
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් ඒකකය මගින් ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක් වටලා හෂීස් කිලෝ 03 යි ග්‍රෑම් 926 ක් සමග වයස අවු. 34 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
නිවස තුළ තනන ලද විශේෂ රහස් බංකරයක සූක්ෂම ලෙස සගවා තබන ලද මෙම හෂීස් තොගයේ වටිනාකම රු. ලක්ෂ 40 කට අධික වේ.
තවද විද්‍යුත් තරාධියක් ජංගම දුරකථන 02 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 34 ක් වන සැකකරු හා භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd