IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව අරන්?

(යොහාන් භාසුර)

'එක්ස්ප්‍රස් පර්ල්' මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් 'බරපතළ අපරාධකරු' වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් බව කී වීරවංශ මහතා පවසයි.

ඒ නිසා 'වහෙන් ඔරෝ' භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද සඳහන් කළේය.

 



අදහස් (11)

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව අරන්?

ලුම්බිණි Monday, 24 April 2023 10:11 AM

පගාව ගත්ත ගණනත් දන්නා එකේ නරකද මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කළොත්?

:       2       81

විජේවීර Monday, 24 April 2023 10:24 AM

අනේ විමලේ...! ඔබ දන්නවා නම් නඩු දාපන්කෝ...! පත්තරවලටයි, ටීවී වලටයි බෙරිහන් දිදී ඉන්නැතිව... අනේ ඔබලගේ ජාතික ආලේ... කුට්ටිය එද්දී නිහඬයි. මේ රටට කරලා තියෙන විනාශයට ඔබත් ඉහළින්ම ඉන්න අපරාධකාරයෙක්...

:       12       109

Perera Monday, 24 April 2023 10:24 AM

මෙයාටත් ඕකෙන් කීයක් හරි ලැබිලා ඇති...

:       9       34

Namal Monday, 24 April 2023 10:30 AM

ඔයා දන්නවා නම් කියලා නඩු දාන්නකෝ...!

:       6       33

කිරිපුතා Monday, 24 April 2023 10:34 AM

ඔව්... විජේදාස උන්නැහේ ඒක රටට හෙළිකරන්නත් ඕන ඒක කරපු සියලුදෙනා නීතිය ඉදිරියට විතරක් නොවෙයි, ජනතාව ඉදිරියට ගේන්නත් ඕනෑ...

:       6       38

Samitha S. Aluthgamage Monday, 24 April 2023 11:10 AM

පොලිස් ඇමැතිතුමනි, වහාම මේ ගැන සොයා බැලීමට උනන්දු වන්න. මෙහි සත්‍ය අසත්‍ය බව සොයාබැලීමට දේශපාලනයට ගැති නොවන රහස් පොලිස් නිලධාරීන් පිරිසක් පත්කරන්න...

:       0       40

prasanna Monday, 24 April 2023 11:14 AM

මොනවා හරි පචයක් ගොතලා නැවත ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. මිනිහගෙ හැටි කවදත් ඔහොම තමයි.

:       11       32

නිමේෂ් Monday, 24 April 2023 12:59 PM

ඔය නඩුව සිංගප්පූරුවේ අහන්න එකඟ වූ සියලු දෙනා ඔය වංචාවට සම්බන්ධයි... ඒ හැමෝටම නැවු සමාගමෙන් පගාව ලැබිල ඇති, (අර වීරයා වගේ මිනිස්සු මට්ටු කරන්න ලෑස්තිවෙලා ඉන්න ඩීල් දාසත් එක්ක), රටට කොහෙන් හරි ඩොලර් ටිකක් ලැබෙන්න තියනවා නම් රනිල් පොහොට්ටු හොර නඩයත් එක්ක ඉන්න අය එකට විදිනවා, ඉතින් මේ අය රට ගොඩගනීවි කියලා හිතන් ඉන්න මෝඩ මිනිස්සු තවත් ඉන්නවා‍ද?

:       8       31

Nandana Monday, 24 April 2023 02:45 PM

මගේ විසිල් විතරයි, බල්ටි නැහැ... පොරටෝක් දුන්නට වැඩක් නෑ...

:       2       13

පොඩිඑකා Monday, 24 April 2023 03:25 PM

අර ඒ කාලේ කිව්ව වගේ... ඇයි දැන්වත්" පාර්ලිමේන්තුව වටකරලා බෝම්බයක් ගහන්නේ නැත්තේ"?

:       1       8

නිහාල් Monday, 24 April 2023 07:18 PM

ජාත්‍යන්තරය සම්බන්ධ කාරණාවක් නම් අනිවාර්යයෙන්ම මෙයා ගිරිය කඩාගන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site