මාස දෙකකදී මාරක රිය අනතුරු 434 ක් ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරී 25 වැනි දින දක්වා දිවයිනපුරා සිදුවු මාරක රිය අනතුරු 434 කින් පුද්ගලයන් 457 කු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 28 February 2022
අසාර්ථක වූ වී වගාවට වන්දි ඉල්ලා උද්ඝෝෂණ රජයේ හරිත කෘෂිකර්මාන්ත වැඩසටහනට අනුව මෙම මහ කන්නයේදී වගා කොට අසාර්ථක වී ඇති තම කෙත්යායේ වී වගාව වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසට ඉල්ලමින් නීලබැම්ම ඔට්ටුපල්ලම ගොවීහු අද (24) දහවල් එම කෙත්යායේ දී විරෝධතාවයක නිරත වූහ. 24 February 2022
බදින තුවක්කුවක් පත්තු වී අයෙක් මරුට කොස්ලන්ද අක්කරසිය ප්‍රදේශයේ දී අද (23) බදින තුවක්කුවක් පත්තු වී තිස් හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි. 23 February 2022
ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උද්ඝෝෂණයක් කොටුවේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (23 ) කොළඹ කොටුව දුම්රිය දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විණි. 23 February 2022
රත්මලානේ අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට රත්මලාන අංජු නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙක් ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 78 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් හාරලක්ෂ විසිදෙදහසකට ආසන්න මුදලක් සමග සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ පවසයි 23 February 2022
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දුරකතනයක් ගෙන ගිය කත මාට්ටු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවකගේ යට ඇදුමේ උපක්රමශිලී ලෙස සඟවාගෙන සිටි ජංගම දුරකතනයක් සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 22 February 2022
බේරුවල මුහුදු වෙරලේ මළ සිරුරක් බේරුවල තානායම ආසන්න මුහුදු වෙරළ ආසන්නයේ තිබී පුද්ගල මළසිරුරක් අද (22) උදෑසන හමුවූ බව බේරුවල පොලිසිය කියයි . 22 February 2022
සංවර්ධන සේවා නිලධාරී සංගමයේ විරෝධතාවක් දුම්රියපොළ ඉදිරිපිටදී සංවර්ධන නිලධාරී සේවා සංගමය අද(21) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. 21 February 2022
ඌවේ නියෝජ්‍ය තැපැල්පති වැඩ බාරගැනීම හෙට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඉන්දික හතුරුසිංහ මහතා ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙස ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේදී හෙට (22) වැඩභාරගැනීමට නියමිතය. 21 February 2022
කෘෂී අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් මහ කන්නයට පෙර පොහොර ප්රශ්නය විසඳන්නැයි ද කෘෂි වන්දි ගෙවීමට චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි ද කියමින් ගොවීහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (21)පෙරවරුවේ උද්ඝෝෂණයක් කළහ. 21 February 2022
නිවෙසක් බිඳ රන්බඩු සොරාගත් තිදෙනකු අත්අඩංගුවට යාපනය බ්‍රවුන්ස් පාරේ නිවෙසක් බිඳ රුපියල ලක්ෂ 24 ට ආසන්න රන්බඩු සොරාගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2022
කොටපොල සමුපකාර සම්තියේ විරෝධතාවක් කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ කල් ඉකුත් වී ඇති දූෂිත සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වහා ඉවත් කොට ඉකුත් දෙසැම්බර් මස පැවැත්වූ කාරකසභා නිලවරණයෙන් තේරී පත් වූ මහා සභිකයින් ගෙන් යුත් මහ සභාව කැදවා නව අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන ලෙසට බල කරවමින් පැවැත් වූ විරෝධතාවක් අද (21) කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතිය ඉදිරිපිට පැවැත්විණි . 21 February 2022
මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි තිදෙනකු දැලේ මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසක දි අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි . 21 February 2022
සහන මිලකට වතුකම්කරුවන්ට තිරිගුපිටි රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහසක් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාදාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩසටහන යටතේ බගවන්තලාව බොගවාන වතු යායේ වතු කම්කරු පවුල් වෙත තිරිගු පිටි ලබාදිම එම වතු යායේ පාලන අධිකාරිය අද (21) දින සිදු කළහ. 21 February 2022
මදුෂ්ගේ ගෝලයක් අල්ලයි මිනි මැරුම් ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි මාකදුරේ මදුෂ් නැමැත්තාගේ ගෝලයකු කැලණිමුල්ල ප්‍රදේශයේ මුල්ලේරියාව පොලිසිය මගින් ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. 18 February 2022
පිරිසකගේ පහරදීමකින් එක්දරු පියා මරුට තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය තේනගම ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති පිරිසක් සහෝදරයන් දෙදෙනෙකුට පහරදී වැඩිමහල් සොහොයුරා ඝාතනය කොට බාල සොහොයුරාට බරපතල තුවාල සිදු කොට ඇතැයි තංගල්ල පොලීසිය පවසයි. 18 February 2022
කොල්ලුපිටිය මංසන්දියේ උද්ඝෝෂණයක් අධ්‍යාපන සමුපකාර වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (17) කොල්ලුපිටිය මංසන්ධිය දී පැවැත්විණි. 17 February 2022
සොරාගත් යතුරුපැදිවලින්ම ගොස් සොරකම් කළ 2 ක් මාට්ටු සොරා ගත් යතුරු පැදි වලින් ගොස් වෙළඳසැල් බිඳ දේපල සොරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි 17 February 2022
ලංකා සීමාවට පැන්න ඉන්දියාවේ 12ක් අල්ලයි මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයන් 12 දෙනකු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ තලෙයිමන්නාරම මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 13 February 2022
පුත්තලම කුරුණෑගල මාර්ගය වසා විරෝධතාවක් පුත්තලම තුනේ කණුව ගම්වාසින් හා පුත්තලම කුරූණෑගල මාර්ගය එම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් වසා දමා පුත්තලම මුලස්ථාන පොලිසියට හා ඉඩම් හිමිකරුවකුට විරෝධය දක්වා අද (11) උදෑසන සිට විරෝධතාවක් අරඹා තිබේ. 11 February 2022
දෙනො දහක් බලා සිටියදි මතුගම මූල්‍ය ආයතනයකට ප්‍රහාරයක් දෙනෝ දහසක් දෙනා බලා සිටියදී තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන යතුරු පැදිවලින් පැමිණි පිරිසක් මතුගම මූල්‍ය ආයතනයකට පහරදී අලාබ හානි කොට පලා ගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි 10 February 2022
ධනුෂ්කගේ ගෝලයකු අත්අඩංගුවට වැල්ලම්පිටිය සාලමුල්ල, ගමගේවත්ත ප්‍රදේශයේ ඉකුත් (31) දින පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු සිටින ධනුෂ්ක නැමැත්තා ගේ අනු දැනුම මත සිදුව ඇති බව තොරතුරු හෙළිව ඇති බව පොලිසිය පවසයි. 07 February 2022
පුරා වස්තු සොයා කැනීම් කළ 2 ක් අත්අඩංගුවට තෙබුවන පිච්චර් පැලස් වත්ත ප්‍රදේශයේ ගල්තලාවක් තුළ තැන්පත් කර ඇතැයි කියන රනින් නිමවන ලද කෙන්ඩියක් ලබා ගැනීම සඳහා කැනීම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 07 February 2022
කලුගල් වැඩපලකට එරෙහිව විරෝධතාවක් මීරිගමදී මීරිගම දෙල්වල පුංචි මූකලංහේනවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ ගල් කැඩීමේ ස්ථානයක් නිසා මහත් පරිසර හානියක් සිදු වන බවට චෝදනා කරමින් මුත්තෑවත්ත ප්‍රදේශවාසීහු අද (6 ) උදේ උද්ඝෝෂණයක යෙදුණු හ. 06 February 2022
හැටන් රක්ෂිතයේ ගින්නක් මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50 පමණ ගිනිගෙන විනාශ වි ඇත. 06 February 2022
සද්ධන්තයන් දෙදෙනා හක්කපටස්වලට බිලි හක්කපටස් කෑම නිසා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වල් අලින් දෙදෙනකු අද(05) මරුමුවට පත්වූ බව වනජීවී නිලධාරීහු කියති. 05 February 2022
ගලපිටියාගම වැවේ කාන්තා මළ සිරුරක් නිකවැරටිය , ගලපිටියාගම වැවේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් (04) අලුයම සොයා ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 04 February 2022
ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව සර්ව රාත්‍රික ධර්ම දේශනාවක් ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව වාර්ෂිකව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඊයේ (02) පැවැත්වුණී. 03 February 2022
ලක්ෂ 40 හෂීස් සමඟ අයෙක් අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් ඒකකය මගින් ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක් වටලා හෂීස් කිලෝ 03 යි ග්‍රෑම් 926 ක් සමග වයස අවු. 34 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. 02 February 2022
පිහි ඇනුමකින් තරුණයෙකු මිය යයි තලංගම උතුර පොතුඅරාව කැකිරිහේන ප්‍රදේශයේදී මිතුරන් අතර ඇතිවූ කතාබහ දුරදිග යාමෙන් අනතුරුව ඇති වූ පිහි ඇනුමකින් තරුණයෙකු මිය ගොස් ඇතැයි මාලබේ පොලිසිය කියයි 01 February 2022
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026