පුත්තලමේ කොම්පෝස් අංගනයේ කුණු කන්දේ ගින්නක් පුත්තලම නගර සභාව සතු කොම්පොස් අංගනය ආසන්නයේ පිහිටි කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇතැයි පුත්තලම පොලීසිය කියයි . 31 January 2022
ලංකාපුර ප්‍රා.සභාවට රන් සම්මාන දෙකක් වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා 2019 වාර්ෂික තරඟවලියෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාව රන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්ව සිටියි. 31 January 2022
බොරැල්ලේ ඇළක මළ සිරුරක් බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ ඇළක තිබූ පිරිමි මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර හමුවූ බව බොරැල්ල පොලිසිය කියයි 31 January 2022
ලංකා වතුසේවක සංගමයේ විරෝධතාවක් මස්කෙළියේ ලංකා වතු සේවා සංගමයේ සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව වහා තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් මස්කෙළිය-හැටන් ප්‍රධාන මාර්ගයේ, මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී අද (31) නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ. 31 January 2022
රිය අනතුරින් අයෙක් මරුට:දෙදෙනකු රෝහලේ මගුල් ගෙදර යමින් සිට පිරිසක් රැගත් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසිය කියයි. 29 January 2022
ගජමුතු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට මිලකල නෙහැකි ගජමුතු දෙකක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කරදියනාරු පෙරියපිල්ලුමලේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇත. 29 January 2022
අත් බෝම්බයක් සමග තරුණයෙක් අල්ලයි ජීව අත්බෝබයක් සමග සැකකරුවෙක් දික්වැල්ල අළුත්ගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 January 2022
නාඳුනන කාන්තා මළ සිරුරක් මහවැලි ගඟේ ගම්පොල ඉල්ල වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගත් බව ගම්පොල පොලිසිය පවසයි. 27 January 2022
වැඩි මිළට සිමෙන්ති වික්ක අයෙක් අල්ලයි රජයේ අනුමත මිළට වඩා වැඩි මිළට සිමෙන්ති අලෙවි කළ පුද්ගලයකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 27 January 2022
කංසා හේනකට ගිනි තියයි තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයේ විදුලි වැටට ආසන්න ගල් ආර ප්‍රදේශයේ අක්කර භාගයක් පමණ මහා වනාන්තරය හෙළිපෙහෙළි කර සිදුකරනු ලැබූ කංසා හේනක් වැටලීමට තිස්සමහාරාම පොලිසිය අද (26) කටයුතු කර තිබේ 26 January 2022
ලක්ෂ 14 ක හොර සිගරට් වත්තල වෙළඳසැලකින් මතුවෙයි රුපියල් ලක්ෂ 14 ට අධික වටිනා නීති විරෝධී සිගරට් තොගයක් වත්තල හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි . 26 January 2022
යතුරු පැදිය ගසේ හැපී කොස්තාපල් මරුට තලංගම කොස්වත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේදී සිදු වූ යතුරු පැදි අනතුරකින් බස්නාහිර පලාත් දකුණු රථවාහන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි 26 January 2022
හෝටල් නාන කාමරයේ කුඩු පැකට් කරලා දික්වැල්ල බතීගම ප්‍රදේශයේ හෝටලයක නාන කාමරයක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටී සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ 1 1/2 ට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 26 January 2022
වාහන උස්සා මස් කරන 3 ක් මාට්ටු වාහන සොරාගෙන කොටස් කිරීමේ නිරත බව කියන පුද්ගලයින් තිදෙනෙකු සමග සගවා තිබූ වාහනයක කොටස් අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 25 January 2022
යතුරුපැදි උස්සා මුහුණු පොතෙන් අලෙවි කළ අයෙක් මාට්ටු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරාගෙන මුහුණු පොත හරහා අලෙවි කරණ සැකකරුවෙකු බඩල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 January 2022
පේෂ කර්මාන්ත විශ්‍රාමිකයෝ කොළඹ විරෝධතාවක රජයේ බලවේග පේෂ කර්මාන්ත සේවකයින් 800 කට ආසන්න පිරිසකට ගෙවීමක් කරන ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී අවුරුද්දයි මාස 6 ක් ගතවී තිබුණ ද එම ගෙවීම් නොකිරීමට විරෝධය දක්වමින් රජයේ බලවේග පේෂ කර්මාන්ත ඒකාබද්ධ සංගමයේ සාමාජිකයෝ අද (24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ. 24 January 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර භාණ්ඩාගාරය විශේෂ ඒකකයකට පැවරීමට විරෝධය පළ කරමින් එහි සේවකයෝ අද (24) පස්වරුවේ එම දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 24 January 2022
පොලු වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කරලා හිසට පොලුවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (24) අලුයම ඔහුගේ නිවස ඉදිරිපිටදීම හමුවූ බව දොඩංගොඩ පොලිසිය පවසයි . 24 January 2022
පන්සල්වල පිත්තල බඩු ඉස්සූ ජෝඩුවක් මාට්ටු දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පන්සල්වලින් පිං කැට සහ පිත්තල භාණ්ඩ සොරාගත් ගත් බව කියන යුවළක් අත් අඩංගුවට ගත්බව යක්කල පොලීසිය කියයි. 23 January 2022
කෑමට නුසුදුසු ආහාර විකිණූ 15 කට නීතිමය පියවර බගවන්තලාව නගරයේ පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළ දුන් 15 දෙනෙකුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට අද (22) කටයුතු කළ බව නුවරඑලිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල සෙනවිරත්න මහතා පැවසිය. 22 January 2022
කාසල්රි ජලාශ රක්ෂිතයේ ගින්නක් කාසල්රි ජලාශ රක්ෂිතයේ (21) දින පස්වරුවේ ගින්නක් හටගෙන ඇත. 21 January 2022
ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මහරගම පොලිස් වසමේ ස්ථාන දෙකක පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවකු ඇතුළු සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි . 20 January 2022
ගාලු කුමාරිට පානදුරේදී අයෙක් බිලි පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගාලුකුමාරි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 20 January 2022
හොරොයින් සමග කතක් මාට්ටු හොරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි කාන්තාවක් පමුණුගම තිස්ස මාවතේ නිවසක දී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලිසිය කියයි 20 January 2022
පුවක් ගසේ කඳට යටවී පුද්ගලයෙක් මරුට කහතුඩුව වෑතර ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසක් පිටුපස වත්තක කඩා වැටුණු පුවක් ගසක කඳට යටවීමෙන් මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි . 18 January 2022
‘මුදා හරින්න ගිය පිඹුරා වනජීවී නිලධාරියාගේ අත සපා කාලා‘ පුත්තලම වනජීවි පාලන ඒකකයේ නිළධාරින් අල්ලා ගත් පිඹුරෙකු මුදා හැරිමට යාමේදී අද ( 17) වනජීවි අඩවි ආරක්ෂක නිළධාරියකු සපා කෑ බව වනජීවී නිලධාරීහු කියති. 17 January 2022
රිය අනතුරින් 3ක් රෝහලේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි. 17 January 2022
මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි 6 ක් අත්අඩංගුවට කාලය ඉකුත් වු මෙහෙයුම් බලපත්‍රයක් සන්තකයේ තබා ගෙන මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි 16 January 2022
නිධන් හාරන්න ගිය 5 ක් දැලේ මෝල්කාව කෙලින්කන්ද මාකෙලිය ඇල්ල ආසන්න කොස්ගුලන ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි. 16 January 2022
දියේ ගිලී සිසුවා මරුට මිතුරන් පිරිසක් සමඟ මකල්දෙණිය ගගේ දියනෑමට ගිය 16 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි . 16 January 2022
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026