
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම දෙල්වල පුංචි මූකලංහේනවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ ගල් කැඩීමේ ස්ථානයක් නිසා මහත් පරිසර හානියක් සිදු වන බවට චෝදනා කරමින් මුත්‍තෑවත්ත ප්‍රදේශවාසීහු අද (6 ) උදේ උද්ඝෝෂණයක යෙදුණු හ.
චීන ජාතික සමාගම ක ද පරිපාලනය යටතේ මහා පරිමාණයෙන් කළුගල් කැඩීම හා ගල්කුඩු කිරීම සිදුකරන බවත් ඒවා ප්‍රවාහනයේ දී මෙන්ම නිෂ්පාදනයදි ඇතිවන දූවිලි අංශු නිසා ප්‍රදේශයේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව ට ජනතාව කරුණු දැක් වූහ .
එමෙන් ම මෙම වැඩ බිමේ මහා පරිමාණ නළලිං ක්‍රියාත්මක වීම හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජලය සිදී යාමේ බලවත් තර්ජනයක් ඇති බවද ඔවුහු සඳහන් කළහ.
මේ තත්ත්වය වළක්වා තමන්ට නිදහසේ පරිසරයේ ගත කිරීමට හැකි වාතාවරණයක් සලසා දෙන ලෙසට ඉල්ලා සිටි මේ පිරිස ඉන් අනතුරුව පෙළපාලියකින් වැඩ බිම කරා ගමන් කර ඔවුන්ගේ විරෝධය පළ කිරීමට ද කටයුතු කළේ ය.
මෙම වැඩ බිමෙහි දැවැන්ත ගල් කුඩු කඳු දක්නට තිබූ අතර තද සුළං සමග මෙම ගල් කුඩු තම නිවෙස් කරා පැතිරී යන බවට ජනතාව මෙහිදී චෝදනා කළහ .
ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පරිපාලනය යෙදී සිටින චීන ජාතිකයින්ගෙන් විමසීමට උත්සාහ ගත්තත් ඔව්හු පිළිතුරු දීමෙන් වැළකී සිටියහ .
ආයතනයේ පාලනාධිකාරිය විසඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් වාහන ගමනාගමනයට බාධා කළහ.
පැයක් පමණ වේලා මාර්ග විරෝධතාවය පැවති අවස්ථාවේදී චීන ජාතික නියෝජිතයකු පැමිණ විරෝධතාකරුවන් හා සාකච්ඡාවක යෙදුනහ.
විදුලිබල ගැටලුවක් විසඳා ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන්ට නල ජල මාර්ගයෙන් ජලය ලබාදීමට පියවර ගන්නා බවට ලිපියක් ලබා දෙන පොරොන්දු විය.
එමෙන්ම දූවිලි වලින් සිදුවන හානිය අවම කරන ලෙස ද ලෙසද ගම්වාසීහු ඔවුනට බල කළහ. එසේ වුවද වුවද දහවල් දොළහ වන තුරුත්වාහන පිටත් කර යැවීමට විරෝධතාකරුවන්ගෙන් අවසරයක් ලැබී තිබුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නීතිය හරියාකාරව තිබ්බාට ක්‍රියාත්මක වන්නේ නැහැ. අදාල ආයතන නිහඬයි. මෙවැනි දෑ සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් තිබියදීත් අදාළ ආයතන නිහඬයි. මිනිස්සුන්ට පුද්ගලික වශයෙන් නඩු පවරන්න හැකියාවක් තිබ්බත් ඒක වියදම්කාරී වැඩක්... කාර්මික ශබ්ද දූෂණය, කාර්මික පරිසර දූෂණය නිසා "මහජන කරදරය " නම් වරද සිදුවෙනවා. එය දණ්ඩ නීති සංග්‍රහයේ 261වැනි වගන්තිය ප්‍රකාරව නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්...!