IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


විදුලි සැර වැදී මිය ගිය දෙදරු පියාගේ මරණයට දෙන්නෙක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

පිටබැද්දර සියඹලාගොඩ ප්‍රදේශයේ කුඹුරක ඌරන් මැරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී දෙදරු පියෙකු මියගිය පසු ඔහුගේ සිරුර කිලෝ මීටර් භාගයක දුරක් ඔසවා ගෙන ගොස් කිඹුලන්ට කෑම සදහා ඌරුබොකු ආරට විසි කර දමන ලද බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටබැද්දර පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව තිබුණේ පිටබැද්දර සියඹලාගොඩ නැගෙනහිර පදිංචිව සිටි කුඩාගේ පියසේන (58) නැමැති දෙදරු පියෙකි.

ඔහු ඉකුත් 13 වැනි උදෑසන සිට අතුරුදන්ව තිබු අතර පසුව ඔහුගේ සිරුර පසු දින සවස නිල්වලා ගඟේ අතු ගංගාවක් ඌරුබොකු ආරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබුණි.

කිලෝ මීටර් දෙකක් පමණ දුර ගග පහලට පාවෙමින් තිබු එම සිරුර ඒ වන විටත් කිඹුලන් විසින් කා දමා දැඩි ලෙස නරක් වී තිබු බව පොලීසිය කියයි.

මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා විසින් පවත්වා මෙය විදුලි සැර වැදීමෙන් සිදු වු මරණයක් බවට ප්‍රකාශ කළේය.

ඒ පිළිබදව අධිකරණ වෛද්‍ය විශේෂඥ අඹේපිටිය මහතා මෙසේද කීය.

“කිඹුලන් විසින් කා දමා නරක්ව ඇති මෙම සිරුරේ විදුලි සැර වැදී පිළිස්සුණු තුවාල කැලැල් කිහිපයක් තිබෙනවා.ඒ වගේම ඔහු ඇද සිටි කමිසයෙත් පිළිස්සුණු ලකුණු තිබෙනවා.විදුලි සැර වැදුණු ස්ථානයේ ගොයම් පැල පොඩි වීමෙන් ඔහු එතැන දගලපු බවක් පැහැදිලිව පෙනෙනවා.විදුලි සැර වැදී මිය ගිය පසු එම සිරුර ඔසවා ගෙන විත් කිඹුලන්ට කෑම සදහා ගගට විසි කර තිබෙන බව පෙනෙනවා.”

කෙසේ නමුදු මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල කුඹුරේ හිමිකරු හා එහි අදයට වැඩ කරන ගොවියෙකි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී බණ්ඩි ගොයම ආරක්ෂා කර ගැනීම සදහා කුඹුරට පැමිණෙන වල් ඌරන් මැරීම සඳහා ඇටවීමට යොදා ගත් විදුලි රැහැන් ද ගං ඉවුරට විසි කර තිබියදී පොලීසිය සොයා ගන්නා ලදි.

පිටබැද්දර සියඹලාගොඩ හා ඉහල අයිනගම පදිංචි සැකකරුවන් දෙදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරෙණි.

 



අදහස් (0)

විදුලි සැර වැදී මිය ගිය දෙදරු පියාගේ මරණයට දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site