සිද්ධාර්ථ කුමරුන්ගේ උපත සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වානය සිහිපත් කරන උතුම් පුන් පොහෝද අදට යෙදී ඇත.
සම්බුද්ධ තෙමගුල් දින ආමිස හ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් දිවයිනපුර වෙහෙර විහාරස්ථානවල පිංකම් සංවිධානය කර ඇත. මෙවර ජාතික වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය මුලි කරගනිමින් සිදු කරයි.
පාස්කු ප්‍රහාරය හේතුවෙන් 2021 වර්ෂයේ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් පිළිවෙත් පිරීමට නොහැකි වූ අතර කොරෝනා උවදුර නිසා 20202 සහ 2021 වර්ෂවල ද සිමා මායිම් යටතේ වත්පිළිවෙත් සැමරීමට සිදු විය.
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ලොවපුරා සිටින බෞද ජනතාව මුලික කර ගනිමින් ලොව පුරා උවැසි උවැසියෝ වෙසක් පොහෝය මුල්කර ගනිමින් දාන,සීල භාවනා කටයුතුවල යෙදෙති. දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන මුල් කරගනිමින් පෙහෙවස් සමාදම් කිරීමේ කටයුතු මෙන්න දන්සල ද දහස් ගණනක් සංවිධානය කර ඇත.
කොළඹ ගංගාරාම මුල්කර ගනිමින් කොළඹ නගරය පුරා වෙසක් කලාප රැසක් සංවිධානය කර ඇත.
මහනුවර දළදා මාලිගාව, අනුරාධපුර ජයශ්‍රීමහා බෝධිය පොලොන්නරුව ගල්විහාරය,කැලණිය, ඇතුළු වෙහෙර විහාරස්ථාන මුලික කරගනිමින් පින්කම් රාශියක් සංවිධානය කර ඇත. බොහෝ විහාරස්ථාන උවැසි උවැසියන්ගෙන් පිරිගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd