(ඉන්දිකා රාමනායක)
යාපනය බ්‍රවුන්ස් පාරේ නිවෙසක් බිඳ රුපියල ලක්ෂ 24 ට ආසන්න රන්බඩු සොරාගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් එක් සැකකරුවෙක් ප්‍රධාන සැකකරු බවත්, සෙසු තිදෙනා රන් බඩු අලෙවි කළ සැකකරුවන් බවද පොලිසිය පවසයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරු යාපනය කස්තුරියා පාරේ පදිංචිකරුවෙක් බවත්. ඉකුත් ජනවාරි මස 31 දින දහවල් සැකකරු ඉහත නිවසට හොර රහසේ ඇතුලු වී එහි තිබු පවුම් 24 ක් රන්බඩු සොරාගෙන ගොස් ඇතැයිද කියයි.
ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) සැකකරු යාපනට කස්තුරියා පාරේ දී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී ඔහුගේ සාක්කුවේ තිබු රන් වළල්ලක් හා මුදු දෙකක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහු විසින් ඉහත නිවස බිද රන් බඩු සොරා ගැනීමේ තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි.
සැකකරු විසින් සොරාගත් රන් බඩු සෙසු සැකකරුවන් දෙදෙනා උකස් ආයතන වල උකස් තබා බවට හෙළි වී ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමේ ඔවුන් යාපනයේ උකස් ආයතන දෙකක් වෙත අලෙවි කර තිබු රන් පවුම්24 ක් රන් බඩු සොරාගෙන ඇත.
මෙම භාණ්ඩ අතර , රන් වළලු, මාල, තැලි, මුදු, පෙන්ඩන්ට්, කරාඹු වන බවද පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවෙසක් බිඳ රන්බඩු සොරාගත් තිදෙනකු අත්අඩංගුවට