
( එච්. චන්දන )
මගුල් ගෙදර යමින් සිට පිරිසක් රැගත් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසය කියයි.
මෙම අනතුර අද (29 )සිදු වී ඇති අතර අනතුරෙන් වයස අවුරුදු 26 තරුණයෙක් මිය ගොස් තිබේ.
තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් කල්පිටිය රෝහලටත්, අනෙක් පුද්ගලයා පුත්තලම රෝහලටත් ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.
රියදුරුට වේගය පාලන කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවත පැන මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට තුවාල ලබා රෝහල් ගත කර ඇති රියදුරු අත් අඩංගුවට ගැනීමට නියමිත අතර කල්පිටිය පොලිිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරණු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd