසින් පැනගිය බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කළ දැරියගේ මව, තම දියණිය සොයා දෙන්නැයි ඉල්ලීමක් ද කළ බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් කඳාන පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී බාලවයස්කාර දැරියගේ පෙම්වතා කාන්තා පොලිස් පරීක්‍ෂක ප්‍රදීපා විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරුවලට අනුව උස්වැටකෙයියාව ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක සිටිය දී බාලවයස්කාර දැරිය සොයාගත් බවත්, දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී 08 වැනිදා උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක පෙම්වතා සමඟ රාත්‍රිය ගත කළ බවට තොරතුරු හෙළි වූ බවත් දැනුම් දුන් කඳාන පොලිසියේ නිලධාරීහු, දැරියගේ මඟපෙන්වීම අනුව ඔවුන් රාත්‍රිය ගතකළ උස්වැටකෙයියාව ‘සන්සෙට්’ ලැගුම්හල සොයාගත් බවත් දැනුම් දුන්නේය.

උස්වැටකෙයියාව ‘සන්සෙට්’ ලැගුම්හලේ කළමනාකරු වන මස්කෙළියේ පදිංචි සිවනාඩියන් සිවරාජ් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී රුපියල් 5000ක මුදලකට මෙම යුවළට හෝටලයේ කාමරයක් දුන් බව පිළිගෙන ඇතැයි ද, බාලවයස්කරුවන්ට ලිංගික කටයුතු සඳහා කාමර පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව ද දැනුම් දුන් පොලිසිය, බාලවයස්කාර දැරිය මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දැනුම් දුන්නේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි අපරාධ සිදුවන බවට වාර්තා පළවන බවත්, මෙවැනි අපරාධවලට ලක්වන වින්දිතයන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්වයක් රටේ උද්ගතව ඇති බවත් පෙන්වා දුන් කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යන හෙයින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා, ලැඟුම්හල්වල කළමනාකරුවන්ගේ නොසැලකිලිමත් කටයුතු හේතුවෙන් සමාජයේ විනාශකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි අවධාරණය කළේය.

එය ඉතා බරපතළ තත්වයක් බවත් මේ තත්වය යටතේ සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් සමාජයේ කැලඹීමක් ඇතිවිය හැකි බවත් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර ලැගුම්හල් කළමනාකරු සහ දැරියගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය.

සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

 



අදහස් (6)

දැරියකට කාමරයක් දුන් ලැගුම්හල් හිමියා රිමාන්ඩ්

Kulr Thursday, 11 May 2023 01:16 AM

එතකොට අර කළුතර හෝටලේ කාමරයක හැඳුනුම්පත නිවැරදිව පරීක්ෂනකොට බාලවයස්කාරිනියකට කාමරයකදීම නීත්‍යානුකුල නෑ

:       1       2

lankaputha Thursday, 11 May 2023 07:43 AM

ඇයි සිද්දියට සම්බන්ධ කට්ටිය නැත්තෙ.. ඒකත් බාලවයස්කාරයෙක්, ඇල්කොහොල් පවා බොන්න දීලා, හෝටලේ ඇතුලේ සෙක්ස් කරන්න දීලා.

:       1       2

කිරිපුකා Thursday, 11 May 2023 09:08 AM

බාල වයස්කාර ළමයින් ට ලැගුම් හල් දෙන අයත් , බාල වයස්කාර දැරියන්ට අපරාධ කරන තිරිසනුන් ගලවා ගැනීමට ඉදිරිපත් වන නීතිිය කට පාඩම් කරපු අයත් කරන්නේ මුදල් දෙස බැලීම පමණයි

:       1       9

Pradeep Kumara Thursday, 11 May 2023 09:45 AM

නියමයි. ඔහොම තමයි කරන්න ඕන. ඊට අමතරව හතු පිපෙනවාක් මෙන් දිවයිනෙහි සෑම තැනකම දිනෙන් දින විවෘතවන ලැගුම්හල් පරීක්ෂා කිරීමේ ක්‍රම වේදයක් සාදන්න. විශේෂයෙන්ම උපකාරක පන්ති පැවැත්වෙන නගර ආශ්‍රිතව.

:       2       15

Lalla Thursday, 11 May 2023 11:06 AM

කෙල්ලො නලියනකොට අම්මල තාත්තලට නොතේරි තියෙන්න බෑ. සමහර අම්මල දුවලව උනන්දු කරවනව කොල්ලෙක් අල්ලාගන්න. මේක දරුණු වෙන්නේ ඉතාම දුප්පත් සහ ඉහල සමාජ මට්ටමේ අය අතර. මැද පංතියේ දුවල ගැන දෙමාපියන් සැලකිලිමත්.

:       1       0

Bunny Preena Thursday, 11 May 2023 11:06 AM

මොන විදියේ තද ගෙනාවත් පාට පාට සල්ලි කොළ,පිටරට බීම වර්ග දැකලා නීතිය නමන අය ඉන්නකම් මෙවැනි දේවල් නතර කිරීම හීනයක් පමණයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site