(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකායෙ හිටපු සෙබළකු වන සසිඳු සඳමිණි මෙන්ඩිස් (24) නැමැත්තා බවත් ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නැමැත්තාගේ වෙඩිකරුවකු බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇති අතර ඇඹිලිපිටිය වැලිකඩ ප්‍රදේශයේ සිය සොහොයුරාගේ නිවසේ සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය ට තොරතුරු ලැබී ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.
එම තොරතුරු අනුව භට කණ්ඩායමක් අද අලුයම 3.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එස්.ටී.එෆ් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් 17 වැනි දා සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම, සහ තවත් පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරීම් ඇතුළු වූ අපරාධ කිහිපයකට මෙම සැකකරු වෙඩිකරු වශයෙන් කටයුතු කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙඩික්කරුවෙක් වෙඩි කයි
Bamunuarachchi Saturday, 24 June 2023 06:16 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා අනුරකුමාර කිව්වා වගේ මතකයි...
Bunny Preena Tuesday, 27 June 2023 11:28 AM
අනුන්ට දෙන බෙහෙතේ රස තමන්ටද දැනෙන්න ලැබෙනවානම් කොච්චර හොඳ දෙයක්ද?