(එච්. චන්දන )
පුත්තලම හා ඒ අවට ප්‍රදේශයට අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.
මුන්දලම පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව දින ගණනාවක් කළ නිරීක්ෂණ කිරීමකදී මදුරන්කුලිය කනමූල් මාර්ගයේ සිවිල් ඇදුමින් මග රැකවල්ලා සිටි පොලිස් නිළධාරින්ට යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම කේරල ගංජා කිලෝ 8 යි ග්‍රෑම් 500 සමඟ පියා සහ පුතා මෙලෙස අත් අඩංගුවට පත්වී තිබේ.
මෙහිදී විවිධ පරිමාණයෙන් කේරල ගංජා පාර්සල් 04 ක් පොහොර උරයක සගවාගෙන රැගෙන යන අවස්ථාවේ මෙලෙස අත් අඩංගුවට පත්වී ඇති බවත් ල දකුණු ඉන්දියාවේ සිට හොර රහසේ රැගෙන විත් මුහුදු මාර්ගයේ ඔස්සේ රහසිගතව මෙම සැකකරුවන් අතට පත්වී ඇති බවත් ප්‍රදේශය පුරා බෙදා හැරීමට පොල් වත්තක සැඟවීමට යන අතර තුර මෙලෙස අත් අඩංගුවට පත්වී තිබේ.
මෙම ගංජා පැකට් ඉතා කුඩා ග්‍රෑම් 01 පැකට්ටුවක් රැපියල් 300කට අලෙවි කර ඇති බවත් මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම ලක්ෂ 10 ආසන්න බව පොලීසිය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කේරළ ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට