(නිශාන්ත කුමාර)
මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ වෙල්යායක ගොයම් නෙළමින් සිටි පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් කුඹුරේ සිටි 20කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවූ කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ පදිංචි පිරිසකි. තුවාල ලැබූවන් වයස අවුරුදු 45-65 ත් අතර පසුවෙති.
වෙල්යාය ආසන්නයේ වූ කෝන් ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වූ බව තුවාල ලැබූවෝ පවසති.
ගොයම් නෙළමින් සිටි පිරිස වෙත එක්වරම කඩා වැදුණු බඹර රංචුව ගොවීන්ට පන්න පන්නා පහර දී ඇති අතර බොහෝ පිරිසක් බඹරුන්ගෙන් බේරීම සඳහා කැලෑවට වැදී ඇත. බඹරුන්ට බියේ දිවගිය කීප දෙනෙකු ඇද වැටීමෙන්ද තුවාල ලබා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බඹරු ඇන 20 කට තුවාල