(නිමල කොඩිතුවක්කු)
තම ගැටලු වලට නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා(16) පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් මෙම සතියක විරෝධතාවය ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමානාධිකාරි (වානිජ) ධුරයට නුසුදුසු නිලධාරියෙකු පත්කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අගහරුවාදා(9) මධ්‍යම රාත්‍රි 12ට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළේය.
මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 10ක්, දුරගමන් දුම්රිය 5ක් සහ රාත්‍රී තැපැල් දුම්රිය 7ක් අවලංගු කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික අංශයට දීම හැර වෙන කිසිම විකල්පයක් නෑ..... මේ සේවයක් නොව තම බූදලය කියල හිතාගෙන ඉන්න උද්දච්ච සේවකයන් ආයතනයක් කිසිදිනෙක දියුණු කරන්නේ නෑ.
අර කුඩච්චි අලි වලල්ල මාරු කරන්නේ උබලා නේද ? ලැජ්ජා නැතිද ඕකට ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් හදා ගනිල්ලාකො.