(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටියක් පමණ වටිනා " හොන්ඩා ඩියෝ " වර්ගයේ යතුරු පැදි 15 ක් සොරකම් කර , අලෙවි කර ඇති පුද්ගලයෙකු කටුනායක , වලානගොඩ නේවාසිකාගාරයක සිටියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු විසින් " හොන්ඩා ඩියෝ " වර්ගයේ යතුරු පැදි පමණක් සොරකම් කිරීම විශේෂත්වයක් බව පොලීසිය පවසයි .
ඔහු කුරුණෑගල , පොතුහැර , වරකාපොල , පොල්ගහවෙල , නිට්ටඹුව වැලිවේරිය , වේයන්ගොඩ , පෑලියගොඩ සහ ජා - ඇල යන ප්‍රදේශ වල අනාරක්ෂිතව නවතා ඇති " හොන්ඩා ඩියෝ " වර්ගයේ යතුරු පැදි පමණක් තෝරා ගෙන සොරකම් කර තිබේ .
මෙසේ සොරා ගන්නා ලද යතුරු පැදි නිට්ටඹුව , පස්යාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට , එක යතුරු පැදියක් රුපියල් 20, 000 ක් වැනි මිළකට අලෙවි කර ඇති බව ද පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි , කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සහ කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරක , උප පොලිස් පරීක්ෂක මාරසිංහ පොලිස් සැරයන්වරුන් වන 37371 සුනිල් , 13860 සූරියබණ්ඩාර යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .
කටුනායක පොලීසිය මගින් අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා සහ ඔහු විසින් සොරකම් කරන ලද යතුරු පැදි අද(20) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යතුරුපැදි සොරා කටුනායකදී මාට්ටු