නුවර වැව රක්ෂිතයේ හෝටල් - පිහිනුම් තටාක හදලා දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 712ක් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ගෙවල්,හෝටල් සහ පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. 20 May 2025
හිටපු ජනාධිපති මහින්ද රණවිරුවන්ට උපහාර දක්වයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ. 20 May 2025
යුද විරුවන්ට ජනපති උපහාරය යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 19 May 2025
විදුලි බිල වැඩි වන හැටි විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කරන බවත් එම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 18 May 2025
ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති. 18 May 2025
හිටපු ජනපති අධ්යක්ෂ තුසිත හල්ඔලුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. 17 May 2025
පුරපති සටනෙන් කොළඹ ගිනියම් වෙයි මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවිච්චි කිරීම හේතුවෙන් එම සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ. 17 May 2025
මහින්දානන්දට වරෙන්තු ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසමේ පෙනී නොසිටි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 May 2025
රිලා සංගණනයට මාස දෙකයි-වාර්තාව හැංගිලා මෙරට භෝග වලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය සිදු කොට දෙමසක් පිරුණත් එහි කිසිදු සංගණන වාර්තාවක් මේ වනතෙක් පිටවී නැත. 16 May 2025
ලක්ෂ්මන් යාපාට-ආයෝජන මණ්ඩල හිටපු සභාපතිට අධි චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුභපැතුම් එක්කර ශ්‍රී ලංකාවේ පුවත්පත්වල දැන්වීම් පළ කරමින් රජයට පාඩුවක් කළේ යැයි කියන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ජේ ඉදිරිසිංහ, හිටපු අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට යන අයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා ගොනු කළේය. 16 May 2025
ටිරාන් - දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක් කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 15 May 2025
සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද අනුමැතියකින් තොරව ආරම්භ කිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත 15 May 2025
බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය පවසයි. 14 May 2025
බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ගමන් ගත් 12දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙක් පැවසීය. 14 May 2025
දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 May 2025
පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින් පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 13 May 2025
දුම්රිය දුර්වලයි: කෝපා කෝප වෙයි දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය. 12 May 2025
සම්බුදු තෙමඟුල අදයි තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි 12 May 2025
රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි. 11 May 2025
වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි 10 May 2025
ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්දී ඇත. 10 May 2025
මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 09 May 2025
නව පාප්තුමා 14 වැනි ලියෝ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙනි. 08 May 2025
විදුලි බිල ඉහළ දාන්නේ නෑ විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 May 2025
කෙහෙළිය රිමාන්ඩි ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (07) නියම කළාය. 07 May 2025
කෙහෙළිය අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 07 May 2025
ප්‍රසන්න රණවීර රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනාද සිල්වා මහත්මිය නියෝග කළාය. 07 May 2025
හිටපු අමාත්‍ය ප්‍රසන්න බාර වෙයි? කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් ඉඩමක් වංචා සහගත ලෙස විකිනීයැයි වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද අධිකරණයට බාර වූ බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි. 07 May 2025
ඉන්දියාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක් පාකිස්තානයේ සහ පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදා අද(07) අලුයම ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 May 2025
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026