(රේඛා තරංගනී ෆොන්සේකා )
වැලිකඩ පොලිස් ස්ථානාධිපති එපා යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කසල ඉවත් කරන සේවකයින් අද (5) වැලිකඩ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ඇතුල් කෝට්ටේ අලකේශ්වර පාරේදී ඊයේ (4) කසල ඉවත් කරන සේවකයෙකුට මහමග ගමන්ගත් ප්‍රභූයැයි පැවසෙන පුද්ලයෙකු සිදුකළ පහරදීමක් ගැන විධිමත් පරික්ෂණයක් නොපැවැත්වීම හේතුවෙන් මෙම විරෝධතාව ඇරඹු බව උද්ඝෝෂකයෝ කීහ.
කසල ඇදීමේ සේවාවෙන් එම සේවකයින් සියලුදෙනාම ඉවත්වී ඇති අතර ශ්‍රි ජවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ සිට වැලිකඩ පොලිසිය දක්වා පා ගමනින් පැමිණි උද්ඝෝෂකයෝ එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වී සිටිති.
මේ පිළිබඳව අප ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය පරිපාලක මුතුගලගේ දොන් විශ්වන්ත උදයසිරි මහතාගෙන් විමසා මසා සිටි අතර ඒ මහතා පැවසූයේ පහරකෑමට ලක්වූ සේවකයා ඊයේ රාත්‍රියේ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකළ බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක්