(කේ බුද්ධික කුමාරසිරි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
හිටපු නගරාධිපතිවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවද පොලිසිය පැවසීය.
පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලුපිරිසක් පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.
ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරැවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා තලංගම පොලිසියට සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.
අදාල පහරදීම සිදු කරන ආකාරය පහරකෑමට ලක් වූ තැනැත්තා ජංගම දුරකතනය මගින් වීඩියෝ පටිගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් එකේ ගෙදර ට වඩා සැපේ ඉදී. ඒවා පත්තරේ දාන්නේ නෑ. ඒත් මිනිස්සු දන්නවා .
ජංගම දුරකථනයෙන් වීඩියෝ නොකළා නම්... "තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා“
පොහොට්ටුවේ සාමාජිකයන්ට සහා උන්ගේ වල වහල් බයියන්ට හෙණ හත වැදියන් , උන් මකබැවිලා පල !!!
මාංචු දාපු අත්දෙක උස්සලා පෙන්වන්නේ හරියට ලොකු හපන් කමක් කරලා වගේ. අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරලා නොම්මර 17 චිත්‍රපටයේ විජය කුමාරතුංග ගියෙත් ඔහොම තමයි.
ලංකාවේ දේශපාලුවන්ගෙන් 90% මදාවි ,ධාමරික ,හොර ,වංචා ,දූෂිත චරිත .මුන්ට චන්දෙ දෙන හැමෝම අති අන්ත බොරු මී හරක්
ගහන්න හේතුව ගැන කවුරුවත් හරියට කියන්නේ නැනේ... නිකන් ගහන්නේ නෑනේ...
කඩුවෙල ජනතාවනි, මෙවැනි නරුම, දාමරික තක්කඩියන් නැවත කිසිදා පත් නොකරනු. මන්ද යත් ඊළඟට මෙයා අත උස්සන්නේ ඔබගේ දරුවන්ට හෝ පියාට හෝ සහෝදරයින්ට...
අරගලය නිසා පොඩි වෙනසක් හරි රටේ උනා .නැත්නම් ජරාපක්ෂලා එකතුවෙලා රට ඉවර කරන්නයි ගියේ