(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල්( ණය) ප්‍රමාණය ( සීමාව) කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහේ ( බිලියන පන්දහස) සීමාවේය.
නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි හය ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ඊයේ (11) පළවූ බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බවද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අච්චු කන්තෝරුවක් දැම්මා නම් ගානක් හොයාගන්න පුළුවන් වෙයි වගේ ?
අනේ වාසනාවන් ETF EPF සමෘද්ධි ආදීවූ අරමුදල් වලට අබ සරණයි. උම්බෑ උම්බෑ අපි තවත් ඡන්දය දෙමු
ණයට ගන්නයි විකුණාගෙන කන්නයි විතරක් දන්න ගොබ්බ ආර්ථික ඔස්තාර්ලා රට හිගමනට වට්ටලා තවත් බලහකාරයෙන් බලය අල්ලාගෙන ඉන්නේ. උන්ගේ හොරකම් වහාගන්නයි රටේ ඉතිරිවෙලා තියෙන දේපොල ටික මංකොල්ල කන්නයි තියෙන උවමනාවට. එකට ඉඩ තියෙන්නේ තව බොහොම ටික කාලයයි කියලා මතක තියා ගනිල්ලා.
ණය සීමාව ඉහල දැමීමට අදාලව තාක්ෂණිකව සැකසිය යුතු නීති මට්ටම ඉහල දැමීම සිදු උනාද? ණය සීමාව ඉහල දමන විට හොරකම් කිරීමේ හැකියාව ඉහල යන නිසා නීති අණ පනත් වල මට්ටමද ඉහල දා යුතුය .