
(ළහිරු හර්ෂණ )
සංවර්ධන නිලධාරී සේවා සංගමය අද(21) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
අනතුරුව ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගොස් ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් වරයෙකු වෙත සංදේශයක් භාර දීම සිදුකෙරිණි.
සේවයෙහි නියුතු සංවර්ධන සහකාර , සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ දී උපරිම වයස් සීමාව වන අවුරුදු 35හේ වයස් සීමාව ඉවත් කරන ලෙසත්, ජාතික පාසල් පළාත් පාසල් වල පාසල් වල සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරී, ගුරු තරග විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd