IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වවුනියාවේ ළිඳකින් මළ සිරුරු දෙකක්

 

 

රොමේෂ් මධුෂංඛ

 

වවුනියාව කූමාන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබූ ළිඳකින් මවකගේ සහ සිව් හැවිරිදි බිළිඳකුගේ මළ සිරුරු අද (15) හමුවූ බව වවුනියාව පොලීසිය පවසයි.

අද උදෑසන නිවසේ ස්වාමිපුරුෂයා රැකියාව සඳහා නිවසෙන් බැහැරව ගොස් ඇති අතර පසුව අසල්වැසි කාන්තාවක් විසින් නිවසේ කිසිවෙකුගේ ශබ්දයක් නොමැති කමින් පරික්ෂා කිරීමේදී අසල පිහිටි ළිඳේ මළ සිරුරු දෙකක් දැක එම අවස්ථාවේදී වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

වව්නියාව පොලීසිය විසින් අදාළ ස්ථානයට පැමිණ සිදු කරන  ලද පරික්ෂණ වලදී හෙළි වී ඇත්තේ අදාළ නිවසේ පදිංචිව සිටි 33 හැවිරිදි මයුරන් රාජිනි නැමති මව සහ අවුරුදු 4 ක් වයසැති මයුරන් සස්වින් නැමති අය මිය ගොස් ඇති බවයි.

මිය ගොස් ඇති අය සියදිවි හානි කර ගෙන ඇත්තේද නැති නම් ඝාතනය කර ඇත්තේද යන්න පිළිබඳව මේ වන විට වවුනියාව පොලීසිය පරික්ෂණ සිදු කරන අතර මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයක් සඳහා වවුනියාව මහරෝලේ තැන්පත් කර ඇති බවයි.



අදහස් (0)

වවුනියාවේ ළිඳකින් මළ සිරුරු දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site