මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ. 06 September 2022
සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. 06 September 2022
ඉන්ධන මිල රුපියල් 50 කින් අඩු කළ හැකියි ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 06 September 2022
ඇළේ සිරවූ පාසල් සිසුවා මරුට ජලය පිරුණු බෝක්කුවකට ඇද වැටී පැයකට ආසන්න කාලය සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයා මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 05 September 2022
ලිට්රෝ ගෘහස්ථ ගෑස් රුපියල් 113 කින් පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 September 2022
නැතිවුන පොතුයි බුදු පිළිමයකුයි මා ගාව: දෙන්න බයයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබෙි . 04 September 2022
ඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි. 04 September 2022
ගෝඨාට තැන දෙන්න සීතා සූදානම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. 03 September 2022
රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර හෙලි කරයි ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජාජබ)පැවසීය. 02 September 2022
වසර හතරක දී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක මුදලක් ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීමට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(01) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 01 September 2022
පොහොට්ටුවේ දහතුනක් විපක්ෂයේ අසුන් ගනිති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 31 August 2022
අතුරු අයවැය කතාව මෙතෙක් අප රටේ පැවැති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කෙරෙන අතුරු අයවැය අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලෝකයට ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම මෙයයි. 30 August 2022
අයවැය කතාව ඇරඹේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹීය. 30 August 2022
වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව් කරලා ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. 29 August 2022
ශ්‍රී ලංකන් කොටස් ප්‍රතිව්‍යුහගත කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 29 August 2022
අර්ජුන වැඩ පටන් ගනී රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයක නිරත වීමට සූදානම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ ගමන අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි. 28 August 2022
ළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනට ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2 වැනි ස්ථානය දිනාගෙන සිටින බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය. 27 August 2022
ගුවන් යානයේදී හිතවත් වූ කතගෙන් ‘‘පණ‘‘ ඇති තෑග්ගක් සෞදියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය ප්‍රවෘත්තියක් කළුතර පොලිසියෙන් වාර්තා වෙයි. 26 August 2022
රන්ජන් රාමනායක එළියට ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. 26 August 2022
රංජන්ට අද සවස එළියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතාට අද (26) පස්වරුවේ ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 26 August 2022
රන්ජන්ට කොන්දේසි සහිත සමාවක් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. 26 August 2022
ඩීසල් - පෙට්‍රල් නැවතත් හිඟයක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (25) පැවසීය. 25 August 2022
නිවාඩු ලබා රට රැකියාවට යන අයට කොන්දේසියක් රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. 24 August 2022
සිසුවාගේ සපත්තුවෙන් නයි පැටවෙක් එළියට කොළඹ ආනන්ද විද්‍යාලයේ. දහතුන් හැවිරිදි ශිෂ්‍යයකු පැළඳ සිටි සපත්තුවක් ඇතුළත කුඩා නයි පැටවකු සිට හමුවීමේ සිද්ධියක් වාර්තා වෙයි. 23 August 2022
22ට එරෙහි විභාගය අවසන්:තීන්දුව කතානායකට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් නවයේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබදව තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව අද ප්‍රකාශ කළේය. 23 August 2022
විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූවායැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23) වරෙන්තු නිකුත් කළේය. 23 August 2022
ඩොලර් පෙන්නා අගරු චෙක් දුන් අධ්යක්ෂවරු දෙකක් රිමාන්ඩ් ඇමරිකානු ඩොලර් ලබා දෙන බව පවසා රුපියල් කෝටි පහ හමාරක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය. 22 August 2022
නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 21 August 2022
පේරාදෙණියේ සරසවි උපදේශිකාව සරදියල් ගලෙන් වැටී මරුට පෙරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකාවක එම ගලෙන් ලිස්සා අඩි 300ක් පමණ ප්‍රපාතයකට වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි 21 August 2022
තනතුරු නැතිව පොහොට්ටුවේ කට්ටිය කලකිරෙයි ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි 20 August 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026