ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘත කරයි මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද (17) තව දුරටත් විවෘත කර තැබීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි. 17 August 2018
මාර්ගය අයිනේ නවතා තිබු මෝටර් රියක් හදිසියේ ගිනිගනී යාපනය, අරසඩි ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නවතා තිබු කාර් රථයක් ඊයේ (16) රාත්‍රියේ හදීසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට යාපනය පොලීසිය පවසයි. 17 August 2018
විසා නැතිව සිටි ඉන්දියානුවෙක් අත්අඩංගුවට වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයකු කිතුලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි. 17 August 2018
දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදහන් හලාවත දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණ පිරිසක් අතර සිටි එක් තරුණයෙකු අද (16) දැදුරුඔයේ ගිලි අතුරුදහන්ව ඇති බව හලාවත පොලිසිය කියයි. 16 August 2018
අඩපණවූ සූර්ය බලශක්ති පද්ධතිය ගැන විදුලිබල ඇමැති වාර්තාවක් ඉල්ලයි විසිපස් වසරක වගකීම් සහතිකයක් යටතේ මිලටගත් සූර්ය බලශක්ති පද්ධතියක් මාස 06ක් ගතවීමටත් ප්‍රථමයෙන් අඩපණ වීම පිලිබඳව සඳහන් කරමින් පසුගිය අඟහරුවාදා (14) ලංකාදීප පුවත්පතේ පළවූ කතුවැකියක් පළවිය. 16 August 2018
ඉපලෝගම නිවසකින් මියගිය හිමිනමකගේ දේහයක් හමුවෙයි මියගිය තරුණ හිමිනමකගේ දේහයක් ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේ නිවසක වහලයේ එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව ඉපලෝගම පොලිසියේ පැවැසීය. 16 August 2018
කේරළ ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට පුත්තලම හා ඒ අවට ප්‍රදේශයට අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි. 16 August 2018
සැමියාගේ තර්ජන ඉවසාගත නොහැකිව බිරිඳ ත්‍රිරෝද රියෙන් පැන පොලිසියට යයි රූපලාවන්‍ය ශිල්පිනියකුගේ සැමියා සිය බිරිඳට මරණීය තර්ජන කරමින් තී‍්‍ර රෝද රථයකින් රැගෙන යමින් සිටියදී ධාවනය වෙමින් පැවති රියෙන් බිමට පැනගත් ඇය පොලිසියේ පිහිට පතා ගිය පුවතක් වාර්තා වේ. 16 August 2018
පොළොන්නරුවට නව දිසාපතිවරයෙක් පොලොන්නරුව නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (16) සිය තනතුරේ වැඩ බාර ගත්තේය. 16 August 2018
කවුඩුල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි කවුඩුල්ල ජාතික උද්‍යාන මායිම්ව පිහිටි රත්මලේ රක්ෂිතයේ පාඑවැව ප්‍රදේශයේ (16) පස්වරු දෙකට පමණ ගින්නක් හටගත් බවත් එම ගින්නෙන් පාඑවැව ප්‍රදේශයේ අක්කර 20ක් පමණ විනාශ වු බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 16 August 2018
ඇඹිලිපිටි දිසා මහ රෝහලේ සියලු වැඩ අඩාලයි ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (16) අසනීප නිවාඩු දැමීම හේතුවෙන් රෝහලේ සියලූ කාර්යයන් අඩාල වී ඇතැයි ද ඉතාම අත්‍යවශ්‍ය කටයුතු පමණක් පවත්වාගෙන යන බව ද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය. 16 August 2018
විදුලි විසන්ධි වීම් නිසා දික්ඔය මුලික රෝහලේ සැත්කම් නවතී දික්ඔය මුලික රෝහලේ විදුලිය වරින් වර විසන්ධි විම නිසා දෛනික සිදු කරන ශල්‍යකර්ම කිහිපයක් අවලංගු කිරිමට සිදු වු බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තිලිණ විජේසිංහ මහතා පැවසිය. 16 August 2018
නොර්වුඩ් ප්‍රා.සභා මන්ත්‍රීවරු විරෝධතාවයක නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (16) විරෝධතාවයක් පැවැත්විණි. 16 August 2018
පිහි ඇනුමට සම්බන්ධ තවත් කාන්තාවක් රෝහලේ මීගහකිවුල නගරයේ දී කාන්තාවකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ බවට සැකකරන අනෙක් කාන්තාව ද අතකට සිදුව ඇති තුවාලයක් හේතුවෙන් රිදීමාලියද්ද රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගන්නා අතර ඇය අද (16) දිනයේදී සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව කන්දකැටිය පොලීසිය පවසයි. 16 August 2018
දුර ගමන් සේවා සඳහා දකුණු පළාතෙන් බස් 14 ක් දකුණු පළාතෙන් අතිරේක බස් රථ 14ක් දුර ගමන් සේවා සදහා යොදවා ඇති බව ලංගම ඩිපෝවේ දකුණු පළාත් කාර්යාලයේ ප්‍රදේශිය ධාවන කළමණාකරු ප්‍රදිප් චන්දන මහතා පැවසිය. 16 August 2018
ගාණිකා නිවාසයක් වටලා සිව් දෙනෙක් අත්අඩංගුවට ගොඩවාය දෙහිගහලන්ද ප්‍රදේශයේදී නවාතැන් පොළක මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි. 16 August 2018
යාපනයට හමා ගිය සුළඟින් නිවාස 25 කට හානි යාපනය ප්‍රදේශයේ හමා ගිය තද සුළඟකින් නිවාස 25කට හානි සිදුවීම හේතුවෙන් පවුල් 26කට අයත් පුද්ගලයන් 99 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි යාපනය ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 16 August 2018
ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයකුගෙන් තැලසීමියා රෝගීන්ට ඖෂධ පරිත්‍යාගයක් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ප්‍රමිතියෙන් ඉතාමත් ඉහළ ප්‍රංශයේ නිෂ්පාදිත බෙහෙත් තොගයක් ප්රදානය කිරිම තැලසීමියා කවයේ සභාපති නිමල් ප්‍රේමරත්න, සම සංවිධානයේ ලේකම් ජයන්ත බාලසූරිය සහ මුහුණු පොතේ ‘වෙනස’ voc සාමාජිකා දමයන්ති ජයසිංහ කතිපාරච්චි යන මහත්ම මහත්මීහු රෝගී දරුවන්ගේ දෙමාපියන් වෙත බාර දුන්හ. 16 August 2018
ඉතාලියේ වැවක දිය නාමින් සිටි ලාංකිකයෙක් ගිලී මරුට ඉතාලියේ ලෙක්කෝ පළාතේ වැවක දිය නාමින් සිටි ලාංකික දෙදරු පියෙක් ගිලි මියගොස් ඇති බව ඉතාලි ආරංචි මාර්ග පවසයි . 16 August 2018
යාපන නල්ලූර් වාර්ෂික මංගල්‍යය අදින් ඇරඹේ ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ පවත්වනු ලබන වාර්ෂික දේව මෙහෙයන් අදින් (16) ආරම්භ වී මේ මස 25 වැනිදා දක්වා පැවත්වෙන බවට නල්ලූර් කොවිලේ ප්‍රධාන පූජක පරමාචාර්ය ස්වාමි නල්ලෙයි ආදීනතුමා පවසයි. 16 August 2018
මුහුදු ගමන් නැවතීමෙන් ඩෙල්ෆ් දූපතට ප්‍රශ්න පත්‍ර ගුවනින් යාපනය දිස්ත්‍රික්කයට හැමූ සුළි සුළං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතරම මුහුදු රලුවීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා ඩෙල්ෆ් දූපතට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යාමට සිදුව ඇත. 16 August 2018
‘පුත්තලම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කළත් තාම වැඩ නෑ’ “මදුරන්කුලිය සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය” විවෘත කර වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් එය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මේ වන විට අතහැර දමා ඇති ආකාරයක් දක්නට ඇත. 16 August 2018
යුද හමුදා ට්‍රක් රථයට යටවී අයෙක් මරුට කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ දී යුද හමුදා ට්‍රක් රථයකට යටවී පුද්ගලයකු මිය ගිය බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 16 August 2018
වැලිමඩදී ලංගම බස් රථයකට යටවී කතක් මරුට වැලිමඩ බස් නැවතුම්පළ භූමියේදී අද (15) කාන්තාවක් ලංගම බස් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි වැලිමඩ පොලීසිය කියයි. 15 August 2018
බණ්ඩාරගම සම්බන්ධීකරණ කමිටුව මාස 10කින් කැඳවා නෑ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුව මාස 10ක පමණ කාලයකින් රැස් කිරීමට එම සභහපතිවරුන් අපොහොසත් වී ඇතැයි පවසමින් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාවයක යෙදුනහ. 15 August 2018
පිහි ඇනුමකින් තුවාල ලැබු කත රෝහලේ කාන්තාවක් විසින් පිහියකින් ඇන බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අද (15) සවස මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 15 August 2018
උහන අනතුරකින් යතුරු පැදිකරු මරුට අම්පාර උහන සමන බැද්ද පිරිවෙණට ආසන්නයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ලයිට් කණුවක ගැටීම නිසා යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා මියගොස් ඇතැයි උහන පොලිසිය කියයි. 15 August 2018
මිල්ලණියේ නිවසේ වැටී සිටි කත රෝහලට මිල්ලණිය නිවසක් පිටුපස වෙන්ව පිහිටා තිබෙන කාමරයක් තුළ හිසෙහි බරපතල තුවාල සහිතව ලේ විලක් මැද වැටී සිටි ගෙහිමි කාන්තාව අද (15) රෝහල් ගත කළ බව මිල්ලණිය පොලිසිය පවසයි. 15 August 2018
වවුනියාවේ ළිඳකින් මළ සිරුරු දෙකක් වවුනියාව කූමාන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබූ ළිඳකින් මවකගේ සහ සිව් හැවිරිදි බිළිඳකුගේ මළ සිරුරු අද (15) හමුවූ බව වවුනියාව පොලීසිය පවසයි. 15 August 2018
කල්පිටි අර්ධද්වීපයට පානීය ජලය කල්පිටිය දළුව ශ්‍රී සුමනාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද ජල පෙරණ පද්ධතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් සිල්වා මහතා අතින් විවෘත කෙරිණි. 15 August 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026