IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගාලු කුමාරිට පානදුරේදී අයෙක් බිලි

(සුමිත් ප්‍රේමතිලක)

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගාලුකුමාරි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා පානදුර අගමැති බාලිකා විදුහල ආසන්නයේ දී ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇත .

පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙන් හඳුනාගෙන නොමැති බවත් ඔහු වයස අවුරුදු 60 ත් 70 ත් අතර පසුවන අයෙකු බව පොලිසිය සැක පලකරයි.

තද නිල් පැහැති අත්දිග කමිසයක් සහ අළු පැහැති ත්‍රී ක්වාටර් කලිසමකින් සැරසී සිටි පුද්ගලයා දුඹුරු පැහැති මේස් සහිතව කැන්වස් යුවලක් පැළැඳ සිට ඇත අතර ඔහුව හදුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති .



අදහස් (0)

ගාලු කුමාරිට පානදුරේදී අයෙක් බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13197 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site