
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසා බව තවත් වසර 25කින් රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම එහි සුවිශේෂී පියවරක් බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එය මෙතෙක් ලොව කිසිඳු රටක සිදු නොවුවක් බව ද අවධාරණය කළේය.
තරුණ පරපුර ඉල්ලා සිටි ක්‍රම වෙනස මෙය වන අතර එම අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ලබාගනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීහු සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරි පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙකු ද මෙහිදී දහස් දැක්වූහ.
පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සදහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසකට මෙම වැඩමුළුව සදහා ආරාධනා කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 75ක් තිස්සේ ඔබලා කරපු දියුණුව දරාගන්න බැරුවයි අපි මේ ඉන්නේ. දැන් දියුණු කළා ඇති. දැන්වත් යන්න..
පින්පති තරුණයින්ට අවස්ථාව දෙනහැටි අපි දැක්කා, පහුගිය මැතිවරණයෙන් පරාද වුණාට පස්සේ පක්ෂය දෙදරලා ගියත් බලෙන්ම නායකකම බදාගෙන හිටපු විදිහෙන්, රට බංකොළොත් වුනේ කොහොමද කියලා බොරුවට හිතහිතා ඉන්න ඕනේ නැහැ.. ඒකේ සුලමුල හොයන්න පාර්ලිමේන්තු විවාදයක් තිබ්බා නම් හරි...
අපේ සීයලාටත් මෙයා මේකමයි කිව්වේ... අපේ තාත්තලටත් මෙයා මේකමයි කිව්වේ... අපිටත් මෙයා මේකමයි කිව්වේ... දැන් අපේ දරුවන්ටත් මෙයා එකම බොරුව කියනවා... දැන්වත් මෙයාලා කියන එකම බොරුව තේරුම් ගනිල්ලා.
තවත් ගොන් කතාවක්... අද අපි දියුණු රටක් නෙවෙයි. අන්ත දුගී රටක්. නියත වශයෙන්ම 2048දීත් එසේමයි.
අද රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ මුන්ගෙ පන්තියේ පවුල් කීපයක් අතර බලය තම පවුලට බලය ලබා ගැනීමට සිදුවූ බල අරගලය නිසා. කොච්චර මරා ගත්තත් මුන් එකෙක්වත් තමුන්ගෙ පන්තියෙන් පිට බලය යන්න දෙන්නෙ නෑ. සල්ලි නෑ කියලා ජන්දෙ කල් දාන්නෙ ඒකයි. 48 සුද්දා රට භාරදීලා ගියෙ D S කියලා කලු සුද්දෙක්ට. D S. පස්සේ එතන්ට එන්න පවුල් තුනක් පොර කෑවා. ඩඩ්ලි, ජෝන්, බණ්ඩා. ඉතින් මුන් තමුන්ගෙ අධාරකාරයෝ වැඩිකර ගන්න නොයෙක් බොරු පොරොන්දු දුන්නා. ජාතිවාදය ආගම් වාදය ඇවිලුවා. පාතාලය ගෙනාවා. එදා ඉදන් අද වෙනකල් රටේ ජනතාව මුන්ගෙ පවුල් වල පශු සම්පත් ගානට දාලා තියෙන්නෙ. ජන්දේ කාලෙට පුන්නක්කු ටිකක් දීලා වැඩ ගන්නවා. ඊට පස්සෙ තණ කොළ වත් නෑ. රට වට්ටපු උන්ම රට හද්න්නෙ නෑ ලොවෙත්. උඹලට නකුට වනලා ජනතාවට විරිත්තන නිල සහ නිල නොවන සුනඛයන්ටයි ඊලග ජන්දෙදි ජනතාව පාඩමක් උගන්වයි
මේ වගේ පරණ හුචක්කුවල උපදෙස් ගන්න තරුණ පරපුර මෝඩ නෑ
තරුන පරපුර. ගැන කතා කරන්නෙ දැන්ද. බාගයක් කුඩු ගහනවා. තව භාගයක් රාගයෙන් පෙලෙනවා. ඉතුරු භාගෙට කන්න නැතිව මග යන්න පන නැහැ. මොන දේ කරන්නත් රටේ නීතිය සැමටම පොදු වෙන්න ඕන. නායකයින්ට එකක්. සල්ලි තියෙන කෙනාටතව නිතියක් නැතිබැරි මිනිහට විතරයි නිතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නෙ. ඔය නඩේ කොහොමද තරුන පර පුර රකින්නෙ. ඔය නඩේ කී දෙනෙක් හොරුද මිනී මරුවෝද. පගාකාරයෝ. මොවුන්ගෙ. පවුල් සමග. ඉතින් ඔය වැඩේ නතර කරලා මේටික ඇතුලට යවන්න ඔබත් සමග. එහෙම වුනාම. තරුන ප්‍රපුර ඉබේම. ලස්සනට හැදෙනවා ඔය ගොබ්බරැල වගෙ නෙමේ. දැන් ඉන්නතරුනයින් උගත් බුද්දිමත් දරුවෝ. ඒ දරුවන්ට මුදල් නැහැ. තමන්ගෙ අරමුනට යන්න. රටේ නායකයට කොනදක්නැහැ. රටේ සේරම සම්පත් හොරා කාලා බාගයක් විකුනම්කාලා. තවත් විකුනන් කනවා. මේ ගොබ්බරැල කරන දෙවල් වලින්. තරුන පරපුරට වෙන්නෙ. චීනාගෙ නුඩ්ල්ස් ෆැක්ටරියේ වැඩ කරන්න.
මේක අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ. අගමැති 3 සැරයක්, මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩකරන අයගෙන් මොන උපදෙස්ද? කිසිම ජනමතයක් නැති කෙනෙක්...
පිනාධිපතිගේ ගොන් කතා අහන්න යන අය කවුද?
පිනට ජනාධිපති වුණු කෙනෙක් කොහොමද අලුත් පරපුරක් අමතන්නේ..?
මෙයා මරු කයිකාරයෙක්. අවුරුදු කීයක් දේශපාලනයේ හිටියාද? මහබැංකු හොරු ටික - බේරිලා ඉන්නවා (එතකොට මෙයා අගමැති) මේ දිනවල රාජ්‍ය ත්‍රස්තවාදය කරන ටික බේරිලා ඉන්නවා (ගම්පහ ඕමාන ගාමන්ට් එකට ගහපු කල්ලියේ ලොකු මදාවියා රාජ්‍ය ඇමැති කෙනෙක්) මොවුන් රට හදයි කියලා හිතන්නවත් පුළුවන්ද?
රනිල් තරුණයින්ට රට බාර දෙන්න තරම් මෝඩයෙක් නොවෙයි හලෝ. ජෙප්පෝ දන්නවා ඔහෙලාව ගොනාට අන්දන්න පුළුවන් කියලා. 1971, 1989, 2022ත් ඔහෙලාව ගොනාට ඇන්දුවා. ඔහෙලා ලස්සනට ඇඳගන්නවා...
ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසා බව තවත් වසර 25කින් රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රනිල් මහතෝ ඔය කියන්නේ 2005න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලන්ට නේද? කොහෙද හලෝ රට දියුණු වුනේ? උන් දන්නේ නැහැ ඔහේ යුද්ධය දිනන්න බැහැ කියා ප්‍රභාකරන්ට උතුරු, නැගෙනහිර බාර දෙන්න ගිය බව... මහින්ද නොසිටින්න අද මුළුරටම ප්‍රභාකරන්ගේ. රනිල් උතුරේ දෙමල්ලුන් සමග කරපු කතා සරුයි කියලා අද පත්තරයක තිබෙනවා. කාටද සරු රටින් කෑල්ලක් ඉල්ලන, උතුරට පන්සල් එපා කියන දෙමළුන්ටද රට අයිති සිංහලයින්ටද...?
අමතන්න ඕනේ අලුත් පරපුරේ දෙමාපියන්ටයි, ගුරුවරුන්ටයි.
අනේ මේ හැමදාම දාන පොත අපි නොදන්නවාද? 1977 අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් මෙයා මේ වගේ පරම්පරාවෙන් පරම්පරාවට ඔය වගේ පම්පෝරි දුන්නා තමයි. මගේ වයස දැන් හැටකට කිට්ටුයි. දැන් අපේ මුනුබුරු පරම්පරාවත් රවටන්න හදනවා. ලෝකේ වටේට තියෙන අනිත් රටවල් දියුණු වෙද්දී අපි තාම මඩ ගොහොරුවේ ඉන්නේ. ඒ මේ ගොල්ලන් කරපු හරිය තමයි. මගේ අත්දැකීම අනුව නම් මේ බොරු පම්පෝරි කතාව ඒකහෙලා ප්‍රතික්ෂේප කරලා කුණු කුඩේකටම දාලා තොලොන්ගි කරලා දාන්න ඕනෑ.
අපිව මිනීමරුවන් නොකර ඉක්මණින් මකබෑවිලා යන්න.
ඔබේ පන්තියේ අයට වැඩ බෑ මහත්තයා. ඒක හැමෝම දන්නවා...