(ක.ග.කරුණාරත්න)
හක්කපටස් කෑම නිසා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වල් අලින් දෙදෙනකු අද(05) මරුමුවට පත්වූ බව වනජීවී නිලධාරීහු කියති.
පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉහල ඇල්ලේවැව සහ කන්දේගම යන ප්‍රදේශවලදී මෙම අකල් අලි මරණ සිදුව තිබේ.
දිඹුලාගල ඉහල ඇල්ලේවැව ප්‍රදේශයේදී මිය ගිය අලියා අඩි 08ක් පමණ උස අවුරුදු 25ක් වයස වන බවත් කන්දේගම ප්‍රදේශයේදී මියගිය අලියා අවුරුදු 10ක් 12ක් පමණ වයස අඩි 06ක් පමණ උස බවද විමර්ශන සිදුකරන වෙහෙරගල අලිපාලන ඒකකයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
මියගිය වන අලින් දෙදෙනාම පිරිමි සතුන් බවද එම නිලධාරීහු සඳහන් කරති.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වාසය කල මෙම අලින් දෙදෙනා ආහාර සොයා මහවැලි ගම්මානවලට පැමිණ සිටියදී කිසියම් පිරිසක් විසින් අටවන ලද මර උගුල්වල තිබී හක්කපටස් ආහාරයට ගෙන ඇතිබව වනජීවී නිලධාරීන් විසින් සිදුකල විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සද්ධන්තයන් දෙදෙනා හක්කපටස්වලට බිලි