(සුමිත් පොතුපිටිය )
සේවය නිමවා නිවසට යමින් සිටී නාගොඩ මහ රෝහලේ සෞඛ්‍ය සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී භාරදුන් බව තෙබුවන පොලීසිය පවසයි.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නෑබඩ, පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
33 හැවිරිදි සෞඛ්‍ය සේවිකාව දෙදරු මවක් බවත් , ඇය නාගොඩ සිට බසයෙන් පැමිණ රාත්‍රි 7 .15 ට පමණ පාගමනින් යමින් සිටියදී මුදල් ලබාදී ඔහු සමග යාමට පැමිණෙන ලෙස පවසමින් අතින් ඇද ඇති බවට පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය කියයි .
වින්දිත කාන්තාව බිය වී කෑ ගැසීමත් සමගින් ප්‍රදේශවාසීන් එක්ව සැකකරු අල්ලා පහරදී පොලිසියට භාරදුන් බව සඳහන් වේ.
ප්‍රදේශවාසීන් කල පහරදීම් වලින් සැකකරුගේ මුහුනේ සහ ශරීරයේ ස්ථාන කිහිපයක තැලීම් සහ සීරීම් තුවාල සිදුව ඇතැයිද පොලිසිය කියයි .
සැකකරු සමඟින් තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් පැමිණි බවට අනාවරණය වී ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි .
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෞඛ්‍ය සේවිකාවට අතවරකිරීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට