IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිහි ඇනුමට සම්බන්ධ තවත් කාන්තාවක් රෝහලේ


 
 
නිශාන්ත කුමාර
 
මීගහකිවුල නගරයේ දී  කාන්තාවකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ බවට සැකකරන අනෙක් කාන්තාව ද අතකට සිදුව ඇති තුවාලයක් හේතුවෙන් රිදීමාලියද්ද රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගන්නා අතර ඇය අද (16) දිනයේදී සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව කන්දකැටිය පොලීසිය පවසයි.


මීගහකිවුල මොරහෙල හන්දිය අසලදී මුදල් ආරවුලක් මත කාන්තාවන් දෙදෙනෙකු අතර මෙම ගැටුම හටගත් අතර එක් කාන්තාවක් විසින් පිහියකින් ඇනීමෙන් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය .


කෙසේ වෙතත් සිද්ධියෙන් පසුව සැකකාර කාන්තාවද පොලීසියේ පැමිණිල්ලක් දමා ඇගේ අතකට සිදුව ඇතැයි කියන තුවාලයක් හේතුවෙන්  ඌරණීය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇත.
 



අදහස් (0)

පිහි ඇනුමට සම්බන්ධ තවත් කාන්තාවක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site