( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
සිරාට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි කැලෑවක් තුළට ගිය පුද්ගලයෙකු කිසියම් පිපිරීමටකට හසුව බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බවටද පොලීසිය පැවසීය.
මිය ගොස් ඇත්තේ නට්ටාන්කණ්ඩල් උලවනේරි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ධර්මලිංගම් ඉලංකෝ නැමති අයෙකි.
මෙම පුද්ගලයා කැලෑවට ගිය හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක්ද යන්න පිළිබඳව සෙවීමේ පරික්ෂණ කටයුතු අද (10) සිදුකරන බව නාට්ටාන්කණ්ඩල් පොලීසිය පැවසීය.
මරණය සම්බන්ධයෙන් නට්ටාන්කණ්ඩල් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුලතිව් කැලෑවක වූ පිපිරීමකින් අයෙක් මරුට