
(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)
මහ කන්නයට පෙර පොහොර ප්‍රශ්නය විසඳන්නැයි ද කෘෂි වන්දි ගෙවීමට චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි ද කියමින් ගොවීහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (21)පෙරවරුවේ උද්ඝෝෂණයක් කළහ.
බත්තරමුල්ලේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශයට විරෝධතා පෙළපාළියකින් පැමිණි ඔවුහු ගොවීන්ගේ ප්‍රශ්න වලට වහා විසඳුම් දෙන ලෙස කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.
"සියලු ගොවීන්ට වන්දි දියව්" "භූගත ජලයට මීටර එපා" "සමාගම් ග්‍රහණයෙන් ගොවියා නිදහස් කරනු" "කුණුගොඩවල් එපා. ප්‍රමිතියෙන් යුතු පොහොර දියව්!"කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සහන ලබා දෙනු"කෘෂිකර්මයේ තීන්දු තීරණ ගැනීමේදී කෘෂි විශේෂඥයන්ගේ හා ගොවීන්ගේ ජාතික සභාවක් පිහිටවනු" "අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුම් ලබාදෙනු" ආදී ඉල්ලීම් රැගත් පුවරු රැගෙන ගොවීහු මෙම උද්ඝෝෂණය කළහ.
ගොවි ජාතික සමුළුව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණි ගොවීන් පැවසූයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවයි.
පැයක පමණ කාලයකින් පසුව ගොවීන් විසි දෙනකුට පමණ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුයේ පැයකට ආසන්න කාලයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ ගොවීන් අතර සාකච්ඡාව පැවති බවයි.
පොහොර ප්‍රශ්නය ඇතුළු ගොවීන්ට ඇති ගැටලු මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති අතර ගොවි ගැටලු සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පොරොන්දු වූ බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.
කෘෂි ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මෙහි දී කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ට දැනුම් දුන් බව කී අමාත්‍යංශ ප්‍රකාශකයා ගොවීන් සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව ද සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෘෂී අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්