(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් රුපියල් ලක්ෂ දා හතක් වටිනා මුදල් හා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු කොට්ටාව පොලිසිය මගින් අද (27) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මොහු 57 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සළකින් සස්ටජන් , අධික මිල ගණන් යටතේ අලෙවි වන විටමින් වර්ග සහ ආලේපන වර්ග තොගයක් මෙසේ සොරා ගෙන තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොට්ටාව නගර මධ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සන්තකයේ තිබී 274000.00 මුදලක් හා ලක්ෂ තුන හමාරක් වටිනා භාණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය කියයි.
මොහු කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් 36 බිද කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධින් රැසක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 15 බන්ධනාගාරගතව සිට නිදහස්ව ආ අයෙකු බවත් 2006 වසරේදී වත්තල ප්‍රදේශයේ දුම්වැටි ඒජන්සියකින් දුම්වැටි සොරා ගැනීමට ගිය අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියාට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හා 2021.දෙසැම්බර් මාසයේදී සිය අනියම් බිරිඳ තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ අයකු බවටත් අඹන්පොළ , පින්දෙණිය ,හා මහරගම යන පොලිස් වසම්වල වූ සොරකම් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි
සැකකරු වසර 15 ක සිර දඬුවම් විඳ නිදහස්ව පැමිණ ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේදී බවද පොලිසිය කියයි.
සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය . කොට්ටාව පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඔසු සැලක් බිඳ මුදල් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට