සුජිත් හේවාජුලිගේ
යාපනය කරේනගර් ප්‍රදේශයේ පදංචි 54 හැවිරිදි පුද්ගලයකුට අතින් පයින් හා හෙල්මට්වලින් පහරදී මරා දමා ඇතැයි කයිට්ස් පොලිසිය පවසයි.
සිද්ධිය වී ඇත්තේ පෙරේදා (18) රාත්‍රී කයිට්ස් ප්‍ර දේශයේ දීය.
නඩරාජා දේවරාජා නැමැත්තෙක් සිද්ධියෙන් මෙලෙස මියගොස් තිබේ.
ලොරියකින් පැමිණි තිදෙනකු මෙම පහරදීම කර ඇති බවත් මේ වන විට හඳුනාගෙන ඇති එම තිදෙනා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බවත් කයිට්ස් පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙය ආවා කල්ලියේ වැඩක් දැයි සොයා බලන බවද ඔහු කීවේය. කයිට්ස් පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd