(සිතුම් චතුරංග)
ජනතාව පීඩාවටපත්කරමින් ගෙන යන ආණ්ඩු පාලනය නවතා දමා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයින් වවුනියාව නගරයේ ඊයේ (31) විරෝධතාවක නිරත වූහ.
රාජපක්ෂ සහෝදරවරුන් විසින් ශ්‍රී ලංකාව ණය උගුලක පටලවමින් විදෙස් රටවලට මෙරට භූමිය විකුණා දමන බවත් එම හේතුවෙන් මෙරට නිශ්පාදනය නැවතීමේ අවධානමක් මතුව ඇති බවත් විරෝධතාකරුවන් පැවසීය.
ජාතික ධනය නාස්ති කරමින් රට පාලනය කිරීම හේතුවෙන් මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු භාණ්ඩ සපුරා ගැනීමට නොහැකිවී ඇති බවත් මෙම හේතුවෙන් ජනතාව සියදිවි නසාගන්නා තත්වයක් මතුව ඇති බවද සඳහන් කළේය.
විරෝධතාකරුවන් ගෑස් , විදුලි පේනු , ඉන්ධන , කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන නගරයේ ගමන් කිරීම විරෝධතාවය දැක්විය.
විරෝධතාවය සඳහා මාක්ස්වාදී ලෙනින් පක්ෂයේ ක්‍රියාකාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිවිල් සංවිධාන නියෝජිතයෝ පාරට බසිති