(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය , ගලපිටියාගම වැවේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් (04) අලුයම සොයා ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම කාන්තාව ගලපිටියාගම ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක.වන ධම්මිකා පතිරණ (59) බවට මූලික පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
ගලපිටියාගම වැවේ මාලු ඇල්ලීම සඳහා අලුයම වැවට පැමිණි ධීවරයන් කාන්තා මළ සිරුර ජලයේ පාවෙමින් තිබෙනු දැක පොලීසියට දැනුම් දීමෙන් පසුව සිරුර ගොඩ ගෙන පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට බාර දුන් බවද පොලීසිය සඳහන් කරයි.
මෙම කාන්තා්වගේ.මරණය කුමණ.වෙලාවක.කෙසේ සිදු වූවාද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද, මිය ගිය කාන්තාවගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගලපිටියාගම වැවේ කාන්තා මළ සිරුරක්