‘‘රනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතුයි‘‘ අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය. 06 July 2022
අනුරට පුළුවන් නම් රට දෙන්න සූදානම් අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 July 2022
ජගත් ගෙන් ජනපතිට සැර ලිපියක් ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්, තමා අද (04)පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 04 July 2022
රුසියාවෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි රුසියා ආණ්ඩුව තමාට එවූ ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව ද හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද(4)පැවසීය. 04 July 2022
ලබන සතියේ රට වැසෙයි? රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද ,ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. 03 July 2022
ගෝඨාගේ ලිපියක් රැගෙන පිරිසක් රුසියාවට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රුසියාවේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන නව වැනි දා රුසියාව බලා පිටත්ව යාමට නියමිතය. 03 July 2022
තෙල් ගැන සුබ ආරංචියක් ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි මාස එකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. 02 July 2022
කුරුණෑගල කළුකඩේ පෙට්‍රල් ලීටරයක් 2000යි රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේවනවිට කුරුණෑගල නීති විරෝධීව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 දක්වා ඉහළට ගොස් ඇති බව වාර්තාවේ. 02 July 2022
ඇඟළුම්හල් 200 මකර කටේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 01 July 2022
කදිනල්ගේ ඉල්ලීමට මැති සබේ පිටුපායි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි නිසා ඒවා ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තුවෙන් දැනුම් දී ඇතැයි කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 30 June 2022
ඩීසල් නැවක් එන දවස සාගල කියයි ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ඉන්ධන අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 29 June 2022
දුම්රිය අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට දුම්රිය රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 29 June 2022
බස් ගාස්තුව සියයට 30 කින් නගී ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් ඉල්ලීමක් කළ බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 28 June 2022
හෙට සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ අද (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. 27 June 2022
විදුලි බිල සියයට 57කින් ඉහළට? විදුලි ගාස්තුව සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැති ඉල්ලා ඇති බවත් එම යෝජනාව පිළිබඳව මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට සති තුනක කාලයක් දෙන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය. 27 June 2022
ඉන්ධන ලෙල්ලටම හිදෙයි ඉන්ධන පිරවුම්හල්වලට අද (27) දිනයේ ඉන්ධන තොග ලබානොදෙන බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බෙදාහරි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය. 27 June 2022
නාලක ආණ්ඩුව පට්ට ගහයි මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්න විසඳීමට පුළුවන් වගක් නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 26 June 2022
ඉන්ධන මිල මහා රෑ වැඩි වෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) අද (26) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 26 June 2022
හිටපු ලොක්කෝ ජනපතිගෙන් තනතුරු ඉල්ලති ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණගැසී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 25 June 2022
මන්ත්‍රී තෙල් නැතුව කළු කඩේට ගිහින් දිවයිනේ සමහර ප්‍රදේශවල ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල ( කළු කඩේ) පෙට්‍රල් සහ ඩීසල් සඟවා තබාගෙන ලීටරයක් රුපියල් 1000ත් 1200ත් අතර මිල ගණන්වලට හොර රහසේ අලෙවි කරන බව වාර්තා වේ. 24 June 2022
ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දුන් සුබ පොරොන්දුව දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දුන්නේය. 23 June 2022
’’හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා’’ තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 23 June 2022
පුටින්ගෙන් මෛත්‍රීට ලිපියක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් එවා ඇති අතර, එරට ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා එය හිටපු ජනාධිපතිවරයාට අද (22) භාර දුන්නේය. 22 June 2022
ණය පැහැර හැරියේ සැලැසුම් සහගතව - ඇමෙරිකන් බැංකුව කියයි ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබේ. 22 June 2022
ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් වෙබ් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි. 22 June 2022
සතොසේ සහල් හොර පාරෙන් මෝලකට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි. 21 June 2022
නන්දලාල්ට දිගටම මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 21 June 2022
21ට කැබිනට් අනුමැතිය විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20)රාත්‍රියේ අනුමැතිය දුන්නේය. 20 June 2022
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය. 20 June 2022
අයි.එම්.එෆ්. කණ්ඩායම අගමැති හමුවෙයි ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය. 20 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026