(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය.
ඩෙංගු රෝගීන් 2017 වර්ෂයේදී එක්ලක්ෂ අසූ හය දහසක් හමු වූ බවත් ඒ අවස්ථාවේදී සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගිය බවත් ඔහු සඳහන් කළේය.
එවැනි අවදානමක් මතු වේ දැයි සැකයක් පවතින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් වැඩි වුවහොත් කළමනාකරණය කර ගැනීම ප්‍රායෝගිකව අපහසු වන බවද ප්‍රකාශ කළේය.
ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බව පවසන සෞඛ්‍ය අංශ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවී ඇතැයිද සඳහන් කළේය.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 6,953කි.
දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත් මේ වසරේ මේ දක්වා කාලයේදී එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1262ක් වාර්තාවී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩෙංගු වසංගතයක් වෙයි