ඉඩම් ආරවුල දුර දිග ගොස් 3ක් රෝහලේ මීගහකිවුල ඇල්ලන්ද ප්රදේශයේඉඅතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් ඉකුත් ඇති වූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රෝබේරිය හා මීගහකිවුල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 10 April 2022
සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අල්ලයි පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ජීලේ නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ ප්‍රධාන ගෝලයෙකූ වන චාමර නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 08 April 2022
මත්ද්‍රව්‍ය-කඩු - මුදල් සමග තිදෙනෙක් මිල්ලනිය දී අත්අඩංගුවට බස් ව්‍යාපාරය කරන මුවාවෙන් කොළඹ මත්ද්‍රව්‍ය රැගෙන විත් මිල්ලනිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක බෙදාහැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය බස්රථ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනෙක් මිල්ලනිය සිසිල වත්ත නිවසක දී අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 03 April 2022
උ‘මැද අනියම් සේවකයෝ පාරට බසිති උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන 28 ක අනියම් සේවකයන් 846 දෙනෙකු තමන්ගේ රැකියා ස්ථිර කර දෙන ලෙසටත්, රජයේ රැකියා දස ලක්ෂයේ වැඩ සටහන යටතේ සේවකයන් පළාත් පාලන ආයතන සදහා බඳවා ගැනිම අත්හිටුවන ලෙස ඉල්ලා අද (31) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරතවුහ. 31 March 2022
සිවිල් සංවිධාන නියෝජිතයෝ පාරට බසිති ජනතාව පීඩාවටපත්කරමින් ගෙන යන ආණ්ඩු පාලනය නවතා දමා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයින් වවුනියාව නගරයේ ඊයේ (31) විරෝධතාවක නිරත වූහ. 31 March 2022
මහබැංකුව ඉදිරිපිට විරෝධතාවක් සිංහල සංවිධානය හා සිංහල රාවය සංවිධාන එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (30) කොළඹ මහ බැංකුව ඉදිරිපිට පැවැත්විණි. 30 March 2022
ජෙනිය දිගේ ආ අකුණෙන් කාර්යාල උපකරණ විනාශ වෙයි ගල්කිස්ස මංසන්ධියේ අතුරු මාර්ගයක පිහිටි තෙමහල් කාර්යාල ගොඩනැගිල්ලක බිමි මහලේ විදුලි උත්පාදක කාමරයේ ජෙනරේටරයට අකුණු සැර වැදී ඇතිවූ ගින්නකින් එහි දේපළ දැවී විනාශවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කියයි . 29 March 2022
ඔසු සැලක් බිඳ මුදල් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් රුපියල් ලක්ෂ දා හතක් වටිනා මුදල් හා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු කොට්ටාව පොලිසිය මගින් අද (27) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 27 March 2022
නිධන් ගන්න ගිය තුනක් පොලිස් අත්අඩංගුවට හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ ගෙවත්තක නිධානයක් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 27 March 2022
හෙරොයින් ජාවාරම්කරු එස් ටී එෆ් දැලේ හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 240,000 ක් සමඟ පුද්ගලයෙක් කඩවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමට සමත් විය. 25 March 2022
සෞඛ්‍ය සේවිකාවට අතවරකිරීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට සේවය නිමවා නිවසට යමින් සිටී නාගොඩ මහ රෝහලේ සෞඛ්‍ය සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී භාරදුන් බව තෙබුවන පොලීසිය පවසයි. 25 March 2022
යතුරුපැදි සොරා කටුනායකදී මාට්ටු රුපියල් කෝටියක් පමණ වටිනා ’’ හොන්ඩා ඩියෝ ’’ වර්ගයේ යතුරු පැදි 15 ක් සොරකම් කර , අලෙවි කර ඇති පුද්ගලයෙකු කටුනායක , වලානගොඩ නේවාසිකාගාරයක සිටියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 20 March 2022
පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට අහංගම නගරයේ ඉදි වෙමින් පවතින දෙමහල්ගො ඩනැගිල්ලක් තුළදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වැඩ බිමේ සේවකයින්දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 20 March 2022
ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍යය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (18) ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි. 18 March 2022
සුපිරි වෙළදසල් කොල්ලකෑ 5ක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල් 14 ක් බිඳ රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා දුම්වැටි ඇතුළු දේපල පස්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි . 17 March 2022
ලුනාවේ නිවෙසක් ගිනි රකුසාට බිලි මොරටුව ලුනාව හතර වන පටුමගේ නිවසක අද සවස හයට පමණ ඇති වූ ගින්නකින් එම නිවස මුළුමනින්ම දැවී අළු වී ඇති බව මොරටුව මහ නගර සභා ගිනි නිවන ඒකකයේ ප්‍රධාන නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය. 16 March 2022
බඹරු ඇන 20 කට තුවාල මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ වෙල්යායක ගොයම් නෙළමින් සිටි පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් කුඹුරේ සිටි 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවූ කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 15 March 2022
ජාතික රෝහල ඉදිරිපිට හෙද වර්ජනයක් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (14 ) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි. 14 March 2022
බදුල්ල නගරයේ උද්ඝෝෂණයක් සංවර්ධන සේවා සංගමය , රැකියා ලාභී උපාධිධාරී සංගමය සංවිධානය කළ පෙළපාලියක් හා උද්ඝෝෂණයක් බදුල්ල නගරයේදී අද (14) දහවල් පැවැත්විණ . 14 March 2022
මුලතිව් කැලෑවක වූ පිපිරීමකින් අයෙක් මරුට මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි. 10 March 2022
ගෝනාපීනුවල සිද්ධිය ප්‍රධාන සැකකරු මාට්ටු ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති බහින්බස් වීමක් අතරතුර ටී 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා පලාගිය සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 07 March 2022
වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් වැලිකඩ පොලිස් ස්ථානාධිපති එපා යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කසල ඉවත් කරන සේවකයින් අද (5) වැලිකඩ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ. 05 March 2022
ලක්ෂ 28 ක දුම්වැටි වැල්ලම්පිටියෙන් අල්ලයි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 28 කට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් වැල්ලම්පිටිය සමගි මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 04 March 2022
ලක්ෂ 7 ක දුම්වැටි සමඟ අයෙක් අල්ලයි තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල්දු ලක්ෂ 7කට අධික වටිනා දුම්වැටි සමග සැකකරුවෙකු වෙරළබඩ පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි . 03 March 2022
තෙල්-ඉන්ධන අර්බුදයට විසදුම් ඉල්ලා අ’පුරේ උද්ඝෝෂණ ජනතාව පෙළන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (02) දින අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදි පැවැත්වුණි. 02 March 2022
හෙරොයින් ගෙන බන්ධනාගාරයට ගිය පුද්ගලයෙක් මාට්ටු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවෙකුට ලබා දිමට රැගෙන එන ලද හෙරොයින් පැකට් 4 ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දොපාර්තමේන්තුව කියයි. 02 March 2022
ගව ඝාතකාගාරයක් වටලා 7ක් අත්අඩංගුවට අවිස්සාවේල්ල තල්දූව සුවිසල් දෙමහල් නිවෙසක් පිටුපස නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් හත් දෙනකු අද ( 2 ) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි. 02 March 2022
ලක්ෂ 4 ක දුම්වැටි සමග කාන්තාවක් දැලේ තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 4 ට අධික දුම්වැටි තොගයක් සමග කාන්තාවක් , මාකොල උතුර, ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 02 March 2022
තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ඉල්ලා ජවිපෙ පාරට ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් යක්කල නගරයේදී අද සවස පැවැත්විණි. 01 March 2022
ඉන්ධන ඉල්ලා පිරිසක් නොසන්සුන් වෙයි තිස්සමහරාමයේ සිට මස්කෙලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි තරුණයන් පිරිසක් තම වාහනයට ඩිසල් ඉල්ලා හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක කලමණාකරු සහ සේවකයින් සමග නොසන්සුන්කාරි ලෙස හැසිරිණ. 28 February 2022
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026