බලපත් නොමැතිව තේක්ක ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට කහටගස්දිගිලිය දෙමටවැව කුඹුගොල්ලෑව හන්දිය ආසන්නයේදී බලපත්‍ර නොමැතිව තේක්ක ඉරූ කඳන් 150 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීහු සමත් වුහ. 20 August 2018
බළශක්ති කළමනාකරණය ගැන සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් බළශක්ති කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. 20 August 2018
හොරෙන් ගව ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි බලපත්‍ර නොමැතිව ගවයින් හය දෙනෙකු හිංසාකාරි අයුරින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ සැකකරුවකු අද (20) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 20 August 2018
ගිලෙන්න ගිය තරුණයා දියෙන් ගොඩ ගත්තත් රිය අනතුරෙන් මරුට දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්වයට පත්වු 17 හැවිරිදි තරුණයකු රෝහලට ගෙන යමින් සිටියදී ඔහු රෝහලට රැගෙන ගිය ත්‍රීරෝද රථය පෙරැලී සිදුවු අනතුරින් දියේ ගිලුණු පුද්ගලයා මිය ගොස් රියදුරා ද තුවාල ලැබු බව ගලෙන්බිඳුණූවැව පොලිසිය කියයි. 20 August 2018
පේරාදෙණියේ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාර්ගයේ අල්විස් වටරවුම අසල දී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනකු එහි දිය පොකුණේ ගැටී අද (20) අලුයම මිය ගිය බව පේරාදෙණිය පොලිසිය පවසයි. 20 August 2018
හදිසි අනතුරකින් නාපෝලියේදී ලාංකිකයෙක් මියයි ඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ්‍රි ලාංකිකයෙක් හදිසි අනතුරකින් මියගොස් ඇති බව එරට ආරංචි මාර්ග පවසයි . 20 August 2018
ස්ටැඩන් වත්තේ සාමාජිකයන් 54 ක් ආරක්ෂිත ස්ථානවලට හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතු යායේ තේ වත්තේ කොටසක් නායයාමේ භූ ලක්ෂණ මතු වු නිසා එම වතු යායේ පදිංචි පවුල් 23 ක සාමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව හැටන් පොලිසිය කියයි. 20 August 2018
තලංගම -මාලඹේ-අඹතලේ-ඇවරියහේන වැසි ජලය කැලණි ගඟට ඉදිරි මාස 21 කින් පසු තලංගම ,මාලඹේ, අඹතලේ සහ ඇවරියහේන යන ප්‍රදේශ වල වැසි ජලය එක් රැස් වීමේ ප්රශ්නය නිමාවට පත් කෙරෙන ව්‍යාපෘතියකට අත්සන් තබා තිබේ. 19 August 2018
මුහුණු පොතෙන් තරුණියන් රැවටූ දන්ත වෛද්‍යවරයා අත්අඩංගුවට ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් රවටා ඇසුරු කළැයි කියන පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයකු පේරාදෙණිය පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගනු ලැබීය. 19 August 2018
ගම්පහ-මීගමුව-කැලණිය මත් ද්‍රව්‍ය මැඩලීමට අංකයක් නීති මත්ද්‍රවය මැඩලීම සදහා ජනතාවගේ සහය ලබා ගැනීමෙන් අරමුණින් ගම්පහ, මීගමුව, කැලණිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ජනතාවට තොරතුරු ලබා දිය හැකි ‘‘කෙලින්ම කියන්න’’ ව්‍යාපෘතියේ හදිසි ඇමැතුම් අංක තුනක් අද (19) සිට හඳුන්වා දීමේ ඇත. 19 August 2018
න’හිර ජනසන්නිවේදන පීඨය හෙට අරඹයි නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ත්‍රිකුණාමලයේ පිහිටි මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබු ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ අධ්‍යයන කටයුතු හෙට (20) හා (21) දෙදන තුළදී අවස්ථා දෙකකදී ආරම්භ කිරිමට විධි විධාන යොදා තිබේ. 19 August 2018
මුලතිව්හි ළිඳකින් මහළු කාන්තාවකගේ මළ සිරුරක් මුලතිව් පුදුකුඩිඉරිප්පු කෝම්බාවිල් ප්‍රදේශයේ ළිඳක තිබී මහළු කාන්තාවගේ මළ සිරුරක් සොයා ගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 19 August 2018
ගෙළ බැදි රන් මාලය සොරාගත් යතුරුපැදි කරු අල්ලයි මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලය යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඩා මාතලේ දෙසට ගමන් කරමින් සිටියදී එම මාර්ග හරස් කර එම සැකකරුවන් දෙදෙනා සමඟ රන් මාලය අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි. 19 August 2018
දඹුල්ල- බකමූණ ප්‍රධාන මාර්ගයේ ඇති බුද්ධ ප්‍රතිමාවක්-පිං පෙට්ටියක් කඩා විනාශ කරලා දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ රිදී ඇල්ල රක්ෂිතය අසන්නේ වසර ගණනාවක් සිට එහි ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් පඬුරු දමන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පිංපෙට්ටිය සිව්වන වතාවටත් කිසියම් පිරිසක් කඩා විනාශ කර දමා ඇතැයි එහි විහාරාධිකාරී ස්වාමින් වහන්සේ දඹුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. 19 August 2018
නැ‘හිර කුලී වෑන් රථ නියාමනය පළාත් මාර්ගස්ථ අධිකාරියට නැගෙනහිර පලාතේ ධාවනය වන කුලී වෑන් රථ නියාමනය කිරිම සිය අධිකාරිය යටතට පවරා ගත් බව පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය කියයි. 19 August 2018
යාපනයේ පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කරයි යාපනය කරේනගර් ප්‍රදේශයේ පදංචි 54 හැවිරිදි පුද්ගලයකුට අතින් පයින් හා හෙල්මට්වලින් පහරදී මරා දමා ඇතැයි කයිට්ස් පොලිසිය පවසයි. 19 August 2018
ශිෂ්‍යත්වයේ දී සිසුවියනට බාධා කළ නිරික්ෂකයන් ගැන පරික්ෂණයක් කින්නියා අධ්‍යාපන කලාපයට අයත් මොල්ලිපොතාන මධ්‍ය මහා විද්‍යාලයීය විභාග ශාලාවේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසකට විභාග අවස්ථාවේදී පිළිතුරු ලිවිමට බාධා කළැයි කියන විභාග නිරික්ෂකයන් පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 19 August 2018
ගෝනමස් කිලෝ 26 සමඟ දෙන්නෙක් අත්අඩංගුවට වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ගෝන මස් කිලෝ 26 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් දූෂණ මර්ධන ඒකකය පවසයි. 19 August 2018
උතුරුමැද හෙද හෙදියෝ 21 වැනි දා ලෙඩවීමට තීරණය කරති උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කවල රෝහල් හි සේවය කරන හෙද කාර්ය මණ්ඩල ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන අඟහරුවාදා (21) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. 19 August 2018
මෙහෙකාර සේවය ඇවිත් ස්වර්ණාභරණ සොරකම් කළ කතක් අත්අඩංගුවට මෙහෙකාර සේවයට පැමිණ එම නිවසේ තිබූ රුපියල් 10,95,000 ක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කර ගෙන ගිය බව කියන කාන්තාවක්ව ආරච්චිකට්ටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 August 2018
දිස්ත්‍රික් ලේකම්ගේ නිවසින් රන් අබරණ කොල්ල කෑ සිව් දෙනෙකු අල්ලයි කලුතර දිස්ත්‍රික් ලේකම්ගේ නිවස ඇතුළු නිවාස ගණනාවකින් මුදල් හා රන් අබරණ සොරා ගැනීම හා මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ට උල් පිහියක් පෙන්වා ගෙල බැදි රන්මාල කොල්ලකෑමේ යෙදුණූ පුද්ගලයකු හා ඔහුට ආධාර අනුබල දුන් බව කියන එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 19 August 2018
විදුලි සැර වැදී මිය ගිය දෙදරු පියාගේ මරණයට දෙන්නෙක් අත්අඩංගුවට පිටබැද්දර සියඹලාගොඩ ප්‍රදේශයේ කුඹුරක ඌරන් මැරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී දෙදරු පියෙකු මියගිය පසු ඔහුගේ සිරුර කිලෝ මීටර් භාගයක දුරක් ඔසවා ගෙන ගොස් කිඹුලන්ට කෑම සදහා ඌරුබොකු ආරට විසි කර දමන ලද බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටබැද්දර පොලීසිය පවසයි. 19 August 2018
ආණමඩුව හෝටලයකට මැර ප්‍රහාරයක් ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හෝටලයකට කඩා වැදී මැර පිරිසක් ඊයේ (18) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි. 19 August 2018
දළදා පෙරහරට යන රාජ අද කෑගල්ල පසුකරයි. මහනුවර ශ්‍රී දළදා පෙරහරේ දළදා කරඬුව වැඩම කරවීමට යන නැඳුන්ගමුව රාජා ඇතා අද කෑගල්ල නගරය පසුකළේය. 18 August 2018
පැසිෆික් ඒන්ජල් වෙතින් සමාජ සත්කාර මානුෂීය අවශ්‍යතාවලදී කඩිනමින් සභාග ප්‍රතිචාර දැක්වීම් උදෙසා ‘පැසිෆිල් ඒන්ජල්’ තුළින් සහයෝගීතා මාදිලි ගොඩනැගෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද වැඩබලන තානාපති රොබට් හිල්ටන් මහතා අද (17) පැවැසීය. 17 August 2018
නිධානයක් ගැනීමට ගිය 4ක් පොලිස් දැලේ පුලස්තිගම කිරිමැටිය වැව අසල නිධානයක් ගැනීමට තැත්කළ සැකකරුවන් සිව් දෙනෙකු පුලස්තිගම පොලිසිය විසින් අද (17) අත්අඩංගුවට ගත් බව පුලස්තිගම පොලිසිය කියයි. 17 August 2018
දෙව්පුර ආදර්ශ ගම්මානය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කරයි එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ තුන්වන සංවත්සරය සමරමින් සියඹලාණ්ඩුව, කොටියාගල දෙව්පුදගම ආදර්ශ ගම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්රේ්රමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (17) විවෘත කෙරිණි. 17 August 2018
තිත්මුවකු මැරූ දෙදෙනෙක් අල්ලයි ආණමඩුව සියඹලාගස්වැව වෙම්බුවැව ප්‍රදේශයේ දී තිත් මුවකු මැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් නිළධාරින් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය. 17 August 2018
තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙක් මරුට මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ මාර්ගය හරහා දමා තිබූ අඹ අත්තක් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මාර්ගයේම පදිංචිකරුවන් දෙදෙනෙකු අතර අද (17) ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් එක් පුද්ගලයෙකු විසින් අනික් පුද්ගලයාට තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ එක් අයෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 17 August 2018
කාසල් රී ජලාශය වාන් දමයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇත. 17 August 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026