IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හොරොයින් සමග කතක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,සහ පාරදුර සුමිත් ප්‍රේමතිලක)

හොරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි කාන්තාවක්  පමුණුගම  තිස්ස මාවතේ නිවසක දී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මත්කුඩු සමඟ  අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලිසිය කියයි 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකේ මත්කුඩු ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් ,මත්කුඩු පැකට් පහළොවක් , වීදුරු කැබැල්ලක්, පැකට් කිරීමට ගන්නා කුඩා කොළ කැබලි  තොගයක්  බ්ලේඩ්   ආදිය පොලිස් භාරයට ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය 

අත්අඩංගුවට ගත් කාන්තාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන "පමුණුගම කුකුල් අන්ඩාගේ" බිරිද බව පොලිසිය කියයි.

වැටලීම  කරන අවස්ථාවේ දී කාන්තාව කාමරයක්  තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිස් නිලධාරීන් දැකීමත් සමගම  සැකකාරිය එම මත්කුඩු ශරීරය තුළ සඟවා ගැනීමට   දැඩි උත්සාහයක් දැරූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

මත්කුඩු ජාවාරම හේතුවෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ මෑතකදී ඇපමත පැමිණ තිබූ සැකකාරියගේ ස්වාමි පුරුෂයා වන කුකුල් අන්ඩා නමැත්තා සැකකාරියට  මෙම මත්කුඩු ලබාදී  පැකට් කරන ලෙස පවසා තිබු බව පොලිසිය කියයි 

 වයස අවුරුදු හතළිස් එකක් වන සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

 



අදහස් (0)

හොරොයින් සමග කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31026 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13150 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site