රංජිත් රාජපක්ෂ
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (16) විරෝධතාවයක් පැවැත්විණි.
එම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද පැවැත්වෙන බවට එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් මීට දින කිහිපයකට පෙර ලිඛිතව කළ දැනුම් දීමක් මත අද එම ප්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී විමට පැමිණි අවස්ථාවේ අද සභා රැස්විම නොපැවැත්වෙන බව එම සභාවේ සේවකයින් විසින් තමන්ට දැනුම් දුන් බව විරෝධතාවයේ නියැලි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පවසති.
තමන්ගේ දෛනික වැඩ කටයුතු පවා අතපසු කරමින් අද (16) සභාවට පැමිණි බවත් , සභා රැස්විම නොපැවැත්වෙන බවට තමන්ට ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා කිසිදු දැනුම් දීමක් සිදු නොකළ බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියි.
විපක්ෂයේ විරෝධතාවය සම්බන්ධයෙන් අප එම ප්‍රාදේශීය සභාවේ සභාපති කුලන්දවේල් රවී මහතාගෙන් අපකළ විමසුමකට ඔහු පවසා සිටියේ මධ්‍යම කඳුකරයේ පවතින දැඩි කාලගුණ තත්ත්වය හේතුනේ නොර්වුඩ් ප්‍රාදේශීය සභා බල සීමාවේ ආපදා රැසක් සිදු වී ඇත.
එම ආපදාවන් හේතුවෙන් සභාවේ විදුලිය ද විසන්ධි වී ඇති නිසා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට දුරකථනය මගින් සහ කෙටි පණිවිඩ මගින් දැනුම් දී සභා රැස්වීම කල් තැබු බවයි.
සභාවාරය නොපැවැත්වුණ ද අද සභා කර්යයාලය වෙත පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවට පැමිණිමේදී මන්ත්‍රිවරුන් වෙත ලබාදෙන දිමනාව ඉල්ලා සිටි බවද ප්‍රාදේශීය සභා සභාපතිවරයා කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නොර්වුඩ් ප්‍රා.සභා මන්ත්‍රීවරු විරෝධතාවයක