
(යොහාන් භාසුර)
'එක්ස්ප්‍රස් පර්ල්' මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් 'බරපතළ අපරාධකරු' වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් බව කී වීරවංශ මහතා පවසයි.
ඒ නිසා 'වහෙන් ඔරෝ' භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගාව ගත්ත ගණනත් දන්නා එකේ නරකද මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කළොත්?
අනේ විමලේ...! ඔබ දන්නවා නම් නඩු දාපන්කෝ...! පත්තරවලටයි, ටීවී වලටයි බෙරිහන් දිදී ඉන්නැතිව... අනේ ඔබලගේ ජාතික ආලේ... කුට්ටිය එද්දී නිහඬයි. මේ රටට කරලා තියෙන විනාශයට ඔබත් ඉහළින්ම ඉන්න අපරාධකාරයෙක්...
මෙයාටත් ඕකෙන් කීයක් හරි ලැබිලා ඇති...
ඔයා දන්නවා නම් කියලා නඩු දාන්නකෝ...!
ඔව්... විජේදාස උන්නැහේ ඒක රටට හෙළිකරන්නත් ඕන ඒක කරපු සියලුදෙනා නීතිය ඉදිරියට විතරක් නොවෙයි, ජනතාව ඉදිරියට ගේන්නත් ඕනෑ...
පොලිස් ඇමැතිතුමනි, වහාම මේ ගැන සොයා බැලීමට උනන්දු වන්න. මෙහි සත්‍ය අසත්‍ය බව සොයාබැලීමට දේශපාලනයට ගැති නොවන රහස් පොලිස් නිලධාරීන් පිරිසක් පත්කරන්න...
මොනවා හරි පචයක් ගොතලා නැවත ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. මිනිහගෙ හැටි කවදත් ඔහොම තමයි.
ඔය නඩුව සිංගප්පූරුවේ අහන්න එකඟ වූ සියලු දෙනා ඔය වංචාවට සම්බන්ධයි... ඒ හැමෝටම නැවු සමාගමෙන් පගාව ලැබිල ඇති, (අර වීරයා වගේ මිනිස්සු මට්ටු කරන්න ලෑස්තිවෙලා ඉන්න ඩීල් දාසත් එක්ක), රටට කොහෙන් හරි ඩොලර් ටිකක් ලැබෙන්න තියනවා නම් රනිල් පොහොට්ටු හොර නඩයත් එක්ක ඉන්න අය එකට විදිනවා, ඉතින් මේ අය රට ගොඩගනීවි කියලා හිතන් ඉන්න මෝඩ මිනිස්සු තවත් ඉන්නවාද?
මගේ විසිල් විතරයි, බල්ටි නැහැ... පොරටෝක් දුන්නට වැඩක් නෑ...
අර ඒ කාලේ කිව්ව වගේ... ඇයි දැන්වත්" පාර්ලිමේන්තුව වටකරලා බෝම්බයක් ගහන්නේ නැත්තේ"?
ජාත්‍යන්තරය සම්බන්ධ කාරණාවක් නම් අනිවාර්යයෙන්ම මෙයා ගිරිය කඩාගන්නවා.