
( සුමිත් පොතුපිටිය )
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෝ හතරදෙනා අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූහ.
දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබිණී.
සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගොස් ඇති දැරියගේ මව ඇතුළු 100 කට ආසන්න පිරිසක් අධිකරණ භූමියෙන් පිටත ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී දැරියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා නිහඩ විරෝධතාවකද නියැලී සිටීයහ.
මියගිය දැරියට සාධාරණය ඉටුකරනු, පොලිසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව ගාලුපාරේ මීටර් 50 ක පමණ දුරකට පෙළගැසී සිටී විරෝධතාකරුවෝ නිහඩ විරෝධතාවේ නියැලී සිට මද වේලාවකට පසු විසිර ගියහ.
කළුතර නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දකින්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුව කැමැත්තෙන් ආතල් ගන්න ගිහින් දැන් සාදාරන ඉල්ලන්න ව හොඳම ජෝක්.
අනේ, ඇයි මෙහෙමත් "අහිංසක මිනිස්සුන්ට " විරෝධතා දක්වන්නේ.., කොච්චර නරකද ....මේ සියලු බොරු චෝදනා වලින් නිදහස් වෙලා හෙට අනිද්දම ඔය හතර දෙනාටම "ඇප " නොලැබුනොත් මෙන්න කැට ......
මිනිස්සු ආවේගශිලි වෙමින් සිටිති, රටේ ප්‍රශ්න හමුවේ ප්‍රචණ්ඩකාරි වෙමින් සිටිති. රටේ අපරාධ ද සිග්‍රයෙන් වැඩි වෙමින් ඇත! මිනිස්සුන් ආවේගශීලිත්වයත්වය සහ නොදැනුවත්කම හමුවේ, රටේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනය මනා සිහි බුද්ධියකින් සහ ද මනුෂ්‍යත්වයට ගරු කරමින් ද ක්‍රියා කල යුතුය, අපරාධකරුවා පමණක් නොව නිදෝස් අය ද ඳඩුවම් ලැබිය හැක, එසේ වු අවස්ථා එමට ඇත.
හයක් හතරක් තේරන්නේ නැති ළමයෙක්ලු, මැරුණු ගැහැනු කෙනා පවුලු, රවට්ටගෙන ගෙනියලා විකුණලාලු, පව් වැටිලා තබ්බ තැන සූප්පුවක් තිබුනේ නැද්ද දන්නේ නැහැ.. අඩිය ගහන්න ගෙනියපු...
ඔක්කෝම හෝටල්වල ප්‍රමිතිය හොයලා බලන්න... මේ වගේ කට්ටිය හොටල්වලට යවන්න ඔන්න..
මොන සාධාරණයක්ද බලාපොරොත්තු වෙන්නේ. ඒ කෙල්ලව බලෙන් එක්ක ගිහින් අරක්කු පෙව්වේ නැහැ. කෙල්ල කැමැත්තෙන් ගියා. වැඩේ ගැස්සුණාම බිමට පැන්නා. මේ හෝටලේ බාර නොගත්තා නම් වෙන එකකට යාවි. මේ ගමන ගියේ කෙල්ල දැනුවත්ව.... කෙල්ලට ආපසු යන්න හොඳටම පුළුවන්කම තිබුණා... නමුත් ගියේ නැහැ. මෙයා ඔය කියන ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් නොවෙයි...