(ඉන්දිකා රාමනායක)
මිනි මැරුම් ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි මාකදුරේ මදුෂ් නැමැත්තාගේ ගෝලයකු කැලණිමුල්ල ප්‍රදේශයේ මුල්ලේරියාව පොලිසිය මගින් ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.
රංචු ගැසී ස්ත්‍රි දුෂණය කිරීම, ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑම, ගිනි අවි ළග තබා ගැනීම, නිවෙසකට ගිනි තබා අනර්ථයක් සිදුකිරීම, හොරොයින් ජාවාරම, සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු රැසක් අධිකරණ රැසක විභාග වන බවද පොලිසිය කියයි.
සැකකරු සිය අනියම් බිරිඳ සමග කැලණිමුල්ල නිවස සිටින බවට ලැබුණ තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් මත්කුඩු ග්‍රෑම් 5 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
සංවිධානාත්මක අපරාධ කරුවෙක්ව සිටි මාකදුරේ මධුෂ් ගේ සමීපතමයෙක් ව සිටි මෙම සැකකරු ඔහුගේ අනු දැනුම මත මෙම අපරාධ වල නිරත වී ඇති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd